Don’t Listen (2020) Sinhala Subtitle

December 03, 2020 Admin
Subtitle by Rasika Samanjith

                                               Don’t Listen aka Voces
මේ පාර subz.lk එකට ගොඩවැදුනේ Netflix ලගෙ අලුත්ම ෆිල්ම් එකක් අරගෙනයි. මේක ස්පාඤ්ඤ සිනමා පටයක්. මේ මගේ පළවෙනි ස්පාඤ්ඤ උපසිරැසිය. පට්ට හොරර් ෆිල්ම් එකක්. Don’t Listen. මේකෙ ස්පාඤ්ඤ ටයිටල් එක Voces. ඇමෙරිකාවේ මේක නිකුත්වුනේ පසුගිය, 2020 නොවැම්බර් 27 වෙනිදා. ඒත් Voces ලෙස ස්පාඤ්ඤයේ මුලින්ම ප්‍රදර්ශනය ආරම්භ කලේ 2020 ජුලි 24. ඩොලර් 443,458 ක බොක්ස් ඔෆීස් ආදායමකුත් උපයාගෙන තියෙනවා. Drama, Horror, Thriller යන වර්ග වලට අයත් වෙනවා. IMDb අගය 6.2/10 කටද, Rotten Tomatoes අගය 75% කටද කරකවා Google පරිශීලකයන්ගේ කැමැත්ත 90% ක්ද ලබාගෙන තියෙනවා. නරක නෑ නේද? ධාවන කාලය විනාඩි 97 යි. Rodolfo Sancho (ඩැනියෙල්), Belen Fabra (සාරා), Ana Fernadez (රූත්), Ramon Barea (ජර්මන්) සහ ළමා නලු Lucas Blas (එරික්) රංගන දායකත්වය ලබාදෙනවා.

                         ඩැනියෙල්ගේ බිස්නස් එක තමයි ගෙවල් මිලදී ගෙන, එහි පදිංචි වෙලා ඉන්න ගමන් අලුත්වැඩියාවන් කරලා ආපහු විකුණන එක. ඒ නිසා නිතරම මෙයාලගෙ පදිංචිය වෙනස්වෙනවා. එයා අලුතෙන්ම ගත්ත ගේ බොහොම පිටිසර බද පළාතක තියෙන, පැරණි, ඉතා විශාල තට්ටු ගෙයක්. ඔහු, ඔහුගේ බිරිඳ සහ අවුරුදු 8 පමණ වයසැති පුතත් සමඟ එහි පදිංචියට එනවා. ටික දිනකින් ඔවුන් හොයාගන්නවා තම පුතු එරික්ගෙ වෙනසක්. රෑට නිදාගන්න අමාරුයි. එක එක කට හඬවල් එයාට නිදාගන්න දෙන්නෙ නෑලු. එක එක දේවල් අඳින්න කියලත් කියනවලු. එරික්ව පෙන්නන්න මෙයාලා මානසික වෛද්‍යවරියකුත් ගෙදරට ගෙන්නනවා. ඒ වෛද්‍යවරිය ආපහු යනකොට ඉතා අවාසනාවන්ත ඉරණමකටත් ගොදුරු වෙනවා. එරික්ට ඇහෙන ඒ ශබ්ද, ශබ්ද විදිහටම තියේවිද? හොරර් ෆිල්ම් එකක් නිසා වැඩිය කිව්වොත් හරි නෑ. මුල ඉඳන් අග දක්වාම එක හුස්මකින් බලන්න පුලුවන් හොඳ ෆිලුමක්. ජය වේවා.

WEBRip / 720p / 1080p

Available Torrents
720p web 903.54 MB
1080p web 1.81 GB
Rasika Samanjith
175 Movies
0 TV Series
175 Total
Discussion (4)
  • Sashan Pramod User
    Android 8 Chrome 86

    thanks bro sub ekata , jaya weva. :smiley::smiley:

    • Rasika Thushara Samanjith Admin
      Windows 10 Chrome 86

      Thanx Thanx.

  • Madusha Unregistered
    Windows 10 Opera 71

    බොහොම ස්තූතියි සහෝ

    • Rasika Thushara Samanjith Admin
      Windows 7 Opera 72

      Thanx bro.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search