Trending

Leave No Trace (2018) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ මම මේ වසරෙ මම දැකපු හොඳම චිත්‍රපටවලින් එකකට උපසිරැසි අරගෙනයි. චිත්‍රපටය නමින් Leave no Trace (2018). මම චිත්‍රපටය නරඹල ඉවරවෙනවත් එක්කම වගේ කවීෂ සහෝදරයගෙන් ඉල්ලීමක් ආවා මේ චිත්‍රපටයෙ උපසිරැසිය කරමු කියල. ඒ නිසාම උපසිරැසිය ඕගොල්ලො හමුවට ඒමේ ස්තූතිය යන්න ඕනෙ කවීෂටයි ඔන්න. හිටපු ඇමරිකානු හමුදා භටයෙක් සහ ඔහුගේ යොවුන් දියණිය අතර ඇති බැඳීම විටෙක ඉතාම අපූරුවටත්, විටෙක අනුවේදනීය ලෙසත් අපට පෙන්වන මේ චිත්‍රපටය සම්මාන 17කට නිර්දේශව එයින් 4ක්ම තමන් සතු කරගන්නටද සමත් වූ එකක්. ඊට අමතරව IMDB වෙතින් 7.5ක්, Rotten Tomatos වෙතින් 100%ක්, Metacritics වෙතින් 88%ක් ලෙස ඉතාම ඉහල අගයන් ලබා ගන්නටත් සමත් වී තිබෙනවා. ඒ වගේම කියන්න ඕනෙ මේක බොහොම තාත්වික විදියට නිර්මාණය කල චිත්‍රපටයක්. ඔබ මේ දවස්වල CGI දැකල දැකලම එපාවෙලා ඉන්න කෙනෙක්නම්, වෙනසකටත් එක්ක හොඳ චිත්‍රපටයක් මේක. චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ ලේඛක පීටර් රොක්ගේ My Abandonment නම් 2009 වසරේ පළකල නවකතාව ඇසුරින්. එය තිරරචනයක් බවට පෙරලන්නේ ඈන් රොසෙලිනි සහ අධ්‍යක්ෂිකා ඩෙබ්රා ග්‍රානික් විසින්. රංගනයෙන් දායක වෙන්නෙ තොමසින් මැකෙන්සි (ටොම්), බෙන් ෆොස්ටර් (විල්), ඉසයා ස්ටෝන් (ඉසයා), ඩේල් ඩිකී (ඩේල්) වගේ නළු නිළි පිරිසක්. හරි, වෙනද වගේ චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් කරන්න අදහසක් නෑ අද. මොකද කිව්වොත් කතාව ටිකක් හරි විස්තර කලොත් ඒක මේ චිත්‍රපටයෙ රසවින්දනයට බාධාවක් වෙයි කියල මට හිතෙනවා. ඒ නිසා නරඹන ඔබටම නිදහසේ නරඹන්න ඉඩ දීල මම ගිහින් එන්නම්. හමුවෙමු අපි ලඟදීම තවත් චිත්‍රපටයකින්.

“I don’t have the same problem you have.”

  • උපසිරැසි ගොණුව තුල WEB-DL සහ BluRay පිටපත් ද්විත්වයටම උපසිරැසි ඇතුලත්ය.
  • ඩවුන්ලෝඩ් ලින්ක්හි ඉහලින් ඇති ලින්ක් එක WEB-DL සඳහා වන අතර පහලින් ඇති ලින්ක් එක BluRay සඳහා වේ.

විශේෂ :-

  • චිත්‍රපටයට වඩා තාත්වික බවක් ලබාදීම සඳහා මෙහි මුල් තිර රචනයේ තිබූ දෙබස්වලින් 40%ක පමණ ප්‍රමාණයක් ඉවත් කරන්න ප්‍රධාන නළු බෙන් ෆොස්ටර් සහ අධ්‍යක්ෂිකා ඩෙබ්රා ග්‍රානික් කටයුතු කර තිබෙනවා.
  • මෙහි එන 4-H තරුණ සංගමය ඇමරිකා එක්සත් ජනපදයේ විශාලතම සහ පැරණිම තරුණවිය සංවර්ධන වැඩසටහන ලෙසයි සැලකෙන්නේ. ඇමරිකාවේ සෑම ප්‍රාන්තයකම නගරයකම පාහේ එහි ශාඛාවක් තියනවලු. සෑම වසරකම වයස 5 -18ත් අතර දරුවන් මිලියන හයක් පමණ මෙයට දායක වෙන බවටත් අන්තර්ජාලයේ සඳහන්. මේ සංගමයට සැබෑවටම සම්බන්ධ තරුණ තරුණියන් කිහිප දෙනෙක් සහ එහි උපදේශකවරයෙක්ද චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.
Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
4 FILES
720p bluray 928.35 MB x264
1080p bluray 1.75 GB x264
▲21 · ▼4
Magnet GET
720p web 922.76 MB x264
▲5 · ▼2
Magnet GET
1080p web 1.74 GB x264
▲17 · ▼11
Magnet GET
Discussion (21)
  • Mithun Unregistered
    Android 8 Chrome 69

    හිතාගන්නවත් බැ මේකට සබ් දැම්ම කියද්දි …මෙක ටොරන්ට්පට වටෙන්ම වැටුන වෙලේ මාත් දැක්ක ,හිතගියා මුවි එකට සුපිරි කතාවක් වගේ කියල හිතුන .. Imdb රේටින් එකම ලොකු අගයක් දැක්ක, ගොඩක් ස්තුතියි සහෝ සබ් දැම්මට මේවගේ වෙනස් අලුත්ම චිත්‍රපටයකට❤️❤️දැම් ඉතින් අසාවෙන්ම මුවි එක අරගෙන බලන්න පුලුවන් සතුටුයි ❤️❤️

  • Mithun Unregistered
    Android 8 Chrome 69

    Rotten tomatos 100%…🍅

  • Gihan Perera User
    Windows 7 Chrome 69

    Thanks Sub Ekata,

  • THE NEW FOLDER Unregistered
    Windows 7 Firefox 62

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  • Kavisha Methruwan Expert Subtitler
    Windows 8.1 Chrome 69

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ඔබට ජය!

  • naveenlakshitha Unregistered
    Windows 7 Chrome 69

    Thanks sub ekata elama

  • rajitha Unregistered
    Windows 7 Chrome 69

    Thanks machan…….jayawewa…..!

  • Pasindu Unregistered
    Android 6 Chrome 66

    සුපිරි machan

  • Madusha Unregistered
    Windows 10 Opera 55

    බොහොම ස්තූතියි සහෝ

  • Silent$ Unregistered
    Windows 7 Chrome 69

    Thnxxxxxxxxxxxxx

  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 57

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

  • dimuthu_3 User
    Windows 10 Firefox 62

    Thank you.

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search