S.O.S. Survive or Sacrifice (2020) Sinhala Subtitle

October 31, 2020 Admin
Subtitle by Rasika Samanjith

                                     ජීවත් වෙනවද? ජීවිතේ පරිත්‍යාග කරනවද?
වායු බැලූනයක නැගලා මිහිතලයේ ලස්සන බලන්න තියෙනවනම් අකමැති වෙන කෙනෙක් නැතිවෙයි. ඒක ඒ තරම් පට්ට. ඒත් ඛේදවාචකයකින් අවසන් වුනු වායු බැලූන් චාරිකාවක් මූලික කරගෙන නිර්මාණය වුනු නවතම චිත්‍රපටයක් තමයි “S.O.S.Survive.Or.Sacrifice.” මීට දවස් දෙකකට කලින්, 2020 ඔක්තෝබර් 28 දින ඇමෙරිකාවේ මුලින්ම තිරගත වුනා. Adventure, Thriller ගණවලට අයිතියි. ධාවන කාලය විනාඩි 90 යි.

කේට් සහ ලිස් කියන්නෙ වෙන්වෙලා රටවල් දෙකක ජීවත්වෙන අක්කා නගෝ දෙන්නෙක්. වැඩිමල් කේට් ඇමෙරිකාවේ. ලිස් රුසියාවේ. මේ දෙන්නා මධ්‍යධරණි දූපතකට නිවාඩුවක් ගත කරන්න යනවා. දෙන්නා නිතරම රණ්ඩු. එයාලා නැවතුනු හෝටල් කාමරේ ලිස් නිදාගෙන ඉන්න අතරේ කේට් හෝටලේ නයිට් ක්ලබ් එකට යනවා. එහිදී එයා එක්ක හිතවත් වෙනවා හොරකම රැකියාව කරගත් තරුණියක්, මීරා. එයාලා නටන අතරේ කේට් ගෙ කාමරේ යතුර අරගෙන, මීරා එයාගෙ පෙම්වතා වන ජැක් ට දෙනවා. ජැක් තමයි මීරාව මෙහෙයවන්නෙ, කල්ලියේ නායකයා. කට්ටිය ඩාන්ස් කරන අතරේ ජැක් කේට්ගෙ කාමරයට යනවා. ඔය අතරේ ක්ලබ් එකේ හිටපු ඇන්ඩ්‍රියාස්ගේ ආරාධනාවක් අනුව වායු බැලූනයක නැගලා පොඩි ෆන් එකක් ගන්න කේට්, මීරා සහ නික් එයා එක්ක යනවා. මේ හතර දෙනාගෙ බැලූන් ගමන පටන් ගන්නකොට ආතල් වුනත් හදිසියේ ඒක මාරක ගමනක් බවට පත්වෙනවා. ඒ බැලූන් එක සුළඟට ගසාගෙන පාලනයකින් තොරව සාගරය දෙසට යාම නිසා. පස්සෙ බලනකොට ඇන්ඩ්‍රියාස් ගුවන් නියමුවෙක් නොවේ. ඒ ආයතනයේ සුලු සේවකයෙක්. තෙරක් නොපෙනෙන සාගර අහසේ මෙයාලව ඈතට ගසාගෙන යනවා. පෝන් සිග්නල් නැතුව යනවා. බැලූනයේ ගෑස් ඉවරවේගෙන යනවා. එහෙම වුනොත් කෙලින්ම මුහුදේ. ඒ මදිවට නික් අනතුරකට පත්වෙනවා. ඇන්ඩ්‍රියාස් තුවාල ලබනවා. ගොඩබිමක් තියෙන පැත්තක් හිතාගන්නවත් බැරි මධ්‍යධරණී මුහුද මැද මේ යාලුවන්ගේ ඉරණම කොහොම විසඳේවිද? හෝටල් කාමරයේ සිටි ලිස්ට මොකක් වෙලා ඇත්ද? ඒක තවත් කතාවක්. මොකද ඒ හෝටලයේ තව සේවිකාවකුත් මේ මගඩියට හවුල්. සංවිධානාත්මක කල්ලියක්.
                     Jeannine Kaspar කේට් ලෙසත්, Marianna Rosset මීරා ලෙසත්, Kseniya Pinch ලිස් ලෙසත්, සහ William Baldwin ජැක් ලෙසත් ප්‍රධාන චරිත වලට දායක වෙනවා. මුල සිට අග දක්වාම එක හුස්මට බලන්න පුලුවන් ත්‍රාසය, කුතුහලය සපිරි නිර්මාණයක්. ඒ වගේම චිත්‍රපටිය පුරාම පැතිරුනු ඇසට ප්‍රිය වර්ණයන්ගෙන් පිරුණු මනස්කාන්ත දර්ශන අපේ සිතට අමුතුම ආනන්දයක් ගෙන එන බවත් නොකියාම බෑ.       ජය වේවා.

WEBRip / 720p / 1080p

Available Torrents
720p web 797.8 MB
1080p web 1.6 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (1)
  • Rajitha Unregistered
    Windows 7 Chrome 86

    Thanks…..jayawewa….!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search