Girl (2020) Sinhala Subtitle

November 26, 2020 Admin
Subtitle by Rasika Samanjith

 

                    තම පියා මැරූ අය සොයා, දරුණු මිනීමරුවන් එක්ක හැප්පෙන දිරිය දියණියකගේ කතාවක් රැගත් නවතම සිනමා නිර්මාණයක් තමයි “GIRL”. 2020 නොවැම්බර් 20 දින ඇමරිකාවේ තිරගත කිරීම ආරම්භ කල මෙය Thriler, Mystery වර්ගයේ සිනමාපටයක්. ධාවන කාලය විනාඩි 92 යි. IMDb අගය 4.8/10 ක්ද, Rotten Tomatoes අගය 67% ක්ද සහ Google පරිශීලකයන්ගේ කැමැත්ත 84% ක්ද ලබාගෙන තියෙනවා. මේ ෆිල්ම් එකේ තියෙන එක විශේෂත්වයක් තමයි ප්‍රධාන චරිතයට නමක් නොමැති වීම. ෆිල්ම් එකේ නම Girl නිසා එහෙමම තමයි හඳුන්වන්න වෙන්නෙත්. Girl ගේ චරිතයට පණ පොවන්නේ මෑත කාලයේ ජනප්‍රිය නිලියක්, Bella Thorne. ඔයාලට මතක ඇති ඉතාමත්ම මෑතකදී තිරගත වූ Infamous (2020) ෆිල්ම් එක. අන්න ඒ කෙල්ල තමයි.

Bella Thorne

ගර්ල් තම පියාගෙන් ඈත්වෙලා අම්මා එක්ක ජීවත්වෙන වෙන තරුණියක්. පියාගෙන් වෙන් වෙනකොට එයාට වයස අවුරුදු හයයි. ඊට පස්සෙ එයා තාත්තා දැකලවත් නෑ. තාත්තගේ දරුණු හැසිරීම් නිසා වෙන්වූ බවයි එයා දන්නෙ. මොකද පියා කොන්දට ගහපු පයින් පාරක් නිසා අම්මා තාමත් ඇවිදින්නේ අමාරුවෙන්. ගර්ල්ට පියාගෙන් ලැබුනු එක දෙයක් තියෙනවා, පොඩි කාලෙ පුරුදු කරපු. ඒ තමයි ඉලක්කයට පොරොව විසි කිරීමේ හැකියාව. සමහර තරඟ වලින් දිනලත් තියෙනවා. දැනටත් එයා වැඩිපුර ඉන්නෙ කැලේ. එයාගෙ පොරොවයි, හෙල්ලයි එක්ක. හොඳ දඩයක්කාරියක්. දවසක් අම්මා කියනවා තාත්තා ලියුමක් එවලා තියෙනවා කියලා. ඒකෙ තර්ජනය කරලා තියෙනවා, ඇවිල්ල එයාට හානියක් කරයි කියලා. තාත්තා එක්ක තරහෙන් ඉන්න ගර්ල් හිතනවා ඊට කලින් එයා ඉස්සරවෙන්න ඕනි කියලා. තාත්තාව මරන්න හිතාගෙන එයා තාත්තා ඉන්න නගරෙට යනවා. හැබැයි එයා කොහේ ගියත් එයාගෙ යාලුවා, අත් පොරොව බෑග් එකේ තියෙනවා. එහෙට ගියාම එයා දකින්නෙ අනපේක්ෂිත දෙයක්. එයා එන්න ටික වේලාවකට කලින් තාත්තව කවුද වද දීලා මරල දාලා. ඒ ගැන හොයන්න ගියාම ගර්ල් නොසිතුව භයානක තත්ත්වයකට ඇයට මුහුණ පාන්න වෙනවා. එයාලගෙ පවුල ගැනත් අදහාගන්නත් බැරි රහස් එලිවෙන්න ගන්නවා. ඒක අමුතුම ජාතියේ සාපලත් නගරයක්. හැබැයි ගර්ල් කියන්නෙත් යකාටවත් බය නැති කෙල්ලෙක්. චිත්‍රපටයේ පොඩි සංවාදයකින් ලිපිය ඉවර කරන්නම්. ජයවේවා.

ඔහු මැරිලා.
– කවුද මැරුනේ?
මම ඉන්නේ ගෝල්ඩන් වල. මම එයාව හොයාගත්තා. නමුත් ඔහු මැරිලා.
– කියන්න ඒක කලේ ඔයා නෙමේ කියලා.
කවුරුහරි ඔහුට වධ දීලා. කිසිම තේරුමක් නෑ, අම්මේ, මම මෙහෙ ආපු එක.
කවුරුහරි දැනටමත් ඔහුට ඒක කරලා.
– කිව්ව නේද ඈත්වෙලා ඉන්න කියලා? දැන්ම ඔහෙන් පිටවෙන්න.
– ඕක කරපු කෙනා තාම ඔහෙ ඇති
මම ඉන්නේ ටවුමෙ.
– එතන වුනත් ආරක්ෂිත නෑ. ඔයා කෙලින්ම ගෙදර එන්න.
මම ගෙදර එන්නේ නෑ, අම්මා. මේක කරපු අය හොයාගන්න තුරු.
– ඔයා ඔය නගරය දන්නෙ නෑ. මොනාහරි විනාශයක් තියෙනවා.
ඔව්, මම හොයාගන්නම් මොකක්ද කියලා.

WEBRip / 720p / 1080p

Available Torrents
720p web 824.98 MB
1080p web 1.66 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (3)
  • Rajitha Unregistered
    Android 9 Chrome 87

    Thanks jayawewa….!

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 86

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    psarips wala thiyana honda
    movies walata sub denna plz..

    • Kantha_DLA Unregistered
      Windows 10 Chrome 86

      Request :
      The Christmas Chronicles 2 (2020)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search