නොනැසී සිටීමේ සටන
තවත් අලුත්ම විද්‍යා ප්‍රබන්ධයක් වූ, බ්‍රිතාන්‍ය සිනමා නිර්මාණයක් තමයි Settlers. මුලින්ම ප්‍රදර්ශනයක් කලේ 2021 ජුනි 18 දින ඇමෙරිකාවේ නිව් යෝක් වල පැවැත්වෙන Tribeca Film Festival සම්මාන උළෙලේදී. 2021 ජුලි 23 එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ තිරගත වීමට නියමිත බවයි වාර්තා වෙන්නෙ. විනාඩි 103 ක ධාවන කාලයක් සහිත “සෙට්ලර්ස්” Sci-Fi, Thriller, Adventure යන කාණ්ඩ වලට අයත් වෙනවා. දැනට IMDb අගය 4.6/10 ක් ලබාගෙන තියෙනවා. ප්‍රධාන චරිතය හොබවන්නේ ජනප්‍රිය තාරකාවක් වන ඇල්ජීරියානු ජාතික Sofia Boutella. ඇය මුලින්ම රඟපෑ ප්‍රධාන චිත්‍රපටය වන්නේ 2015 තිරගතවූ Kingsman: The Secret Service චිත්‍රපටය. Star Trek Beyond [2016],The Mummy [2017], Atomic Blonde [2017], Kingsman: The Golden Circle [2017] සහ Hotel Artemis [2018] ඇය රඟපෑ චිත්‍රපට කීපයක්. ඇය මෙහි ඉල්සාගේ චරිතයට පණ පොවන අතර සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙන්නේ Nell Tiger Free (වයස 18 රෙමී), Jonny Lee Miller (රේසා), Ismael Cruz Córdova (ජෙරී) සහ Brooklynn Prince (වයස 9 රෙමී).
අඟහරු මත ජනාවාස පිහිටුවා ජීවත් වන සමාජයක කතාවක් තමයි මේකෙ තියෙන්නෙ. ගහක් කොළක් නැති වැලි සහ පර්වත වලින් පිරිච්ච ප්‍රදේශයක තමයි ඉල්සා, රේසා සහ එයාලගෙ 9 හැවිරිදි දියණිය රෙමී ජීවත් වෙන්නෙ. වතුර තියෙනවා. ආහාර සඳහා දේවල් ලොකු හට් ඇතුලේ එයාල හදාගන්නවා. ඉන්නෙ හුදෙකලාව. කිසිම කෙනෙක් නෑ. වටේටම තරමක් ඈතින් කඳු පෙනුනට ඒවා ඇත්ත ඒවා නෙමේ. ත්‍රිමාණ දර්ශනයක් විතරයි. ළඟට ගියාම තාප්පයක් වගේ. එලියට යාමක් නෑ. එයාල ජීවත් වෙන්නෙ මිනිසුන් විසින් හදලා, නඩත්තු කරන් යන කෘතීම වායුගෝලයක් ඇතුලෙ. හැබැයි එක තැනක විතරක් විශාල යකඩ දොරක් තියෙනවා. ඒකෙන් එහා පැත්තෙ මොනාද තියෙන්නෙ කියලා කවුරුත් දන්නෙ නෑ. දවසක් උදේ මේ තුන් දෙනා නැගිටින කොට එයාලගෙ නිවසේ ලොකු වීදුරුවක් ලියල තියෙනවා “LEAVE”(පිටවෙන්න) කියලා. එයාල ගොඩක් බය වෙනවා, කලබල වෙනවා. කවුද මේ ආගන්තුකයෝ. ඔවුන් කොහෙන්ද ආවෙ. ඉල්සාලට එන මරණීය තර්ජනයට ඔවුන් කෙසේ මුහුණ දේවිද?
මේ ෆිල්ම් එකේ කිසිම අසභ්‍ය දර්ශනයක් නොමැති බවත් කියන්න ඕනෙ. ජය වේවා.
Thanks jayawewa…..!
Thanx Bro.
ස්තූතියි උපසිරැසියට.
Thanx Malli.
තෑන්ක්ස් සබ් එකට
Thanx a lot for the comment.
ෆිල්ම් එක අරගෙන තිබ්බේ ..බලන්න තමයි වෙලාවක් තිබ්බේ නැත්තේ ,අද රෑ බලන්න පුළුවන් ..තැන්ස් රසික !!
Enjoy/// Damith.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thanx U very much.
Thanks for the sub….
Thanx U very much.