The Constant Gardener (2005) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ අලුත් නොවන නමුත් කිසිදාක පැරණි නොවන චිත්‍රපටයක්. ඇත්තටම කිව්වොත් මීට වසර දෙකකට විතර කලින් මේ චිත්‍රපටය නැරඹුව දවසෙ ඉඳලම මට තිබුණ මේ චිත්‍රපටයට උපසිරැසි කිරීමේ හීනයක්. ඔන්න අද තමයි ඒ හීනය සම්පූර්ණ කරගන්න පුළුවන් වුණේ. චිත්‍රපටය වටා දුවන බලවත් කතාන්දරයට අමතරව මම මේකට කැමතිවෙන්න අනිත් හේතුව මෙහි ප්‍රධාන චරිත හැඩවෙන්නෙ මම කැමතිම රංගන තරු කීපයක් අතින් වීම. ඒ රැල්ෆ් ෆිනස්, රේචල් වෙයිස් සහ ඩැනී හූස්ටන්. චිත්‍රපටය තමයි The Constant Gardener (2005). බ්‍රිතාන්‍ය ජාතික ලේඛක ජෝන් ලී කැරේ විසින් 2001 වසරේදී ප්‍රකාශයට පත්කල මේ නමින්ම වූ නවකතාවක් ඇසුරින් තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. නාට්‍යමය/අභිරහස්/ ප්‍රේමණීය ඝනයට අයත් මෙය කෙටියෙන් කිව්වොත් පොලිටිකල් ත්‍රිලර් එකක්. Imdb අගය 7.4ක් ලබා rotten tomatos වෙතින් 83%ක දැවැන්ත අගයක්ද සමගින් ගූගල් පරිශීලකයන් 84%කගේද ප්‍රසාදය දිනා ඇති මෙය 2006 වසරේ හොඳම සහාය නිළියට හිමි ( රේචල් වෙයිස්) ඔස්කා සම්මානයද සමගින් තවත් සම්මාන 35ක් දිනාගත්තක්. අධ්‍යක්ෂණයත් එසේ මෙසේ කෙනෙක්ගෙ නෙමෙයි City of Gods (2002),City of Men (2007) වගේ සුපිරි සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කල බ්‍රසීල ජාතික අධ්‍යක්ෂ ෆර්නැන්ඩෝ මිරේලිස් ගෙන්. ඒ වගේම කෙන්යාව පාදක කරගනිමින් දිවෙන මේ චිත්‍රපටයේ ඒ දර්ශන සියල්ලක්ම රූගත කර තිබෙන්නේද කෙන්යාවේදීමයි. චිත්‍රපටයේ කතාව පැත්තට ගියොත් මෙන්න මෙහෙමයි.
ජස්ටින් ක්වේල් , බ්‍රිතාන්‍ය විදේශ සේවා නිලධාරියෙක්. ඔහු සේවය කරන්නෙ කෙන්යාවේ නයිරෝබි නුවර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ. වෘතියෙන් විදේශ සේවා නිලධාරියෙක් වුණත් ඔහුගේ විනෝදාංශය ගෙවතු වගාව. විවේකය මල් පැලෑටි එක්කම ගෙවන සුන්දර නිහතමානී පුද්ගලයෙක් ඔහු. දවසක දෛවය ඔහුට මුණගස්වනවා ටෙසා නම් බොහොම දැඩි මානව හිමිකම් ක්‍රියාකාරිනියක්ව. කෙසේ හෝ මේ අපූරු හමුවීමෙන් පසුව එය විවාහයකින් කෙලවරකරගන්නා එකිනෙකාට හාත්පසින්ම වෙනස් ගතිසොබාවලින් යුත් මේ යුවලගේ අනාගතයනම් ඒතරම් සුභවාදී එකක් වන්නේ නෑ, ඊට හේතුව දැඩි මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන ටෙසා දැවැන්ත ඖෂධ සමාගම් දෙකක් විසින් අප්‍රිකා මහද්වීපය පුරා කරගෙන යන නොපණත්කම් පසුපස එලවන්නට පටන්ගැනීම…මහත්වරු යැයි කියාගන්නා බ්‍රිතාන්‍ය රාජ්‍ය නිලධාරීනුත්, මුදලට වහල්ව තමන්ගේම සහෝදර ජනයා විපතේ හෙලන කළුජාතික ප්‍රබලයනුත්, දැවැන්ත ඖෂධ මාෆියාවකුත් අතරට මැදිවන මේ යුවලගේ ඉරණම කෙසේනම් විසඳේද? බටහිර ජාතීන්ගේ පර්යේෂණාගාරයක්ව ඇති අප්‍රිකා මහද්වීපයේ ජනතාවගේ ඉරණම කුමක් වේද? ඔබට බාරයි තීරණය.
*මුල්කෘතියේ ඇති මෙන්න මේ පාඨයෙන් මේ මුළු කතාවම විග්‍රහ වෙනවා මම හිතන්නේ.
“The most peaceble people will do the most terrible things when they’re pushed.”
විශේෂ :-
*චිත්‍රපටය නරඹන ඔබට මේ සංගීත ඛණ්ඩය තදින් හිතට දැනේවි. ඒ නිසාම මෙන්න එය…
Ayub Ogada – Kothbiro
*මෙහි එන ටෙසා ක්වේල් චරිතය ගොඩනගා තිබෙන්නේ 1999 වසරේ ඇලබේනියාවේ මෝටර්රථ අනතුරකින් මියගිය සමාජ ක්‍රියාකාරිණියක් වූ Yvette Pierpaoli ව සිහිවෙන්නයි.
* මෙහි තම point of view දර්ශණ සියල්ලක්ම රූගත කර තිබෙන්නේ ජස්ටින් ක්වේල්ට පණපොවන රැල්ෆ් ෆිනස් විසින්මයි.
* මෙහි නවකතාව කෙන්යාව තුල තහනම් කර තිබෙනවා, දූෂිත කෙන්යා රාජ්‍ය නිලධාරීන් ගැන ලියවී ඇති නිසා. කෙසේ වෙතත් චිත්‍රපටයේ කටයුතුවලටනම් එවන් කිසිදු බාධාවක් එල්ල නොවූ බවයි අධ්‍යක්ෂකවරයා සඳහන් කර ඇත්තේ. කෙන්යානු ජනතාවගෙන් චිත්‍රපටයට ලැබුනු සහයෝගයට ගරු කිරීමක් ලෙස නිර්මාණකරුවන් විසින් Constant Gardener Trust නමින් පදනමක් පවා අරඹා තිබෙනවා නයිරෝබි නුවර.
*ලේඛක ජෝන් ලී කැරේ සඳහන් කරන ආකාරයට කතාවට ඇතුලත් කිසිදු චරිතයක් හෝ සමාගමක් සත්‍ය ඒවා නොවූවත්, ඖෂධ සමාගම් නම් වනයේ තමන් කල ගවේෂණවලින් සොයාගත් කරුණු හා සැසඳූ කල තම පොත තැපැල්පතක් තරම්වන බවයි.
සියලු තොරතුරු අන්තර්ජාලයෙනි.
fatta tnx sub ekata
Thanks machan…….jayawewa…..!
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි…………
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
Thanks for sub
Ela saho thanks