~ RELENTLESS — අනුකම්පා විරහිත ~
ගොඩ කාලෙකට පස්සෙ අරන් ආවේ 2018 තිරගත කල THRILLER කාණ්ඩයට අයත් චිත්‍රපටයක්..මෙම චිත්‍රපටය විනාඩි 95ක් පුරා ධාවනය වන අතර IMDB RATE එක 4.5ක් වගේ තමයි අරන් තියෙන්නෙ… LANCY TRACY කියන අධ්‍යක්ෂක වරයාගේ වැඩක් වන මෙම චිත්‍රපටය ප්‍රධාන භූමිකාව වන හෝලී ඩ්‍රීව් කියන චරිතයට පන පොවන්නේ Lauren Shaw කියන නිලිය…Zero Dark Thirty 2012/Crossbones 2014/9-1-1 2019 මේ තියෙන්නෙ එයාගේ චිත්‍රපට කීපයක්…..මිලාග්‍රා කියන චරිතයට පන පොවන්නේ Elpidia Carrillo කිය්න නිලිය….මෙයා නම් ඔයාලට හොදට මතක ඇති..Predator 1987/ Predator 2 1990 යන චිත්‍රපටවල ඇනා කියන චරිතය කලේ මෙයා….තව ඉන්නවා නලු නිලියෝ එයාලත් මේ වගේම ප්‍රධාන චිත්‍රපට වල අපි දැකපු අය ඉන්නෙ..මේ ඉන්නෙ එයාලා..
Sydney Sweeney — Ally
Peter Holden — Rob Drew
David Castro — Fern
Peter Pasco — Raul
Martin Chavez — Ricardo
Krissia Cedillos — Laura
තව දෙයක් තමයි මේ චිත්‍රපටය 2016 රූගත කරපු එකක්..ඒ උනාට 2018 තමයි තිරගත කරල තියෙන්නෙ….මොකද මේ චිත්‍රපටයේ IMDB RATE අඩු උනත් සම්මාන නම් 3ක් දිනාගෙන තියෙනවා..
Breckenridge Festival of Film 2016 දී
Festival Prize [Winner] එකේ Best Drama….
Festival Prize [Winner] Best Director වගේම…
Hollywood Reel Independent Film Festival 2017 දී Best Thriller [Winner] ආදී වශයෙන් සම්මාන 3ක් දිනා ගන්න හැකි වෙලා තියෙනවා..
ඇලී කියන්නෙ පාසල් යන තරුණියක්….ඇයගෙ මව හෝලී….දිනක් මිනිස් ජාවාරම් කරන කණ්ඩායමක් ඇලී සහ ඇලීගේ යාලුවා වන ලෝරා පැහැර ගන්නවා…..තමන් ගේ දුව පැහැරගත් බව දැනගත් හෝලී දුව හොයාගෙන සැල්වදෝරයට පැමිනෙනවා….එහිදී දුව හොයාගන්න කරන්න ඕන හැම දෙයක්ම කරත් වැඩක් නෑ…ඒ අතර පොලීසියේම කෙනෙක් හෝලිට උදව්වක් ගන්න කියලා ෆෙන් කියලා කෙනෙක් ගෙ අංකයක් දෙනවා…..මෙතනින් එහා කියන්න යන්නෙ නෑ…….IMDB අඩු උනත්, මහ ලොකුවට සටන් ජවනිකා නැති උනත් ලස්සන කතාවක් නම් තියෙනවා…ඒ වගේම ලස්සන පරිසරයක මෙම චිත්‍රපටය රූගත කරල තියෙන්නෙ…..
ඉතින් කැමති අය අරන් බලන්න කියල කියන ගමන් මම යනවා… තවත් දවසක හමුවෙමු……
ලබාදී ඇති උපසිරැසි HDRip,WEBRip,BluRay යන පිටපත් සදහා වලංගුයි..

Year :
2018
Genre :
Thriller
Actors :
Sydney Sweeney, Elpidia Carrillo, Courtenay Taylor, Lauren Shaw
Writer : N/A
Director :
Lance Tracy
Plot : An American Mother Searches For Her Daughter Who Was Kidnapped By Human Traffickers In Central America.

Update In 2020-12-29
සිංහල උපසිරැස Download කරගන්න 932 times
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
sub ekta thanks saho
Thank you bro sub ekata…
Jaya wewa.!
ඇයි නිරපරාදෙ අපිව වෛරස් සයිට් වලට යොමු කරන්නෙ. ටොරන්ට් එක හරි ඩිරෙක්ට් ලින්ක් හරි දෙන දේ හරියට දෙන්න. අපරාදෙ ජරා සයිට් අස්සෙ යවන්න එපා. එහෙම හරි ලැබෙනවනම් කමක් නෑ. එහෙමත් නෑ.
mama dn me hodata download krgatte lankawe unta hamadema atha lagata denna one….
sub ekta thanks bro