Catch the Ghost (2019) [S01 : E01] Sinhala Subtitle
“Catch the Ghost” (2019) කියන්නේ කොරියානු රහස් පරීක්ෂක කතාවලට ආදරය කරන අයට මගහරින්න බැරි සුපිරි Drama එකක්.කතාව ගෙතෙන්නේ කොරියාවේ උමං දුම්රිය (Subway) පොලිස් කණ්ඩායම වටායි. මේ දුම්රිය ස්ථානවල සිදුවන හොරකම් සහ “Subway Ghost” නමින් හඳුන්වන අභිරහස් මිනීමරුවෙකු අල්ලන්න දරන උත්සාහය තමයි වෙන්නේ ..
කතාවේ ප්‍රධාන නිළිය (Yoo Ryung) ඉතාමත් ක්‍රියාශීලී, ඉක්මන් තීරණ ගන්නා කෙනෙක්. ඇයට තිබෙන විශේෂ හැකියාව තමයි මුළු උමං දුම්රිය පද්ධතියේම “Map” එක ඇගේ මතකයේ තිබීම. ඇය කොහොමහරි උමං දුම්රිය පොලිසියට බැඳෙන්න උත්සාහ කරනවා.
ප්‍රධාන නළුවා (Go Ji-seok) කියන්නේ නීතිය අකුරටම පිළිපදින, අවදානම් ගන්න අකමැති පොලිස් නිලධාරියෙක්. ඔහුගේ කණ්ඩායමට තමයි Yoo Ryung බැඳෙන්න උත්සාහ කරන්නේ. මේ දෙන්නාගේ මුල්ම හමුවීම එතරම් සුභදායක වෙන්නේ නැහැ.
දුම්රිය තුළ සිදුවන කුඩා හොරකමක් පසුපස හඹා යන අතරතුර Yoo Ryung ගේ අමුතු හැසිරීම නිසා Ji-seok පුදුමයට පත් වෙනවා. ඇය නීති කඩ කරලා හරි හොරු අල්ලන්න උත්සාහ කරනවා.
මේ Episode එක අවසානයේදී අපිට දැනගන්න ලැබෙනවා Yoo Ryung උමං දුම්රිය පොලිසියට බැඳෙන්න ඇත්තම හේතුව. ඇගේ නිවුන් සහෝදරිය අතුරුදහන් වෙලා තියෙන්නේ මේ උමං දුම්රියකදී. ඇය විශ්වාස කරනවා ඒක මේ “Subway Ghost” ගේ වැඩක් කියලා.
hi ozark season 4 iwara karala dennako