Riverdale (2017) [S02 : E08] Sinhala Subtitle

/

ආයුබෝවන් හැමෝටම.ඉතින් අද හුඟාක් දෙනා ආසාවෙන් බලන Riverdale කතාවේ දෙවැනි කතාමාලාවේ අටවැනි කොටසේ උපසිරැසි අරගෙන ආවා.ඒවගේම කියන්න ඕන පුළුවන් හැටියෙන් සතියට කොටස් දෙකක විතර උපසිරැසි අරගෙන එන්න හිතන් ඉන්නවා.ඉතින් තව කතා නැතුව කෙලින්ම අද කොටසට යමු.

අද කොටස නම් කරලා තියෙන්නේ “House of the Devil” නමින්.ලබාගෙන තිබෙන IMDb අගය 8.0 ක් වන අතර 2017 වර්ෂයේ දෙසැම්බර් මස 06 වන දින මෙම කොටස මුල්වරට නිකුත් කොට ඇත.ඉතින් ඔයාලට කලින් කොටස ගැන වැඩිය මතක් කිරීමක් කරන්න අවශ්‍ය නෑ කියලා මන් හිතනෝ.ඔයාලට මතක ඇති ජග් ග්‍රීන්ඩේල් වලට ඇස්රුම් පෙට්ටිය අරගෙන යද්දී වාහනේ පැච් එකක් යනෝ.පස්සේ නන්නාඳුනන මිනිහෙක්ගෙන් උදව් අරගෙන පස්සේ කැෆේ එකක ඉදන් ඒ මිනිහා ජග්ට කැලෑවක පවුලක් ඝාතනය කරපු සිද්දියක් ගැන කියනෝ.ඉතින් අද කොටසෙදී ආචි සහ වෙරොනිකා එකතු වෙලා ඒ ප්‍රශ්නේ ගැන හොයන්න ඒ ඝාතනය සිද්ද වුණ ගෙදරට යනෝ.ඉතින් ලිපි වාර්තා වල සඳහන් හැටියට ඒ මීණිමැරුමට ලක් වූ පවුලේ හතර දෙනෙක් යුක්ත වුණත් ඒ නඩුව සම්බන්ධ ෂෙරිෆ්ගේ වාර්තා වලට අනුව පවුලේ පස්දෙනෙක් ඉන්නවා කියලා සඳහන් වෙනවා.ඒවගේම ඒක ඔප්පු කරගන්න පුළුවන් හෝඩුවාවක් වෙරොනිකා හොයාගන්නවා.ඉතින් කවුද මේ පස්වෙනියා? ඒක දැනගන්න අද කොටස බලලා ඉන්න වෙනවා.

ඉතින් මගේ කතාව මෙතනින් නවත්තනවා.හැමෝටම සුභ දවසක්.තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.

ලබා දී ඇති උපසිරැසි ගොණුවේ HDTV සහ BLURAY යන පිටපත් දෙවර්ගයෙම උපසිරැසි ඇතුළත් කොට ඇත. පිටපතට අදාළ උපසිරැසිය යොදාගෙන නරඹන්න.

7.1
IMDB

Year : 2017

Actors : K.J. Apa, Lili Reinhart, Camila Mendes, Cole Sprouse

While navigating the troubled waters of romance, school and family, Archie and his gang become entangled in dark Riverdale mysteries.

2021-08-05 07:08 pm

Movies

40

Tv Episodes

49

  • Download : 1220
  • File Size : 47.486KB
  • madawa mihiranga Unregister User
    Windows 7Chrome 79

    තැන්ක්ස් සහෝ. ඉතුරු ටිකත් ඉක්මනින් දෙන්න

    2019-12-29 at 2:33 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 79

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් ඇවිත් සමගාමී විකාශනයට යමු…

    2019-12-29 at 8:58 pm
  • Dilshan Unregister User
    Android 9Chrome 79

    HDTV එකටයි Bluray එකටයි සබ් දෙන එක නම් ගොඩක් වටිනවා… ජය වෙවා!

    2019-12-30 at 6:37 am
  • Tharindu Dananjaya Unregister User
    Android 7Chrome 79

    ඉක්මනට සබ් එක කරාම් බං මම සීසන් 03 යන්නේ දැන් 😋

    2019-12-30 at 10:24 am
  • Hiran D Ruwanpathirana User
    Android 9Chrome 79

    නියමයි දිගටම සබ් දෙන්න.
    බොහෝම ස්තුතියි

    2019-12-31 at 9:04 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *