The Big Bang Theory (2007–2019) [S01 : E16] Sinhala Subtitle
Johnny Galecki, Jim Parsons, Kaley Cuoco
‘The Big Bang Theory’ මුල්ම සීසන් එකේ කතාව ගෙවෙන්නේ ලෙනාඩ් සහ ෂෙල්ඩන් කියන අතිදක්ෂ, ඒත් සාමාන්‍ය සමාජ සම්බන්ධතා තියාගන්න බැරි බුද්ධිමත් කොල්ලෝ දෙන්නා සහ එයාලගේ අලුත් අසල්වැසියා වන පෙනී වටා.
කතාව පටන් ගන්නේ පෙනී කියන ලස්සන, සමාජශීලී කෙල්ල ලෙනාඩ් සහ ෂෙල්ඩන් ඉන්න ගෙදරට යාබද නිවසට පදිංචියට එනකොට. ලෙනාඩ් පෙනීව දැක්ක ගමන් එයාට ආදරේ කරන්න පටන් ගන්නවා, ඒත් ෂෙල්ඩන්ට නම් ඒක හරි යන්නේ නැහැ. ෂෙල්ඩන් හැමතිස්සෙම හිතන්නේ තමන්ගේ දෛනික වැඩපිළිවෙළට මේ අලුත් කෙල්ල බාධාවක් කියලා.
එයා හරිම අහිංසකයි, පෙනීගේ හිත දිනාගන්න කොච්චර උත්සාහ කළත් ඒක අමාරු දෙයක් වෙනවා.එයා ලෝකේ ඉන්න වැඩියෙන්ම බුද්ධිමත්, ඒත් සමාජ අවබෝධයක් නැති කෙනෙක්. එයාගේ අමුතු හැසිරීම් නිසාම කතාවේ වැඩිපුරම හිනාව එන්නේ එයාගෙන්. ලෙනාඩ්ගේ යාළුවෝ දෙන්නා. හොවර්ඩ් තමන්ව ලොකු රේන්ජර් කෙනෙක් කියලා හිතාගෙන කෙල්ලෝ පස්සේ යන කෙනෙක්. රාජ්ට මුලින්ම කෙල්ලෙක් ඉස්සරහා කතා කරන්න බැරි අමුතු ලෙඩක් තියෙනවා (එයාට කතා කරන්න පුළුවන් වෙන්නේ මත්පැන් බිව්වොත් විතරයි).මේ යාළුවෝ සෙට් එක වැඩ කරන්නේ කැල්ටෙක් (Caltech) කියන විශ්ව විද්‍යාලයේ. එයාලා හැමදාම වගේ කරන්නේ වීඩියෝ ගේම් ගහන එක, කොමික් පොත් කියවන එක, සයන්ස් ෆික්ෂන් ෆිල්ම් බලන එක.ලෙනාඩ් මුල් සීසන් එකේ පුරාම උත්සාහ කරන්නේ පෙනී එක්ක යාළුවෙන්න. පෙනී මුලින්ම ලෙනාඩ්ව දකින්නේ හරිම අමුතු බුද්ධිමතෙක් විදියට විතරයි. ඒත් කතාව අවසානය වෙනකොට එයාලා අතර පොඩි බැඳීමක් ඇති වෙනවා
කෙටියෙන් කිව්වොත්, පළමු සීසන් එකේ තියෙන්නේ ‘නර්ඩ්’ (nerd) කොල්ලෝ සෙට් එකකගේ ජීවිතේට සාමාන්‍ය කෙල්ලෙක් ආවම වෙන කලබලය සහ එයාලා අතර ඇති වෙන හාස්‍යජනක සිදුවීම් ටික තමයි.