Leave No Trace (2018) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ මම මේ වසරෙ මම දැකපු හොඳම චිත්‍රපටවලින් එකකට උපසිරැසි අරගෙනයි. චිත්‍රපටය නමින් Leave no Trace (2018). මම චිත්‍රපටය නරඹල ඉවරවෙනවත් එක්කම වගේ කවීෂ සහෝදරයගෙන් ඉල්ලීමක් ආවා මේ චිත්‍රපටයෙ උපසිරැසිය කරමු කියල. ඒ නිසාම උපසිරැසිය ඕගොල්ලො හමුවට ඒමේ ස්තූතිය යන්න ඕනෙ කවීෂටයි ඔන්න. හිටපු ඇමරිකානු හමුදා භටයෙක් සහ ඔහුගේ යොවුන් දියණිය අතර ඇති බැඳීම විටෙක ඉතාම අපූරුවටත්, විටෙක අනුවේදනීය ලෙසත් අපට පෙන්වන මේ චිත්‍රපටය සම්මාන 17කට නිර්දේශව එයින් 4ක්ම තමන් සතු කරගන්නටද සමත් වූ එකක්. ඊට අමතරව IMDB වෙතින් 7.5ක්, Rotten Tomatos වෙතින් 100%ක්, Metacritics වෙතින් 88%ක් ලෙස ඉතාම ඉහල අගයන් ලබා ගන්නටත් සමත් වී තිබෙනවා. ඒ වගේම කියන්න ඕනෙ මේක බොහොම තාත්වික විදියට නිර්මාණය කල චිත්‍රපටයක්. ඔබ මේ දවස්වල CGI දැකල දැකලම එපාවෙලා ඉන්න කෙනෙක්නම්, වෙනසකටත් එක්ක හොඳ චිත්‍රපටයක් මේක. චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ ලේඛක පීටර් රොක්ගේ My Abandonment නම් 2009 වසරේ පළකල නවකතාව ඇසුරින්. එය තිරරචනයක් බවට පෙරලන්නේ ඈන් රොසෙලිනි සහ අධ්‍යක්ෂිකා ඩෙබ්රා ග්‍රානික් විසින්. රංගනයෙන් දායක වෙන්නෙ තොමසින් මැකෙන්සි (ටොම්), බෙන් ෆොස්ටර් (විල්), ඉසයා ස්ටෝන් (ඉසයා), ඩේල් ඩිකී (ඩේල්) වගේ නළු නිළි පිරිසක්. හරි, වෙනද වගේ චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් කරන්න අදහසක් නෑ අද. මොකද කිව්වොත් කතාව ටිකක් හරි විස්තර කලොත් ඒක මේ චිත්‍රපටයෙ රසවින්දනයට බාධාවක් වෙයි කියල මට හිතෙනවා. ඒ නිසා නරඹන ඔබටම නිදහසේ නරඹන්න ඉඩ දීල මම ගිහින් එන්නම්. හමුවෙමු අපි ලඟදීම තවත් චිත්‍රපටයකින්.
“I don’t have the same problem you have.”
- උපසිරැසි ගොණුව තුල WEB-DL සහ BluRay පිටපත් ද්විත්වයටම උපසිරැසි ඇතුලත්ය.
- ඩවුන්ලෝඩ් ලින්ක්හි ඉහලින් ඇති ලින්ක් එක WEB-DL සඳහා වන අතර පහලින් ඇති ලින්ක් එක BluRay සඳහා වේ.
විශේෂ :-
- චිත්‍රපටයට වඩා තාත්වික බවක් ලබාදීම සඳහා මෙහි මුල් තිර රචනයේ තිබූ දෙබස්වලින් 40%ක පමණ ප්‍රමාණයක් ඉවත් කරන්න ප්‍රධාන නළු බෙන් ෆොස්ටර් සහ අධ්‍යක්ෂිකා ඩෙබ්රා ග්‍රානික් කටයුතු කර තිබෙනවා.
- මෙහි එන 4-H තරුණ සංගමය ඇමරිකා එක්සත් ජනපදයේ විශාලතම සහ පැරණිම තරුණවිය සංවර්ධන වැඩසටහන ලෙසයි සැලකෙන්නේ. ඇමරිකාවේ සෑම ප්‍රාන්තයකම නගරයකම පාහේ එහි ශාඛාවක් තියනවලු. සෑම වසරකම වයස 5 -18ත් අතර දරුවන් මිලියන හයක් පමණ මෙයට දායක වෙන බවටත් අන්තර්ජාලයේ සඳහන්. මේ සංගමයට සැබෑවටම සම්බන්ධ තරුණ තරුණියන් කිහිප දෙනෙක් සහ එහි උපදේශකවරයෙක්ද චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.
හිතාගන්නවත් බැ මේකට සබ් දැම්ම කියද්දි …මෙක ටොරන්ට්පට වටෙන්ම වැටුන වෙලේ මාත් දැක්ක ,හිතගියා මුවි එකට සුපිරි කතාවක් වගේ කියල හිතුන .. Imdb රේටින් එකම ලොකු අගයක් දැක්ක, ගොඩක් ස්තුතියි සහෝ සබ් දැම්මට මේවගේ වෙනස් අලුත්ම චිත්‍රපටයකට❤️❤️දැම් ඉතින් අසාවෙන්ම මුවි එක අරගෙන බලන්න පුලුවන් සතුටුයි ❤️❤️
Rotten tomatos 100%…🍅
Thanks Sub Ekata,
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ඔබට ජය!
Thanks sub ekata elama
Thanks machan…….jayawewa…..!
සුපිරි machan
බොහොම ස්තූතියි සහෝ
Thnxxxxxxxxxxxxx
උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thank you.