Samaritan (2022) Sinhala Subtitle
හැමෝටම සුබ දවසක්…
අද මම තෝරගත්තෙ අගෝස්තු 26 වෙනිද Amozon Prime හරහා නිකුත් උන Samaritan(2022) චිත්රපටය .ඉතින් මේකෙ ප්රධාන නිරූපනය කරන්නෙ Sylvester Stallone ඒ වගේම Javon Walton, Pilou Asbæk, Natacha Karam වැනි නලු නිලියන් රැසක් මේ සදහා රංගනයෙන් දායකවෙනව. ඒ වගේම මේක අධ්යක්ෂණය කරල තියෙන්නෙ Julius Avery මහතා.ඉතින් Action ඝණයට අයිති මේ චිත්රපටය 5.9/10 ක IMDB ක අගයක් ලබාගන්න සමතවෙලා තියෙනවා.
ඉතින් අපි කතාව පැතට හැරුනොත්,
සැමරිතන් සහ නෙමිසිස් කියලා නිවුන් සහෝදරයො දෙන්නෙක් ඉන්නව. ඉතින් මේ දෙන්නට අසාමාන්ය බලයන් පිහිටලා තිබුනා .ඉතින් ඔවුන් ඒ බලයන් පාවිච්චි කරල මිනිසුන්ට හිරිහැර කරන්න පටන්ගත්ත.මේක නිසා අවට ඉන්න මිනිස්සු දවසක් රෑ ඇවිල්ලා එයාලගෙ ගෙට ගිනිතියනව මේකෙන් ඔවුන්ගෙ අම්මයි තාත්තයි මේ ගින්න නිසා පිච්චිල මැරුණා.ය ශක්තියක් තියනව
මේ සිද්දියෙන් පස්සෙ වෙනවෙනම මාර්ගවල ගමන්කරා සැමරිතන් වීරයෙක් උනා හතුරෙක් උනා..මේකෙන් මේ සහෝදරයො දෙන්න හතුරො වුනා,නෙමිසිස් සැමරිතන් ව පරද්දන්න මිටියක් හැදුවා, ඉතිං ඒ මිටියෙන් විතරයි සැමරිතන් ව විනාශ කරන්න පුලුවන්…බලාගාරයක් ලගදි මේ දෙන්න අතර ඇතිවෙන සටනකදි ඒක පුපුරල ඔවුන් මියගියා කියල තමයි මිනිස්සු හිතං ඉන්නෙ,
ඉතිං ඊට අවුරුදු ගානකට පස්සෙ කොල්ලෙක් ඉන්නවා සෑම් කියල,එයා සැමරිතන් ගෙ රසිකයෙක්..එයා හිතන්නෙ සැමරිතන් තාම ජීවත් වෙනවා කියල,ඉතිං ඔහොම ඉන්නකොට එයාව දවසක් එයාට කරදර කරන කොල්ලො වගයකගෙන් එයා අදුරන එක්කෙනෙක් ඇවිල්ලා එයාව බේරගන්නවා..ඉතිං සෑම් සැකකරන්න ගන්නවා මේ ඉන්නෙ සැමරිතන් කියල…එතනින් පස්සෙ ගොඩක් දේවල් වෙනවා…..
ඉතිං මං මෙතනින් එහාට කතාව කියන්න ගියොත් වැඩක් නෑ ඒ නිසා ඔයාල මේක අරගෙනම බලන්න..
තෑන්ක්ස් සබ් එකට