The Eternal Zero (2013) Sinhala Subtitle

August 06, 2018 Junior Admin
Subtitle by Hasitha Prasad

ඔන්න අදත් අපේ Subzlk හිතමිතුරන් සෑමදෙනෙක්ටම ආයුබෝවන් කියල පිළිගන්නවා.
මේ දවස්වල අපි හැමෝම ඉන්නෙ ඉතාම සතුටින්, මොකද Subzlk අඩවිය තම 1000 වන උපසිරැසි කඩයිම සම්පූර්ණ කලා පසුගියදා. ඉතින් හැමදාමත් අපිට හැකි උපරිම සහාය දක්වන දමිත් ප්‍රමුඛ ඇඩ්මින් මඩුල්ලට අප සහෝදර උපසිරැසිකරුවන් සියලු දෙනාට උණුසුම් සුභ පැතුම් එක් කරන අතරෙ අඩවියේ රසික රසිකාවියන් හැම කෙනෙක්ටමත් හදවතින්ම ස්තූතිවන්ත වෙන අතරෙම මේ සහයෝගය ඉදිරියටත් ලබා දෙන්න කියලත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. සුභපැතුම් එක්කරන්නට සතුටු අයට ඒ වෙනුවෙන්ම අඩවියේ වෙනම පිටුවක් වෙන් කර දෙන්නටත් ඇඩ්මින්මඩුල්ල කටයුතු කර තිබෙන බවත් සතුටින් මතක් කරන්නට කැමතියි. එහෙනම් Subzlk‘හි දහස්වැනි කඩයිම ගැන ඔබේ සිතට දැනෙන අදහස එහි සටහන් කර යන්නට අමතක කරන්න එපා.


ඔන්න අද අපේ හිතමිතුරන්ට මේ අරගෙන එන්නෙ ජපන් යුධ චිත්‍රපටයක්. දෙවන ලෝක යුධ සමයේ ජපන් හමුදාවන්හි සිටි කමිකාසෙ බලකා නිලධාරියෙක් වටා ගෙතුණ මෙය නමින් The Eternal Zero (2013).මුලින්ම මතක් කරන්න ඕනෙ මේ උපසිරැසි ඔබ වෙත ඒමෙ වැඩි ගෞරවය හිමි කෙනාව, ඒ තමයි අපේ මධූෂ සහෝදරයා. ඔහු කමෙන්ට් එකක් මගින් තමයි මාව මේ චිත්‍රපටය ගැන දැනුවත් කලේ.මධූෂ නොහිටින්න ඇත්තටම මම මේ චිත්‍රපටය ගැන අහලවත් තිබුණෙ නෑ, චිත්‍රපටය නැරඹුවට පස්සෙ හිතට දැනුන දේ වචනවලට පෙරලුවොත්, මේක මම මෙතෙක් නරඹල තියන හොඳම යුධමය චිත්‍රපට අතරේ ඉහලම තැනක තියන්න පුළුවන් කිසිම දෙගිඩියාවක් නැතිවම. මුළුමුනින්ම යුධ සටන්වලින් පිරුණ ක්‍රියාදාම ඝණයේ චිත්‍රපටයක්ම නොවුණට මෙහි ඇතුලේ දිවෙන සංවේදී කතාන්දරය නරඹන ඔබේ හිත් මදකට සලිත කරන බවට කිසිම සැකයක් නෑ. මධූෂ බොහොමත්ම ස්තූතියි මේ චිත්‍රපටය වෙනුවෙන්.

මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ නඕකි හයකුටා නම් ප්‍රසිද්ධ ජපන් නවකතාකරු 2006 වසරේදී එලිදැක්වූ නවකතාවක් පදනම් කරගනිමින්. ජපන් NHK නාලිකා පාලක මණ්ඩලයේ සාමජිකයෙක්වද සිටි අයෙක් ඔහු. ඒ නවකතාව සිනමාවට නැගෙන්නේ අධ්‍යක්ෂ ටකාෂි යමසාකි අතිනුයි. Imdb අගය 7.3 ක් ලබා 2015 වසරේ ජපන් ඇකඩමි සම්මාන උළලේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා ඇතුළු සම්මාන 8ක්ද වශයෙන් මුළු සම්මාන 9ක් දිනා ඇති මෙය ගූගල් පරිශීලකයන් 90%කගේ ප්‍රසාදයද තමන් සතුකරගෙන තිබෙනවා. චිත්‍රපටයේ කතාව ගත්තොත් මෙන්න මෙහෙමයි :

කෙන්ටරෝ කියන්නෙ 26 වියැති තරුණයෙක්. තමන්ගේ අත්තම්මාගේ (මවගේ මව) අවමඟුල් උත්සවය දිනයේ ඔහුට දැනගන්නට ලැබෙනවා ඇය මින්පෙරද විවාහ සිටි බවත් ඇයගේ එම විවාහයේ සැමියා දෙවන ලෝක යුධ සමයේ ජපන් කමිකාසෙ සෙබළෙකුව මරාගෙන මැරෙන මෙහෙයුමකට එක්වූ අයෙක් බවත්, ඒ අනුව තමන් සහ තම වැඩිමල් සොහොයුරියගේ සැබෑ සීයා ඔහු වෙන බවත්. මේ අක්ක-මලෝ දෙදෙනා තීරණය කරනවා තමන්ගේ මේ සැබෑ සීයාගේ වගතුග හොයා බලන්න. අත්තම්මාගේ දෙවන විවාහයේ සැමියාගෙන් අවසර ගන්නා ඔවුන් තමන්ගේ මේ කමිකාසෙ සෙබළ සීයා ගැන විස්තර හොයන්න එවක ඔහු සමග එකට සේවය කල සෙබලුන් කීපදෙනෙක්ව හමුවෙන්න යනවා. හැබැයි ඒ හැම තැනකින්ම අහන්න ලැබෙන්නෙ ඔවුන් දෙදෙනා බලාපොරොත්තු වෙන විදියේ කතාවක්නම් නෙමෙයි…. එහෙනම් මම මීට වඩා විස්තර කියන්නෙ නෑ, නරඹන ඔබට බාර කරනවා ඒ සියල්ල. හමුවෙමු අපි තවත් උපසිරැසියකින්.

Available Torrents
720p bluray 1.29 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (20)
  • Namal Ekanayake Unregistered
    Android 4.2 Chrome 66

    Thanks Bro

  • Saminda W Unregistered
    Windows 7 Chrome 68

    Great film. thank you very much.

  • janith_4 User
    Android 7 UC Browser 12.9

    Thanks brother 🔥🔥🔥

  • CrZy Shan User
    Windows 7 Chrome 68

    බොහොම ස්තූතියි

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search