සුපිරි බොඩිගාඩ්
Subz.lk රසිකයන් වෙනුවෙන් මේ පාර අරන් ආවෙ ජෙට් ලිගෙ තවත් පැරණි සුපිරි චිත්‍රපටයක්. ඒ තමයි “Bodyguard from Beijing” හෙවත් “Defender”. මේක විශේෂයෙන්ම ගෙනාවෙ ජෙට් ලිගෙ ෆිල්ම් ඉල්ලලා නිතරම කමෙන්ට් කරන සහෝදරයින් කීප දෙනෙක්ගෙ ඉල්ලීම ඉටු කරන්න. විශේෂයෙන්ම නිතරම ජෙට්ලිගෙ ෆිල්ම් ඉල්ලන ශාමල් මනෝජන් සහෝගෙ කරදරේ නිසා. ඒවයින් තමයි අපිටත් සබ් කරන්න ගැම්මක් එන්නෙ. ඒ වගේම කමෙන්ට් කරන හැමෝටම ස්තූති කරනවා. මේක හොංකොං ෆිලුමක්. මුලින්ම තිරගත කලේ 1994 ජුලි 28 දිනයි. ඉංග්‍රීසියෙන් හඬ කවා ඇමෙරිකාවේ ප්‍රදර්ශනය කලේ “Defender” යන නමින්. චිත්‍රපටය නිෂ්පාදනය කරල තියෙන්නෙත් ජෙට් ලිමයි. No Retreat No Surrender[1987], Dragons Forever [1988], Hero [1997] සහ Transporter [2002] වැනි සුපිරි ෆිල්ම් ටිකක් සිනමා ලෝකයට දායාද කල Corey Yuen ගේ අධ්‍යක්ෂනයක්. Jet Li සමඟ රංගනයෙන් දායක වන්නේ Christy Cheng, Kent Cheng සහ Collin Chou. ධාවන කාලය විනාඩි 92 යි.

කෝටිපති ව්‍යාපාරිකයෙක් වන ජේම්ස් ෂොන්ග්ගේ පෙම්වතිය තමයි මිෂෙල්. ඉතා රූමත් තරුණියක්. ඇය මිනීමැරුම් නඩුවක එකම ඇසින් දුටු සාක්ෂිකාරියක්. ඒ නඩුවේ සැකකාරයත් පාතාල නායකයෙක්. ඔහු උත්සහ කරනවා සාක්ෂි දෙන්න කලින් මිෂෙල්ව මරන්න. මේ නිසා ජේම්ස් තීරණය කරනවා ඇගේ ආරක්ෂාවට බොඩිගාඩ් කෙනෙක් ගන්න. චීනයේ බීජින් වල ඩිෆෙන්ඩර්ස්ලා ලෙස හඳුන්වන ඉහළම පෙලේ ප්‍රභූ ආරක්ෂක කණ්ඩායමක සාමාජිකයෙක්, ජේම්ස් හොංකොංවලට ගෙන්න ගන්නෙ ඒ අනුව. ඔහු ජෝන් චෑන්. ඔහුගේ දැඩි ආරක්ෂක ක්‍රියාමාර්ග හා නීති රීති නිසා පලමු දවසෙම මිෂෙල්ට ඔහුව එපාවෙනවා. පහු වෙනකොට ඔහුව වහ කඳුරු වගේ වෙනවා. ඇගේ ජීවිතයට තියෙන තර්ජනය තේරුම් අරන් ඉන්න ජෝන් ඇගේ හිතුවක්කාර වැඩ වලට සහනයක් දෙන්නේ නෑ. ඔහුගේ මූලික අරමුණ ඇගේ ආරක්ෂාවයි. දෙන්නා අතර නිතරම වලි. නමුත් දවසක මේ ඔක්කොම වෙනස් වෙලා කතාව වෙනස්ම පැත්තකට හැරෙනවා. හරියට හින්දි ෆිලුමක් වගේ. ඉතින් ජෙට් ලිගේ සුපුරුදු අති ධාවනකාරී සටන් විලාසය අතරින් ලස්සන ආදර කතාවකුත් ගලා යන, ජෙට් ලිගෙ සුපිරිම ෆිලුමක් වන Defender රස විඳින්න ආරාධනා කරනවා.
ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන මේකේ බ්ලූරේ කොපියක් හෝ වෙන යම් කොපියක් අන්තර්ජාලෙන් නම් මට හොයාගන්න බැරිවුනා. මන්ගාව තිබ්බ පිටපතක් අප්ලෝඩ් කරලා තමයි ඔයාලට මේක ලබාදෙන්නෙ. බ්ලූරේ කොපියක් ලැබුනු සැනින් ඔයාලට අප්ඩේට් එකක් දෙන බවට පොරොන්දු වෙමින් නවතිමි.
ජය වේවා.

කොහොම ස්තූති කරන්නද කියලා තේරෙන්නේ නෑ සබ් නැතුව බලලා තියෙනවා ඒ කාලේ දැන් සබ් එකත් එක්ක බලන්න පුලුවන්
ස්තූති සබ් එක දුන්නට
මමත් දහ පාරකට වඩා බලපු ෆිලුමක්. ආයෙත් බලන්න පුලුවන්. ඒ තරම් පට්ට.
Thanks jayawewa…..!
ස්තූතියි කමෙන්ට් එකට.
මම කාලයක් තිස්සේ හොය හොය හිටපු movie sub එකක් මේක ගොඩක් ස්තුතියි:tulip::grinning: තව පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා jackie chan ගේ movies ටික ඉක්මනට දෙන්නකෝ ඊලග sub එක Crime Story 1993 එක දෙන්න පුළුවන්ද? thank you. බුදු සරණයි:rose:
ඔයා හොය හොය හිටපු එකකට සබ් දෙන්න ලැබීම සතුටක්. crime story එකටත් දෙන්න බලන්නම්.
තෑන්ක්ස් සහෝ ඒ දවස්වල ජෙට්ලිගෙ, ජැකී චෑන්ගෙ, බෲස්ලිගෙ ෆිල්ම් සීඩී මාර ආසාවෙන් ගෙනල්ල බැලුවෙ ෆයිට් බලන්න ආසාවටම තමා ගොඩක්ම දැන් ඒව ආයෙම බලනව මේ සබ් දෙන නිසා ඒවට… ජෙට්ලිගෙ, ජැකී චෑන්ගෙ, වෑන් ඩෑම්ගෙ එහෙම සබ් නොදීපු ෆිල්ම්වලට සබ් දෙන්න සහෝ
දැන් කොච්චර ෆිල්ම් ආවත් ඉස්සර ඒවට කිට්ටු කරන්නත් බෑ. අනික දැන් ඉන්නෙ කොම්පියුටර් වීරයොනෙ. බෘස්, ජැකී, ජෙට් ලි, වෑන් ඩෑම්, ඩොනී යෙන්ලා ලිට්ටුවවත් තියන්න බෑ.
දැනුයි දැක්කේ මේ ෆිල්ම් එකට සබ් දීලා කියලා. පුදුම සතුටක් ඇතිවුනේ දැක්කම. Rasika Samanjith සහෝ වචනෙයෙන් කිව නොකළ හැකි තරම්. ගොඩාක් තෑන්ක්ස්. ගොඩක් පින්.
මම subz.lk සහ වෙනත් වෙබ් අඩවි වලින් උපසිරැසි දීලා තියන ජෙට් ලිගේ සියලු ෆිල්ම් බලලා තියනවා. ඔබට හැකි අයුරින් අනෙක් ෆිල්ම් වලටත් සබ් දෙන මෙන් ඉල්ලමි. විශේෂයෙන් ජෙට් ලී ගේ Once Upon time in china collection එක උපසිරැසි සමඟ බලන්න හරි ආසාවෙන් ඉන්නේ.
ඒ වගේම ඒ කාලේ අපේ වීරයෝ වන ජෙට් ලී, ජැකී චෑන්, වෑන් ඩෑම්, ආනොල්ඩ්, සිල්වෙස්ටර් ස්ටැලෝන්, චක් නොරිස් වගේ අයගේ චිත්‍රපට වලටන දිගටම සබ් දෙන මෙන් ඉල්ලා සිටිමි.
තෙරුවන් සරණයි.
ඔන්න පොරොන්දු වුනු විදිහට ඔයාගෙ ඉල්ලීම ඉටු කලා. once uppon a time in china සෙට් එකටත් සබ් දෙන්න ඉන්නෙ. ඒත් හැමෝගෙම පරණ හොඳ ඒවා කලවමේ කරන නිසා පොඩ්ඩක් පරක්කු වෙයි. අනික මට සබ් හදන්න වැඩි කාලයක් යනවා. උඩින් පල්ලෙන් ගහල දාලා, ගූගල් ට්‍රාන්ස්ලේට් දාලා, ඔයාලව ගොනාට අන්දන්නයි, ඒ ෆිල්ම් වලට අසාධාරණයක් කරන්නයි මන් කැමති නෑ. අපිත් එක්ක ඉන්න.
පරණ ෆිල්ම් වලට මම කොහොමත් කැමතියි. ගොඩක් ස්තූතියි.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබටත් සහ ඔබ පවුලේ සැමටත්
තෙරුවන් සරණ ලැබේවා..!
Puluwannam Viber 1994 Tv series ekata sub dennako api a kale asawen baluwe sub nathi ekata sahena adupaduwak