මදක් ඉවසන්න
Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies 1
    • Canadian Movies 3
    • Chinese Movies 39
    • Denmark Movies 4
    • English Movies 447
    • French Movies 11
    • Georgian Movies 2
    • German Movies 6
    • Hindi Movies 65
    • Iran Movies 2
    • Japanese Movies 16
    • Korean Movies 31
    • Malayalam Movies 1
    • Norwegian Movies 5
    • Spanish Movies 17
    • Tamil Movies 18
    • Telagu Movies 14
    • Thai Movies 4
    • Ukrainian Movies 2
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න

FB Group

Subz.LK

Profile

අපගේ වෙබ් අඩවියේ් ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න

Today Top 10

Zack Snyder’s Justice League (2021) Sinhala SubtitleThe Good Doctor (2017) [S01 : E05] Sinhala SubtitleKnightfall (2017) [S02 : E02] Sinhala SubtitleDragon Lord (1982) Sinhala SubtitleThe Umbrella Academy (2019) [S02 : E02] Sinhala SubtitleHacksaw Ridge (2016) Sinhala SubtitleDragonheart Vengeance (2020) Sinhala SubtitleOrphan Black [S02 : E02] Sinhala SubtitleWeightlifting Fairy Kim Bok-Joo (2016) [S01 : E12] Sinhala SubtitleThe Good Doctor (2017) [S01 : E06] Sinhala Subtitle

ads

Movies English Movies Little Women (2019) Sinhala Subtitle
Little Women (2019) Sinhala Subtitle
MOVIE

Hasitha Prasad 1 year ago Drama, Romance

[ Blu-ray පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත. Web පිටපත් සතු අය සඳහා එම පිටපතට ගැලපෙන ලෙස සකස් කල උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල අන්තර්ගතය. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න. එසේම අන්තර්ජාලයේ ඇති සියලුම Web සහ Blu-ray පිටපත් සඳහාද මෙම උපසිරැසි ගැලපේ ]

ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. Contagion (2011) චිත්‍රපටයේ උපසිරසියත් සමගම මේ අරගෙන එන්නෙ මේ වසරේ ඔස්කා සම්මාන උළෙලේ සම්මාන 6කට නිර්දේශව එයින් 1ක් දිනාගන්නට සමත්වූ Little Women (2019) චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි.මේක මම කරල අවසන් කරල අඩුපාඩු බලන්න පමණයි තිබුණෙ. එය අවසන් කරලයි මේ අරගෙන එන්නෙ. IMDb වෙතින් 8.0ක අගයකුත්, Rotten Tomatoes වෙතින් 95% ක අගයකුත්, මෙටාක්‍රිටික් වෙතින් 91%ක්ද ලබා ඇති මෙය ඔස්කා සම්මානයට අමතරව තවත් සම්මාන 70කින්ද පිදුම් ලබා තිබෙනවා. ඇමරිකානු ලේඛිකා ලුසීයා මේ ඇල්කොට් (1832–1888) විසින් රචනා කර 1868 සහ 1868 යන වසර දෙකේදී වෙළුම් දෙකක් ලෙසින් මුල්වරට පලවූ Little Women කෘතිය ඇසුරෙනුයි මේ චිත්‍රපටය නිර්මාණය කර තිබෙන්නේ.

Little Women පලමු වෙළුම (1868)

