Trending

Mother’s Day (2023) Sinhala Subtitle

අම්මලා එක්ක පැටලෙන්න එපා
                සබ්ස්.එල්කේ අපි නිතරම උත්සාහ ගන්නවා හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් සිනමාවෙන් එහාට ගිහිල්ලා ලෝක සිනමාවේ විවිධ රටවල, විවිධ භාෂාවල ලස්සන නිර්මාණ ඔයාලා හමුවට අරන් එන්න. ඒ අනුව, පසුගිය මස, එනම් 2023 මැයි 24 දින නිකුත් වුනු නවතම පෝලන්ත සලරුවකට තමයි මේ පාර සිංහල උපසිරැසියක් අරගෙන ආවෙ. ඒ තමයි Mother’s Day. ඔරිජිනල් නම Dzien Matki. භාෂාවත් පෝලන්තමයි. තම දරුවෙක් වෙනුවෙන් අම්මා කෙනෙකුට කොච්චර දේවල් කරන්න පුලුවන්ද, කොච්චර දුර යන්න පුලුවන්ද? ඒ වගේ අම්ම කෙනෙකුගේ ශක්තිය ධෛර්යය පෙන්වන මාරාන්තික චාරිකාවක් තමයි කතාවට පාදක වෙලා තියෙන්නෙ. විනාඩි 94 ක් පුරා සටන්, ක්‍රියාදාම අඩුවක් නැති මෙය Action, Drama, Crime, Thriller වර්ගයේ ෆිලුමක්. ප්‍රධාන චරිතය වන නීනාගේ භූමිකාවට පණ පොවන්නේ Agnieszka Grochowska. ඊට අමතරව Szymon Wroblewski (වෝල්ට්), Adrian Delikta (මැක්ස්), Dariusz Chojnacki (ඉගෝර්) යන අය රංගනයෙන් දායක වෙනවා.
පසුගියදා නිකුත්වුනු හොලිවුඩ් චිත්‍රපටයක් වන, ජෙනිෆර් ලෝපස්ගේ The Mother ෆිල්ම් එකේ කතාවට බොහෝමත්ම සමානයි මේකෙ කතාවත්. දෙකේම කතා නායිකාව, එහෙම නැත්නම් අම්මා, හිටපු ප්‍රවීන බුද්ධි හා සන්නද්ධ අංශ සාමාජිකාවන්. දෙන්නගෙම ස්වාමි පුරුෂයන් නෑ. ලෝපස්ට ඉන්නෙ දුවක්. මේකෙ ඉන්නෙ පුතෙක්. ළමයි දෙන්න නව යොවුන් වයසෙ. එයාලගෙ හතුරන්ගෙන් දරුවන්ගෙ ජීවිත වලට තර්ජනයක් එල්ල වෙයි කියලා දරු සෙනෙහස හිතේම වලලලා දාලා, දෙන්නම දරුවන්ගෙන් ඈත් වෙලා රහසිගත ජීවිතයක් ගෙවන්නෙ. දරුවන්ව වෙන පවුලක් හදාගන්නවා. ළමයි දෙන්නම එයාලගෙ ඇත්ත අම්මව අදුරන්නෙ නෑ. නමුත් කොහොමහරි රහස එලිවෙලා අම්මලාගෙ පැරණි සතුරන් විසින් දරුවන් පැහැරගන්නවා. එතකොට අම්මලා දෙන්නට තමන් හැංගිලා හිටපු ගුහා වලින් එලියට එන්න සිද්ධ වෙනවා. ලෝපස්ට නම් උදව්වට හරි කෙනෙක් ඉන්නවා. මේකෙ අම්මා වන “නීනා නොවාක්” හෙවත් “කිකිමෝරා”ට නම් ගේමට බහින්න වෙන්නෙ තනියම. හැබැයි ඊට පස්සෙ නොනවතින ක්‍රියාදාම රැල්ලක් බලාගන්න පුලුවන්. “මදර්” ෆිල්ම් එකට වඩා “මදර්ස් ඩේ” ඇක්ෂන් පැත්තෙන් ඉදිරියෙන් ඉන්න බවයි මගෙ නම් හැඟීම. ඔයාලත් බලලම තීරණය ඒක තීරණය කරන්නකෝ.
“Don’t mess with mother”
ජය වේවා.

QUALITY // 480P – 440MB // 720P – 870MB // 1080P – 1.7GB

SUB FORMAT // SRT // IDXTV

♣♣ WEBRip / 480p / 720p / 1080p ♣♣

Rasika Samanjith
Rasika Samanjith Translator
183 Movies
0 TV Series
183 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p web 874.04 MB x264
▲4 · ▼0
Magnet GET
1080p web 1.75 GB x264
▲8 · ▼2
Magnet GET
Discussion (9)
  • PCVENOM Unregistered
    Windows 10 Chrome 114

    super

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 114

      Thanx, bro.

  • Dishan Kaushalya Unregistered
    Windows 10 Chrome 114

    sub eka download wenne nene

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 10 Chrome 114

      දෝෂය නිවැරදි කර ඇත !!!!!!

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 114

      Now ok. Thanx for the comment.

  • bruce wayne Unregistered
    Windows 10 Chrome 114

    yong sheldon tv series එකේ ඉතුරු subtitle දෙන්න පුලුවන්ද?

  • nilanka Unregistered
    Windows 10 Chrome 109

    thanks……

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search