ආයුබෝවන් අදත් සබ්ස්එල්කේ හිතවතුන් හැමදෙනෙක්ටම. උපසිරැසි කරන්නට පටන්ගෙන සම්පූර්ණ නොකර හාඩ් ඩිස්කයේ ගොඩගැසී තිබෙන චිත්‍රපට සියල්ල අවසන් කිරීමේ කාර්යයට අත ගසන්නට මම කල්පනා කරගෙන ඉන්නවා මේ දිනවල. පසුගිය දිනෙකද එසේ එක් නිර්මාණයක් ලබාදුන් අතර අද මේ අරගෙන ඉන්නෙ ඉරාන ජාතික සිනමාකරු අස්ගාර් ෆර්හාඩිගේ තවත් එක් විස්මිත සිනමා නිර්මාණයකට සිංහල උපසිරැසියි, මේ තමයි Darbareye Elly (2009) නොහොත් About Elly (2009) චිත්‍රපටය. ඔබ අස්ගර් ෆර්හාඩිගේ චිත්‍රපට- සමස්තයක් ලෙස ඉරාන සිනමාවේ ඕනෑම නිර්මාණයක් – නරඹා ඇත්නම් දන්නවා ඇති ඔවුන් මනුෂ්‍ය ජීවිතය විවිධ පැතිකඩවලින් යථාර්ථවාදී ලෙස සිනමාවට නගන්නට අති දක්ෂයන් බව. ඒ අතරින් අස්ගර් ෆර්හාඩි කියන්නෙ සුවිශේෂී චරිතයක්. ඔහුගේ The Salesman(2016), A separation (2011),Fireworks Wednesday (2006), The Past (2013) නරඹා ඇත්නම් ඔබ ඒ කාරණය දැනටමත් දන්නවා. මේ About Elly (2009) චිත්‍රපටයත් එසේමයි, ටික වේලාවක් නරඹනවිට ඔබද චිත්‍රපටයේ චරිතයක් බවට පත්වනවා නොදැනීම.
අස්ගර් ෆර්හාඩිගේ හා අසාද් ජෆාරියන්ගේ කතාවකින් අස්ගර් ෆර්හාඩිගේම තිර රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මේ චිත්‍රපටය IMdb අඩවියෙන් 8.0ක අගයක්ද Rotten Tomatoes වෙතින් 99%ක අගයක්ද මෙටාක්‍රිටික් වෙතින් 87%ක අගයක්ද ගූගල් පරිශීලක ප්‍රසාදය 93%ක්ද ලබා තිබෙන අතර සම්මාන 33කට නිර්දේශව එයින් 20ක්ම තමන් සතු කරගත් එකක්. රංගනයෙන් දායක වෙන්නේ ගොල්ෂිෆේ ෆරහානි (සෙෆීදා), ශහාබ් හොසෙනි (අහ්මද්),තරානේ අලිදූස්ති (එලී),මෙරිලා සරෙ’යි (ෂෝරෙ), මානි හගිගි (අමීර්), පේමාන් මාදි (පේමාන්),රානා අසදිවර් (නාසි), අහ්මද් මෙහ්රන්ෆර් (මන්සූර්), සබර් අබර් (අලිරෙසා) වැනි පිරිසක් ( උපසිරැසිය තුල භාවිතයේ පහසුව තකා සමහර නම් වෙනස් කර ඇති බව සලකන්න).
චිත්‍රපටය පිලිබඳ විශේෂ තතු :
අස්ගර් ෆර්හාඩි පවසන ආකාරයට මෙම චිත්‍රපටය එවක ජපන් චිත්‍රපට උළෙලට බාරගෙන නෑ, චිත්‍රපටය තුල දැක්වෙන ඉරානය ඔවුන් සිතන ඉරානයට බොහෝ සෙයින් පරස්පර නිසා.
2009 වසරේ ඔස්කා සම්මාන උළෙල නියෝජය කල නිල ඉරාන චිත්‍රපටයද මෙයයි. එසේම ඔස්කා සම්මාන උළෙලකට ඉදිරිපත් කල මුල්ම අස්ගර් ෆර්හාඩි සිනමා නිර්මාණයද මෙයයි.
එසේම ඉරාන ජාතික රංගන ශිල්පිනී ගොල්ෆිෂේ ෆරහානිගේ අවසන් ඉරාන චිත්‍රපටයද මෙයයි. ඇය ඔබව මෑතකදී දකින්නට ඇති Extraction(2020) හොලිවුඩ් චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයකින්.
චිත්‍රපටයේ කතාවට ආරම්භයක් අරගෙන දෙන්නම් මම මේ විදියට…
ඉරාන මධ්‍යම පාන්තික මිතුරු මිතුරියන් පිරිසක් කාර්යබහුල ටෙහ්රාන් නගරයේ සිට මුහුදුකරය කරා පිටත්වෙනවා සති අන්තය ගෙවීම සඳහා. මෙතන පවුල් තුනක සාමාජික සාමාජිකාවන් සිටින අතර, ඔවුන් අතර සිටින සෙෆීදා නම් කාන්තාව තම දියණියගේ ගුරුවරිය වන එලී නම් තරුණ කාන්තාවටද මෙම ගමනට ආරාධනා කරන්නේ ඇයව මෑතක විවාහයෙන් වෙන්වූ අහ්මද් නම් මිතුරාට ඇයව හඳුන්වා දීමටයි, ඔහු මේ වනවිට ජීවත්වන්නේ ජර්මනියේ. කෙසේ හෝ වෙනදාට පවුල් තුනක් පමණක් එක්ව යන මේ ගමනට සම්බන්ධ වන මේ තරුණ ගුරුවරිය නිසා මේ පවුල් තුනේ සතුටුදායක සති අන්තයට සිදුවන්නේ ඔවුන් සිහිනයකින්වත් නොසිතූ දෙයක්… ඒ කුමක්දැයි දැනගන්නටනම් ඔබට චිත්‍රපටය නරඹන්නට සිදුවෙනවා. ඒ සඳහා හෝරා දෙකකට ආසන්න කාලයක් තිරය ඉදිරිපිට ඔබ ගෙවන කාලය අපතේ ගියායැයි ඔබට කිසිවිටෙක නොසිතෙන බවට සහතික වෙන්නට පුළුවන් මට. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.
උපසිරැසිය අන්තර්ජාලයේ ඇති සියලුම Bluray පිටපත් සඳහා ගැලපේ

Year :
2009
Genre :
Drama,mystery
Actors :
Golshifteh Farahani,Shahab Hosseini,Taraneh Alidoosti,Merila Zare'i
Writer : N/A
Director :
Asghar Farhadi
Plot : Directed By Asghar Farhadi. With Golshifteh Farahani, Shahab Hosseini, Taraneh Alidoosti, Merila Zare'i. The Mysterious Disappearance Of A Kindergarten Teacher During A Picnic In The North Of Iran Is Followed By A Series Of Misadventures For Her Fellow Travelers.

සිංහල උපසිරැස Download කරගන්න 637 times
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බොහොම ස්තූතියි හසිත :slight_smile:❤…
ජය වේවා.!! :punch::punch::punch:
ස්තූතියි හසිත
me director ge fatta film tika meka downlod kara aniwa ada balanwa thawa me wage films danna thiyanwnm