මේ කෘතිය ඇය රචනා කර තිබෙන්නේ ඇයගේ පෙර නිර්මාණ ප්‍රකාශයට පත්කල බොස්ටන්හි Roberts Brothers ප්‍රකාශන සමාගම වෙතින්. මුල් වෙළුම ලබන ප්‍රේක්ෂක විචාරක පැසසුම් නිසා ඔවුන් විසින්ම කල ඉල්ලීමක් අනුවයි ඇය දෙවන වෙළුම, එනම් Good Wives නවකතාව ලියා පලකරන්නේ. එයත් අති සාර්ථක වන අතර මෙම වෙළුම් දෙකම එක්කර 1880 වසරේදී Little Women නමින් එක් කෘතියක් ලෙස පළ කෙරෙනවා. ලුයීසා මේ ඇල්කොට්ගේ සහ ඇගේ සහෝදරියන් තිදෙනාගේ ජීවිතයේ දුක, සතුට, හැලහැප්පීම් මැදින් ගලායන ආදරය ඇතුලත් මෙය ඇගේ අර්ධ-ස්වයං චරිතාපදානයක් ලෙසයි සැලකෙන්නේ. ඒ වගේම මෙය මින් පෙර කිහිප වතාවක්ම සිනමාවටද නැගී තිබෙනවා. මෙවර එය තිරචනය කරමින් අධ්‍යක්ෂණය කරන්නේ ඇමරිකානු නිළි සහ අධ්‍යක්ෂිකා ග්‍රේටා ග්‍රෙවිග් විසින්. ඔබ දන්නවා Lady Bird (2017) චිත්‍රපටයත් ඇයගේ අධ්‍යක්ෂණයක්. රංගනයෙන් දායක වෙන්නෙ: සෙෂා රොනන් (ජෝ මාච්), එමා වොට්සන් (මෙග් මාච්), ෆ්ලෝරන්ස් පියු (ඒමි මාච්), එලීසා ස්කැන්ලන් (බෙත් මාච්),ලෝරා ඩර්න් (මාච් මහත්මිය), ටිමතී ෂැලමේ ( තියඩෝර් ලෝරන්ස් ), බොබ් ඔඩෙන්කර්ක් (මාච් මහතා), ට්‍රේසි ලෙට්ස් ( ඩෑෂ්වුඩ්), ලුයිස් ගැරල්( ෆ්‍රෙඩ්‍රික්), මෙරිල් ස්ට්‍රීප් ( මාච් නැන්දා) ඇතුළු පිරිසක්. ඇත්තටම කියනවනම් සියලුම දෙනා තමන්ගෙ උපරිම දායකත්වය චිත්‍රපටයට ලබාදී තිබෙනවා, විශේෂයෙන්ම ෆ්ලෝරන්ස් පියු සහ සෙෂා රොනන්, ඒ වගේම සමස්තයක් වශයෙන් ගත්තම චිත්‍රපටය තුලදී දකින්න ලැබෙන්නෙ ඉතාම සුළු කාලයක් වුණත් මෙරිල් ස්ට්‍රීප්ගේ රංගනයත් අපේ සිත් ඇදගන්නවා. කතාව පැත්තෙන් ගත්තොත් පොත සහ චිත්‍රපටය අතර යම් වෙනස්කම් තිබෙන බවත් කියවෙනවා. කොහොමහරි වෙනද වගේම කතාවට ආරම්භයක් අරගෙන දෙන්නම් මේ විදියට…

ජෝ මාච්, මෙග් මාච්, බෙත් මාච් සහ ඒමි මාච් සහෝදරියන් සිව්දෙනා ජීවත්වෙන්නෙ තම මව සමග. ඇමරිකානු උතුර සහ දකුණ ලෙසින් වහල් සේවය අවලංගු කරන්නේදැයි නොකරන්නේදැයි තීරණය කරන්නට සිවිල් යුද්ධයකට එලඹ සිටි කාල සමයි මේ ගෙවෙන්නේ. සිවිල් යුද්ධයේ සෙබළෙකු ලෙසින් සේවයට ගොස් සිටින ඔවුන්ගේ පියා නැති නිවසේ සියලු කටයුතු කෙරෙන්නේ ඔවුන්ගේ මව සහ හැනා නම් සේවිකාව අතින්. අගහිඟකම් මධ්‍යයේ වුවත් සහෝදර ප්‍රේමයෙන් එකාවන්ව ගත කරන මේ සිව් සහෝදරියන්ගේ ජීවිතවල කාලයත් සමග සිදුවන වෙනස්වීම්, වැඩිහිටි වියට පාතබද්දී අනෙකුන් වෙනුවෙන් තම සිහින කැප කිරීම්, පරිනතව ලෝකය දෙස බලන්නට හුරු වීම් වැනි බොහෝ දේ විටෙක සංවේදීලෙසත්, විටෙක සතුට දනවන ලෙසත්, බොහෝ තැන්වල අනපේක්ෂිත ලෙසත් මේ චිත්‍රපටය තුල කැටිකොට තිබෙනවා. මින් එහාට ඔබේ රසවින්දනයට බාධා කරන්නට අදහසක් නෑ, නරඹද්දි මතක තබාගන්න මේ චිත්‍රපටය වර්තමාන සහ අතීත සිදුවීම් යම් මිශ්‍රණයක් ලෙසයි දකින්නට ලැබෙන්නේ. නමුත් එවැනි බොහෝ චිත්‍රපටවල කරන්නාක් මෙන් මෙහිදීත් අතීත සිදුවීම් රූපරාමු වඩා වර්ණවත්වත්, වර්තමාන සිදුවීම් වර්ණවත් බවින් මදක් අඩු ලෙසත් සකසා තිබෙනවා. එහෙනම් ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම.

විශේෂ :-

ඩිකෙඩන්ට් නොහොත් පරිහානික කලාකරුවන්

මෙනමින් හැඳින්වෙන්නේ 19වන ශතවර්ශයේ අගභාගයේදී බටහිර යුරෝපය කේන්ද්‍රකරගෙන ඇතිවූ කලා සහ සාහිත්‍ය රැල්ලක්, එය සාමාන්‍ය කලා භාවිතයන්, සමාජ සම්ප්‍රදායන් සම්මතයන් ඉක්මවා යාම සහ අස්වාභාවිකත්වය මුල්කරගත් සෞන්දර්යවාදී සංකල්පයක්, අපේ භාෂාවෙන් කියනවනම් ඒ කාලයේ හැටියට රැඩිකල් කලා භාවිතයක්. ප්‍රංශයෙන් ආරම්භවී යුරෝපය හරහා ඇමරිකාව වෙතත් මේ රැල්ල පිවිසෙනවා.







