Ikk Kudi (2025) Sinhala Subtitle April 19, 2026 Rasika Samanjith | Admin IMDB RATING 7.8 GENRES ComedyDramaGenresMoviesPanjabi MoviesPU MovieRomance CAST Shehnaaz Gill, Juss, Udaybir Sandhu කාළ දෙකක ආදරය ඉතින් අද ඔයාලට අරන් ආවා ලස්සන ආදර කතාවක් සහිත පන්ජාබ් කොමඩියක්. ඒ තමයි 2025 ඔක්තෝබර් 31 නිකුත්වුනු Ikk Kudi. පැය 2 විනාඩි 3 ක් පුරා දිවෙන රසබර නිර්මාණයක්. 7.3/10 ක IMDb අගයක් ලබාගෙන තියෙන Drama / Comedy / Romance වර්ගයේ චිත්‍රපටයක්. Amarjit Singh Saron ගේ අධ්‍යක්ෂනයක්. රංගනයෙන් එකතුවෙනවා Shehnaaz Gill (සිම්මි / තරුණ තේජෝ), Nirmal Rishi (මහලු තේජෝ), Sukhi Chahal (සිම්මිගෙ පියා), Gurjazz (පම්මේ), Udaybir Sandhu (ජග්වීර්) සහ Juss (තරුණ කික්කර්). මෙහි වකවානු දෙකක ආදර කතා දෙකක් ගලාගෙන යනවා. එම කාල දෙකේදීම තේජෝ සහ සිම්මි යන ප්‍රධාන චරිත දෙකටම පෙනී සිටි සුරූපී Shehnaaz Gill ගේ රංගනය බොහෝ විචාරක පැසසුමට ලක්වුනා. සිම්මිගෙ පවුලෙ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සාමාජිකයින් හැමෝගෙම පවුල් අවුල්. සිම්ම්ගෙ ආච්චිගෙ විවාහය අසාර්ථකයි. තාත්තගෙත් එහෙමයි. ළමයි පොඩි කාලෙම එයාලත් වෙන්වෙලා. නැන්දගෙ ජීවිතෙත් අපායක්. හම්බෙලා ඉන්නෙ පට්ට බේබද්දෙක්. ඉතින් දැන් සිම්මිගෙ වාරෙ. ඇයත් මේ නිසා කසාද බඳින්න බයෙන් ඉන්නෙ. ඒත් ඉතින් බඳින්න ඕන නිසා ගෙදරින් ගේන යෝජනාවකට කැමති වෙනවා. ඔහු ජග්වීර්. උගත්, පෝසත්, කඩවසම්, හොඳ හැදියාවක් තියෙනවා. සිම්මි සිහින මවපු ජාතියෙම කෙනෙක්. නමුත් විවාහයට දින කීපයක් තියෙද්දි ඇගේ අර “කසාද බිය” ආයෙ එයාගෙ ඔලුවට කරදර කරනවා. වෙඩින් එකේ වැඩ වලට ලක්ෂ ගානක් යට කරලත් ඉවරයි. සමහර මුදල් ණයට ගත්තුවා. ඒත් සිම්මි තීරණය කරනවා ජග්වීර් ගැන තවත් හොයල බලන්න. ඇය ගෙදරට කියනවා ඒ ගැන සෑහීමකට පත් වෙනකල් විවාහ වෙන්නෑ කියල. ඊට පස්සෙ මෙයාල ප්ලෑනක් ගහනවා. සිම්මිගෙ ආච්චිගෙ ආබාධයකට ප්‍රතිකාර ගන්න මුවාවෙන්, මෙයාල දවස් කීපයකට ජග්වීර්ගෙ ගමට යනවා. ඊට පස්සෙ තමයි හොඳම හරිය පටන්ගන්නෙ. එහෙනම් පවුලේ සැමටම එකට සිට නැරඹිය හැකි මේ නිර්මාණය බලන්න සෙට් වෙමුද? ජය වේවා. Quality // 720p – 1.1gb // 1080p – 2.1gb ♣♣ WEBRip / 720p / 1080p ♣♣
Bodyguard from Beijing 1994 jelige film ekata sinhala sub blueray update karanna puluwanda?
dhawas 2 k dhenna.
thank you
sub eka update karala comment ekak danawada?
අප්ඩේට් කලා.
godak sthuthi. jaya wewa