කතාව පටන් ගන්නේ ඇමසන් ගඟ අයිනේ තියෙන නීතිවිරෝධී පතල් කඳවුරකට යගුවරි ගෝත්‍රයේ අය කඩා වදින තැනින්. එයාලා පතල්කරුවන්ව එළවන්න හදද්දී, බොයිඋනා කියන යෝධ පුරාණ සර්පයා එළියට ඇවිත් ඒ අයට පහර දෙනවා. මේ අතරේ තවත් තැනකින් වෛද්‍ය කණ්ඩායමක් බෝට්ටුවකින් ගමේ මිනිස්සුන්ට ප්‍රතිකාර කරන්න යනවා. ලීනා, ඇලි, රාවුල්, කැලම් සහ මිගෙල් වගේ අය තමයි මේ කණ්ඩායමේ ඉන්නේ. ලීනා කියන්නේ බෝට්ටුවේ කාර්මික ශිල්පිනියක්. එයාගේ සහෝදරයා වන ජෝර්ජ් කලින් කැලේට ආපහු ඇවිත් ගමේ අයටයි පරිසරයටයි උදව් කරන්න පටන් අරන් තිබුණා.
ගමන අතරතුරේ එයාලට බ්‍රෙනන් මැලෝයි කියන කපටි ව්‍යාපාරිකයා සහ එයාගේ කණ්ඩායම මුණගැහෙනවා. එයාලා කරන්නේ නීතිවිරෝධී වැඩ. වෛද්‍ය කණ්ඩායම එයාලත් එක්ක පැටලෙන්නේ නැතුව ඉන්න හිතුවත් ප්‍රශ්න පටන් ගන්නවා. බ්‍රෙනන්ගේ මල්ලි වන ෂෝන් හොඳටම බීගෙන ඉඳලා ඇලිට කරදර කරන්න හදනවා. ඇලි ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒ වෙලාවේ ලීනා ඇවිත් ඇලිව බේරගන්න හදද්දී ෂෝන් ලීනාට ගහනවා. ලීනා ෂෝන්ව තල්ලු කරද්දී එයා වැටිලා ඔළුව වද්දගෙන මැරෙනවා.
මේ සිද්ධියෙන් පස්සේ ලීනාටයි වෛද්‍ය කණ්ඩායමටයි බය හිතෙනවා. එයාලා ඉක්මනින්ම එතනින් පලා යන්න බෝට්ටුව පදවනවා. ඒත් බ්‍රෙනන් තමන්ගේ මිනිස්සුන්ගේ කැමැත්තත් නැතුව පළිගන්න හිතාගෙන එයාලගේ පස්සෙන් පන්නනවා. ගඟේ යද්දී කිඹුලෙකුගේ මළකුණක් වතුරේ උඩට මතුවෙනවා. ලීනා බය වෙලා බෝට්ටුවේ හැප්පිලා එයාගේ කකුල කැපෙනවා. මිගෙල් සහ රාවුල් ඒ කිඹුලාගේ මළකුණ පරීක්ෂා කරලා බලද්දී තේරෙනවා මේක මහා සතෙක් ගිලලා ආපහු වමාරපු එකක් කියලා.
රෑ වෙද්දී වෛද්‍ය කණ්ඩායම අඳුරු තැනක බෝට්ටුව නතර කරනවා. ඒ වෙලාවේ බ්‍රෙනන් සහ එයාගේ මිනිස්සු ඇවිත් එයාලව අල්ලගන්නවා. හදිසියේම බොයිඋනා යෝධ සර්පයා එතනට මතු වෙලා බ්‍රෙනන්ගේ මිනිස්සුන්ගෙන් එක්කෙනෙක්ව ඇදගෙන යනවා. මේ කලබලේ මැද්දේ කැලම්ට වැරදීමකින් වෙඩි වදිනවා. මිගෙල්වත් බොයිඋනා ඇදගෙන ගිහින් මරා දානවා.
කැලේ ඇතුළේ දුවද්දී බොයිඋනා තවත් කීප දෙනෙක්ව ගොදුරු කරගන්නවා. ලීනාට ජෝර්ජ්ව මුණගැහෙනවා, ඒත් ආයෙමත් එයාලා වෙන් වෙනවා. ලීනා ලොකු මඩ වළකට වැටෙනවා. බ්‍රෙනන් එයාව ඇදලා ගන්න හැදුවත් බැරි වෙන තැන එයාව දාලා පැනලා යනවා. බොයිඋනා ලීනාගේ ළඟින්ම ඇදිලා ගියත් එයාව දකින්නේ නැහැ. ඊට පස්සේ ලීනා අමාරුවෙන් මඩ වළෙන් ගොඩ එනවා.
අන්තිමේදී බොයිඋනා බ්රෙනන්ව ගිල දානවා. එතකොට ලීනා පිහියකින් බොයිඋනාගේ පැත්තකට අනිනවා. ජෝර්ජ් සහ අනිත් ගෝත්‍රිකයෝ එතනට එනවා. ලීනා බය නැතුව ඒ යෝධ සර්පයා දිහා කෙළින් බලාගෙන ඉන්නවා. බොයිඋනා ලීනාට කරදරයක් නොකර පස්සට ඇදිලා යනවා. ලීනා සහ ජෝර්ජ් එකතු වෙනවා. ලීනා තීරණය කරනවා ආයෙමත් යන්නේ නැතුව ජෝර්ජ් එක්ක කැලේම නතර වෙන්න. අවසානයේ ලීනා ගෝත්‍රිකයොත් එක්ක එකතු වෙලා කැලේ විනාශ කරන නීතිවිරෝධී පතල් කඳවුරට ඇතුළු වෙනවා.