Jewel Thief: The Heist Begins (2025) Sinhala Subtitle
කතාව පටන් ගන්නේ අලිබාග් වල තියෙන ලොකු ප්‍රදර්ශනයකින්. එතන ඉන්නේ ලෝකේ ඉන්න ප්‍රධානම කලා එකතුකරන්නෙක් සහ ව්‍යාපාරිකයෙක් වෙන රාජන් අවුලක්. මිනිහා හරිම අහංකාරයි. හැබැයි මිනිහගේ කළු සල්ලි විස්තර ටිකක් ඉන්ටර්පෝල් එකට ලීක් වෙලා, ඒ නිසා මිනිහා ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. ඔය අතරේ ජෙනිෆර් ලොබෝ කියන කෞතුකාගාර භාරකාරිය එනවා ‘රෙඩ් සන්’ (Red Sun) කියන වටිනා මැණික් ගල ඉන්දියාවට ගේන්න ප්ලෑන් එකක් එක්ක.
මේ අතරේ රෙහාන් කියන දක්ෂ සොරෙක් ඉන්නවා. මිනිහා කලින් ලොකු කොල්ලකෑම් කරපු කෙනෙක්. රෙහාන්ගේ තාත්තා හරිම අවංක, මිනිස්සුන්ට උදව් කරන දොස්තර මහත්තයෙක්. තාත්තා රෙහාන්ව හොරෙක් නිසා ගෙදරින් එලවලා තියෙන්නේ. පස්සේ රාජන් අවුලක් රෙහාන්ගේ තාත්තාගේ රෝහලට සල්ලි පරිත්‍යාගයක් කරනවා, ඒක කරන්නේ රෙහාන්ව එළියට දාගන්න සහ මිනිහාව බ්ලැක්මේල් කරන්න.
අන්තිමේදී රෙහාන් තමන්ගේ තාත්තාව බේරගන්න රාජන් එක්ක වැඩ කරන්න එකඟ වෙනවා. හැබැයි රෙහාන්ගේ ප්ලෑන් එක වෙනස්. රෙහාන් ‘රෙඩ් සන්’ මැණික ප්ලේන් එකකින් ගෙනියද්දී ඒක හොරකම් කරන්න ප්ලෑන් කරනවා. මේක හරිම ක්‍රියාදාම පිරුණු කොටසක්. රෙහාන් ප්ලේන් එක ඉස්තාන්බුල් වල මැද තියෙන පාර්ක් එකක හදිසියේ ගොඩබස්සවන්නේ, එයාගේ පවුලේ අයව ප්‍රාණ ඇපයට අරන් තියෙන නිසා.
කතාවේ අවසානයේ රෙහාන් හරිම දක්ෂ විදිහට අර වටිනා මැණික අරගෙන, රාජන් අවුලක්ගේ නීතිවිරෝධී වැඩ ඔක්කොම එළිකරලා, තමන්ගේ තාත්තාගේ ගෞරවයත් බේරගන්නවා. ඒ වගේම රෙහාන් තමන්ගේ පරණ ජීවිතෙන් ගැලවිලා අලුත් ගමනක් යනවා.
කෙටියෙන් කිව්වොත්, මේක තනිකරම බුද්ධිය පාවිච්චි කරලා කරන හොරකමක් ගැන කතාවක්.
Maxton hall tv series ekata sub eka denna puluwanda