Spider-Noir (2026–) [S01 : E02] Sinhala Subtitle
පළමු කොටස අවසානයේ සිදුවූ දේවලින් පස්සේ, කැට් හාඩි (Cat Hardy) ඇවිත් බෙන් රයිලිව (Ben Reilly) ෆ්ලින්ට් මාර්කෝගේ (Flint Marko) අතුරුදහන් වීම ගැන දැනුවත් කරනවා. ෆ්ලින්ට් මාර්කෝ කියන්නේ ඇගේ ආරක්ෂකයා (bodyguard). ඒත් එයා ගැන වැඩි විස්තරයක් කැට් දන්නේ නැහැ, එයා දන්නේ එයාගේ ලිපිනය විතරයි.බෙන් මාර්කෝගේ නිවස පරීක්ෂා කරනකොට එයාට හම්බවෙනවා ප්‍රංශයේ ඉඳන් එවපු තැපැල් පත් (postcards) පෙට්ටියක්. ඒකේ ෆ්ලින්ට් සහ ඇඩිසන් (Addison) එකට හිටපු හමුදා ඒකකයක පින්තූරයක් තියෙනවා. මේ අතරතුර රිදී ඔළුවාගේ (Silvermane) ගෝලයෙක් එතැනට එන නිසා බෙන්ට සැඟවෙන්න සිද්ධ වෙනවා.බෙන් පස්සේ කැට්ව මුණගැහිලා මේ පින්තූරය පෙන්නලා අහනවා. එතකොට කැට් පිළිගන්නවා ෆ්ලින්ට් යුද්ධයට ගිය බව. හැබැයි ඇඩිසන් කවුද කියලා එයා දන්නේ නැහැ කියලයි කියන්නේ. ඇත්තටම ඇඩිසන් තමයි රිදී ඔළුවාගේ තැන ගිනි තියලා මිය ගිහින් ඉන්නේ.බෙන් ආපහු තමන්ගේ කාමරයට යද්දී එයාට තේරෙනවා කවුදෝ එතැන ඉන්නවා කියලා. එයාගේ අතීත බලයන් (spider-powers) පාවිච්චි කරන්න හදද්දී ඒවා වැඩ කරන්නේ නැහැ. ඔහුව පරාජය කරලා පැහැරගෙන යනවා.
මේ අතරතුර නගරාධිපති මොරිස් තමන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කරගෙන යනවා. රොබී රොබට්සන් (Robbie) ඇඩිසන් ගැන තොරතුරු හොයන අතරේ දුප්පත් ප්‍රදේශයකදී පොලිසිය කරන වැටලීමක් දකිනවා. එතැනදී මාර්කෝ සහ ලෝන් ලින්කන් (Lonnie Lincoln) තමන්ගේ බලයන් පාවිච්චි කරලා පොලිසියට පහර දෙනවා.බෙන්ගේ කාර්යාලය රිදී ඔළුවාගේ මිනිස්සු විසින් විනාශ කරලා ජැනට්ව (Janet) තර්ජනය කරලා යනවා. ජැනට් බෙන්ට කියනවා එයාට තවදුරටත් මේ අවදානම ගන්න බැහැ කියලා.අවසානයේදී බෙන් නැවත වතාවක් “The Spider” ලෙස සැරසී ක්‍රියාත්මක වෙනවා. රිදී ඔළුවාගේ වාහනයකට ගොඩවෙන ස්පයිඩර්, ඔහුට තර්ජනය කරලා බෙන් සහ එයාගේ කට්ටියට කරදර නොකරන ලෙස අවවාද කරනවා.