Family (2026) Sinhala Subtitle
කුරුලු ගෙට පැමිණි අමනුෂ්‍ය ආත්මය
The Family කියන්නෙ 2024 වසරේදී නිර්මාණය වූ ඇමරිකානු මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටයකි. Horror / Thriller / Drama ශානරයන්ට අයත් මෙය විනාඩි 95 ක ධාවන කාලයකින් යුක්තයි. මෙම චිත්‍රපටය ප්‍රථම වරට 2024 මාර්තු 8 වැනිදා පැවති SXSW චිත්‍රපට උළෙලේදී ප්‍රදර්ශනය කෙරිණි. එහිදී එය Kickstarter NextGen සම්මානය දිනා ගත්තේය. ඉන් අනතුරුව, Vertical සමාගම විසින් 2026 සැප්තැම්බර් 25 වැනිදා මෙම චිත්‍රපටය සිනමාහල් සහ VOD ඩිජිටල් අවකාශය හරහා ප්‍රේක්ෂකයන් වෙත නිකුත් කරන ලදී. Benjamin Finkel විසින් රචනා කර අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය, ඔහුගේ පළමු වෘත්තාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය ද වේ. මෙහි Ruth Wilson (නයෝමි), Ben Chaplin (හැරී) සහ Cameron Dawson Gray (ජොහානා) රංගනයෙන් දායක වෙනවා.
දස හැවිරිදි ජොහානා තම දෙමාපියන් වන නයෝමි සහ හැරී සමඟ නැවතත් ෆිලඩෙල්ෆියා නගරයට නුදුරු උප නගරයක පිහිටි නයෝමිගේ ළමා කාලයේ නිවසට පදිංචියට එනවා. අසනීපයෙන් පසුවන තම පියාගේ ආරක්ෂාව වෙනුවෙන් ජොහානා වාසනාව ගෙනෙන කුරුළු කූඩුවක් එල්ලනවා. ඒත් ඉන්පසු ඔහුගේ අසනීප තත්ත්වය තවත් දරුණු වෙනවා. බියකරු දර්ශන ඇගේ සිතට රිංගා ගන්නවා. ඒ විතරක් නෙවෙයි, ඇය ආදරය කරන බල්ලාත් කිසිම හෝඩුවාවක් නැතුව අතුරුදහන් වන අතර තමන්ගේ දෙමව්පියන්ද තමන්ව මරන්න යන බව ඇය විශ්වාස කරන්න ගන්නවා. මේ හැම දෙයකටම හේතුව දුෂ්ට ආත්මයක් බව විශ්වාස කරන ජොහානා, තමන්ගේ හිතේ ගැඹුරින්ම සැඟවී ඇති බියකරු හැඟීම් පිළිබිඹු කරන අද්භූත, බියකරු මනෝලෝකයකට ක්‍රමයෙන් ඇදී යනවා. අවසානයේ කුමක් වේද?
“Family” කියන්නේ හරියටම අද්භූත හෝ භූත හොල්මන් ත්‍රාසජනක චිත්‍රපටයක් නොවුණත්, මෙහි ආත්ම ආවේශවීම් වැනි අංග ඇතුළත් වෙනවා. ඒවා ඉදිරිපත් කරන්නේ ජොහානාට හීනෙන් අවදි වෙන්න බැරි බියකරු ෆැන්ටසි අත්දැකීම් විදිහටයි. ඒ වගේම, ජොහානාගෙ චරිතය නිරූපනය කරන Cameron Dawson Gray තමන්ගේ වයසට සාපේක්ෂව පුදුම හිතෙන තරම් හොඳින් ඒ අභියෝගයට මුහුණ දෙනවා. ඒ වගේම, කතාවේ අවසාන කොටස ගැන වැඩි විස්තර හෙළි නොකර කියනවා නම්, එය විශ්වීය බිහිසුණු සත්ත්වයන් ඇතුළත් චිත්‍රපටයක ස්වරූපයට හැරෙනවා. ඒකෙන් පෙන්නුම් කරන්නේ, පුංචි කාලයේදීම අත්විඳි කම්පනකාරී සිදුවීම් නිසා තරුණ වියේදී ඇතිවන කලකිරීම කොයි තරම් ගැඹුරු වෙන්න පුළුවන්ද කියන එකයි. ජොහානාගේ සැකසංකා සහිත මායාකාරී සිතුවිලිත් සැබෑ ලෝකයත් අතර තියෙන සීමාව ටිකෙන් ටික බොඳ වෙලා යනවා. පවුල ඇතුළේ ඇතිවන බොහෝ ගැටුම්වලට මූලික හේතුව වෙන්නේ පියාගේ අසනීප තත්ත්වයයි. ඒකෙන් සෘජුවම ඇතිවන බලපෑම් වගේම, ඒ වටා ඇතිවන වෙනත් ප්‍රශ්නත් ඊට ඇතුළත් වෙනවා. කතාවේ කේන්ද්‍රයේ ඉන්න දරුවාට මේ හැම දෙයක්ම දරාගන්න සිද්ධ වෙන නිසා, ඇය දැඩි මානසික පීඩනයකට ලක් වෙනවා. තමන්ගේ දෙමාපියන් වගකීම් විරහිතව සහ ඇගේ හැඟීම් නොසලකා හැසිරෙන බවත් ඒ වගේම මිනීමැරුම් කරන්න තරම් දරුණු වෙන්නත් පුළුවන් කියලා ඇය විශ්වාස කරන නිසා, ඇය මානසිකව තව තවත් කඩා වැටෙනවා. එක් අවස්ථාවක ජොහානා ඇගේ මවට, ආවේගශීලිව කෑ ගසා පවසන මේ දෙයින් ජොහානාගේ පුංචි හිතේ වේදනාව පැහැදිලිව පේනවා. “මාව ගණන් නොගෙන ඉන්න එපා! මාව ගණන් නොගෙන ඉන්න එපා!”
මේකෙ අසභ්‍ය දර්ශන නැති බව විශේෂයෙන්ම කියන්න ඕනෙ. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න.
ජය වේවා.
Quality // 720p – 850mb // 1080p – 1.7gb
♣♣ WEBRip / 720p / 1080p ♣♣