Grimm [S02 : E07] Sinhala Subtitle
Grimm කතා මාලාවේ දෙවෙනි සමයේ 7 වෙනි කොටසේ උපසිරැසිය අද ඔයාලට බලන්න පුළුවන්. අද කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු. ඉන්ධන පිරවුම් හලක වෙච්ච මිනීමැරුමක් ගැන වාර්තා වෙනවා. ඒ සම්බන්ධව නික් සහ ග්‍රිෆින් කරන පරීක්ෂණ වල ප්‍රථිපලයක් විදිහට එයාලගේ සැකය යොමු වෙන්නේ තම දියණිය සමඟ නිවසින් පලා යන තාත්තා කෙනෙක් දිහාවට. ඒ කෙනා තම බිරිඳට පහර දීලා දුවව පැහැරගන්න ආකාරයක් තමයි අපිට දැකගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කතාවේ ප්‍රධාන ගලා යෑම තමයි ඒක. ඒ වගේම අද කොටසින් දකින්න ලැබෙන අධි ස්වාභාවික සත්වයා ගැන සඳහන් කරන්නම්. Drang-Zorn(ඩ්‍රැන්ග්-සෝන්) නමින් තමයි හඳුන්වන්නේ. වලසෙක් වැනි පෙනුමක් තමයි දකින්න ලැබෙන්නේ. එයාලා ශාරීරික වශයෙන් ගොඩක් ශක්තිමත් අය. එයාලා ඉක්මනින් කිපෙන සුළු කොට්ටාශයක්. එයාලට තර්ජනයක් දැනුනු වහාම තමන් විසින් සකස් කරගත්ත පොලොව යට ගුහාවන් වල සැඟවෙන්න ඔවුන් පෙළඹෙනවා. නමුත් වැඩුණු ඩ්‍රැන්ග්-සෝන් වෙසන් කෙනෙක්ට තමන්ව පාලනය කරගැනීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 13කට අඩු ඩ්‍රැන්ග්-සෝන් කෙනෙක් තමන්ගේ වෙනස් වීමේ අවදියට මුහුණ දෙනවා නම් ඒක භයානක තත්වයක්. මොකද එයාලට තමන්ව පාලනය කරගන්න අමාරු වෙනවා. තමන්ගේ තරහ පිට කරන්න මිනීමැරුමක් වුනත් කරන්න පෙළඹෙනවා. මේ තත්වය නිසා වෙනස් වීමේ අවදියට මුහුණ දෙන කාලය වෙනකොට තමන්ගේ දෙමව්පියන් විසින් අදාළ ඩ්‍රැන්ග්-සෝන් දරුවන්ව පොලොව යට ගුහාවක තත්වය පාලනය කරගන්න ඉගෙන ගන්න තෙක් රඳවා තබාගන්නවා. ඉතින් අද කොටසෙන් මේ සත්වයා ගැන ඔයාලට දකින්න ලැබෙයි. අනිත් කාරණය තමයි ජුලියට් හොඳ අතට හැරෙනවා කියලා තමයි අපිට දකින්න ලැබෙන්න. නමුත් ඇත්තටම ඒක එහෙමද. ඒක ඉස්සරහට බැරෑරුම් තත්වයක් වෙයි කියලා ඔයාලට හිතෙයි මේ කොටස් ටික බලනකොට. එහෙනම් වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. උපසිරැසිය බාගෙන අදහසක් දක්වලා යන්න කියලා අපේ රසිකයන්ට ආරාධනා කරනවා. ඒ වගේම අපිත් එක්ක ඉන්න හැමදාම අපිව අදහස් දක්වලා දිරිමත් කරන රසිකයන්ට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් තවත් උපසිරසියකින් හම්බෙමු. හැමෝටම ජය!!
The Bottle Imp
Spoiler Warning : An investigation into a grisly murder leads Hank and Nick to a seemingly unstable man who is on the run with his daughter; Monroe realizes that filling in for Rosalee will be harder than he thought…
සබට තුති සහෝ!
niyamai macho. denakan ivasillak nathuva hitiye
thanks macho
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ස්තුතියි සහෝ උපසිරැසියට……………!
aTnx mcn digatama diyan
සබ් ඉක්මනට දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා මචෝ
ලබන සතියේ ඉඳලා රෑටත් ලෙක්චර්ස් වැටෙන කලාවක් තියෙන්නේ. 😀 පුළුවන් ඉක්මනට දෙනවා මචන්. ෆිලුමක්වත් බලන්න වෙලාවක් නැහැ මචන් සබ් වැඩත් එක්ක. හැම පැත්තක්ම බේරගන්න එපැයි 😉
මචන් ඉතුරු ටිකත් දාපන්. s1 එකේ ඒව දැන් download කරන්න බෑනෙ බන්. ඒකටත් මොකක්හරි කරපන්. good luck සහෝ
ඉතුරු කොටස් වල සබ් ඉස්සරහට අරන් එනවා සහෝ. සතුටුයි දිගටම උබලා අපි එක්ක හිටපු එක ගැන. 🙂
අදහස් දක්වපු හැමෝටම ස්තුතියි!! ජය!!
මටත් ෆිලුමක් වත් බලන්න වෙලාවක් නැ.අන්‍ෙ මොනා කරන්නද.horror tv show බලන්න මාර ආසයි.ඇයි american horror story show එකට සබ් දෙන්නැත්තෙ ආසාවෙන් බැලුව එක
හොඳ කොල්ල වහේ ඉතුරුටිකත් ඉක්මනට දෙන්නකෝ……………
sub 1ta thnx mcho ikmnta dapnko bn ithuru tikath…….
iwasillak na bn ithuru tikat blnna
ithuru tika danne nadda bro
Niyamai saho ikmanata denna balanna.api dannawa ubala wada asse mewa karanne.thanks