Year : 2019

Rating : 8.0

Genre : Drama, Romance

Actors : Saoirse Ronan, Emma Watson, Florence Pugh, Eliza Scanlen

Writer : N/A

Director : Greta Gerwig

Plot :

Jo March reflects back and forth on her life, telling the beloved story of the March sisters - four young women each determined to live life on their own terms.





Direct පිටපත


BRRip සඳහා යාවත්කාලීන කර ඇත

ආදාල වීඩියෝ පිටපත Download කරගන්න 456 Views




සිංහල උපසිරැස Download කරගන්න 1060 times


Subz.lk වෙනුවෙන් උපසිරැසි කරේ
Hasitha Prasad
8.0
IMDB
100%
User Rating



Watch More

The King (2019) Sinhala Subtitle

Nekromantik 2 (1991) Sinhala Subtitle

Mr. Nice Guy (1997) Sinhala Subtitle

Inconceivable (2017) Sinhala Subtitle

Despicable Me 3 (2017) Sinhala Subtitle

True Legend AKA Su Qi-er (2010) Sinhala Subtitle

Guns Akimbo (2019) Sinhala Subtitle

Little Women (2019) Sinhala Subtitle

Bethany (2017) Sinhala Subtitle

‹ ›

  1. Kantha_DLA Unregistered User March 23, 2020 at 6:45 am

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……


    Reply
  2. Hashan Priyadarshana Verified Top User March 23, 2020 at 11:45 am

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊


    Reply
  3. Madusha Unregistered User March 23, 2020 at 1:13 pm

    බොහොම ස්තූතියි සහෝ


    Reply
  4. ඉනුක විජේරත්න New User March 23, 2020 at 5:29 pm

    ෆිල්ම් එක හොඳයිද?


    Reply
    • Hasitha Prasad Co - admin March 23, 2020 at 6:15 pm

      වරදක් නෑ, හොඳයි.


      Reply
  5. Dinithi Rajakaruna New User March 30, 2020 at 6:38 pm

    thanks for the sub


    Reply
  6. Diwya Wasana Verified User March 31, 2020 at 12:02 am

    උපසිරැසියට බොහොම ස්තුතියි


    Reply
  7. wicki Unregistered User July 11, 2020 at 10:16 pm

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි


    Reply
  8. ඉෂි ද සිල්වා Co - admin July 21, 2020 at 8:28 pm

    thanx sub ekata.


    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google
  • කිසිම විටක උපසිරැස් කරුට හෝ වෙබ් අඩවියට අපහාස නොවන ආකාරයට ඔබගේ අදහස (comment) එකතු කිරීමට කාරුණික වන්න ..
  • යම් දෝෂයක් ඇත්නම් එය සැකවින් පල කරන්න .(හැකි ඉක්මනින් අප එය නිවැරදි කිරීමට උත්සහා කරමු )

Up Dates

Nomadland (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
News Of The World (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
The Croods: A New Age (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Minari (2021) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Soul (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Wonder Woman 1984 (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Aap Mujhe Achche Lagne Lage (2002) චිත්‍රපටය WEB-DL පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Becky (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Little Women (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Sonic The Hedgehog (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
Jumanji: The Next Level (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
1917 (2019) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
තව බලන්න

Achievements

  • දමිත් ප්‍රියංකර ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • K.A Raveen ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 350 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Mihira Madushanka ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න

Last Month Top 10

Replicas (2018) Sinhala Subtitle 2936 Inuka Wijerathna
Sentinelle (2021) Sinhala Subtitle 2172 Rasika Samanjith
Zack Snyder’s Justice League (2021) Sinhala Subtitle 908 Hasitha Prasad
The Falcon and the Winter Soldier (2021) [S01 : E02] Sinhala Subtitle 872 දමිත් ප්‍රියංකර
Cherry (2021) Sinhala Subtitle 535 Hasitha Prasad
The Winter Lake (2021) Sinhala Subtitle 432 Rasika Samanjith
Raya and the Last Dragon (2021) Sinhala Subtitle 424 Hasitha Prasad
The Martian (2015) Sinhala Subtitle 267 Hasitha Prasad
Your Honor (2020) [S01 : E06] Sinhala Subtitle 231 K.A Raveen
Your Honor (2020) [S01 : E08] Sinhala Subtitle 223 K.A Raveen
තව බලන්න

ads

information

  • Software
  • අපි ගැන

Security & privacy

  • Terms Of Use
  • Privacy Policy
  • DMCA

introduction

Subz lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට උපසිරැස ලබා දෙන වෙබ් අඩවියක් වේ.

Copyright © 2015-2021 / Subz.LK