Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle
  • Genres
  • Crime
  • The Mule (2018) Sinhala Subtitle

The Mule (2018) Sinhala Subtitle

April 06, 2019 Junior Admin

ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ අතිදක්ෂ හොලිවුඩ් නළු සහ අධ්‍යක්ෂකවරයෙකු වන ක්ලින්ට් ඊස්ට්වුඩ්ගේ නවතම සිනමා නිර්මාණය වන The Mule (2018) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. කොහොමවුණත් මම හිතුවට වඩා කාලයක් මේ උපසිරැසියට ගත කරන්න වුණා, මේ දිනවල නිරන්තරයෙන් සිදුවන විදුලි කප්පාදුව නිසා. හරියටම කිව්වොත් සති දෙකකට ආසන්න කාලයක් ගතවෙලා තියනව උපසිරැසිය හමාර කරන්න. කෙසේ හෝ උපසිරැසිය අවසන් කරගන්න පුළුවන් වුණා ඔන්න අද දවසෙ. ඒ වගේම කියන්න ඕනෙ මෙහි එන හාඩ්කෝඩඩ් ස්පාඤ්ඤ භාෂා දෙබසුත් පරිවර්තනය කරලයි තියෙන්නෙ නරඹන ඔබගේ පහසුව තකා. ආ..අමතක වුණානෙ, මෙම උපසිරැසිය අපේ Kantha සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල උපසිරැසියක්. ඒ නිසා ඔහුටත් ස්තූතියි. හරි අපි දැන් යමු චිත්‍රපටය පැත්තට..


තමන්ගේ දිවියේ අවසාන සමයේ එනම් වයස අවුරුදු 90ක මහළු පුද්ගලයෙක් මෙක්සිකානු මත්ද්‍රව්‍ය කාටෙලයක ඩ්‍රග් මියුලයෙක් ( Drug Mule) එනම් මත්ද්‍රව්‍ය ප්‍රවාහකයෙක් වෙන ආකාරය සහ ඔහුගේ අවසන් ඉරණම තමයි මේ චිත්‍රපටයට අන්තර්ගත වෙලා තියෙන්නෙ. මේ Mule වචනය සාමාන්‍ය ව්‍යවහාරයෙදි භාවිතා වෙන්නෙ කොටළුවන් හැඳින්වෙන්නට. නමුත් මම පෙර සඳහන් කලා වගේ අසම්මත භාවිතයෙදි මේ වචනය පොදුවේ භාවිතාවෙනවා නීතිවිරෝධී භාණ්ඩ ප්‍රවාහකයන්ට. මම එහි වෙනසක් නොකර උපසිරැසිය තුලදීත් mule යන්න “කොටළුවා” ලෙස භාවිතා කලා, කොහොමත් මත්ද්‍රව්‍ය ප්‍රවාහකයෙකුට අවසානයේ සිදුවෙන්නාක් මෙන්ම කොටළුවා කියන සතාද නිශ්ශබ්දවම තම ස්වාමියා තමන්ගෙ කරට පටවන තරම් බර ගෙනගොස්, දවසක එම බරම දරාගත නොහැකිව විනාශයට පත්වන නිසා ඒ වචනය යෙදුවට වරදක් නෑ කියන එකයි මගේ අදහස.

සාමාන්‍යයෙන් තමන්ගේ අතිදක්ෂ රංගනයෙන් සහ ඊටත් එහා ගිය අධ්‍යක්ෂණ හැකියාවෙන් හැමදාමත් ප්‍රේක්ෂකයාව මංමුලා කරන ක්ලින්ට් ඊස්ට්වුඩ්, අදවනවිට වයස අවුරුදු 88ක මහළු පුද්ගලයෙක් වුණත්, ඔහු තුල සිටින අති දක්ෂයා තවමත් තරුණ බව මේ චිත්‍රපටයෙනුත් පෙන්වලා තියනවා. ඔහුගේම Gran Torino (2008), Unforgiven (1992), Million Dollar Baby (2004), Letters from Iwo Jima (2006), Changeling(2008), Mystic river (2003), Flags of our Fathers(2006) වගේ නිර්මාණ තරම්ම තැනක තියන්නට බැරිවුණත්, ඔහුගේ නූතන චිත්‍රපටවල ඇති පුදුමාකාර හැඟීම්බර අවසානය යම් තරමකින් මේ චිත්‍රපටයටත් කාවද්දන්නට ඔහු සමත්වී තිබෙනවා. විශේෂයෙන්ම Gran Torino (2008) බලල තියන අය බොහෝදෙනෙක් මේ කතාවත් එක්ක එකඟ වෙයි. අපි ආයිමත් මේ The Mule චිත්‍රපටය පැත්තට ආවොත්, අපිට මුලින්ම හිතෙන දේ තමයි ඔහුට කොහෙන්ද මේ අදහස එන්නෙ කියල. ඇත්තටම බැලුවොත් ඔහු මේ චිත්‍රපටය නිර්මාණය කරන්නෙ සැබෑ සිදුවීමක් යම් තරමකින් පදනම් කරගෙන. මේ සැබෑ කුඩු ප්‍රවාහකයා නමින් ලියෝ ෂාප්.

ලියෝ ෂාප් දෙවන ලෝක යුධ සමයේ හමුදා සෙබළකුව සිටියදී ගත් ඡායාරූපයක්

ලියෝ ෂාප් අත්අඩංගුවට පත්වීමෙන් පසුව

1924 වසරේදී ඉන්දියානාහි උපත ලද ඔහු දෙවන ලෝක යුධ සමයේ සටන් කල සම්මානලත් යුධ සෙබලෙක්. කෙසේ හෝ යුද්ධයෙන් අනතුරුව ලිලී මල් වැවීම තම විනෝදාංශය සේම ආදායම් මගද ඊටත් වඩා තම ජීවිතයද කරගත් අතිදක්ෂ ගෙවතුවගාකරුවෙක් බවට පත්වෙන ඔහුගේ මේ මල් ව්‍යාපාරයට කණකොකා හඬන්නේ නව තාක්ෂණයේ ආගමනයත් සමගයි.

ලියෝ ෂාප් 1995 වසරේදී ඉදිරිපත් කල ලිලී මල් එකතුවක්

එතනින් ඔහුගේ ජීවිතය වෙනස්ම ගමන් මගකට හැරෙනවා.. එම කතාව චිත්‍රපටය තුලින් ඔබට දැකගත හැකි නිසා මම මීට එහා යමක් කියන්නේ නෑ. මේ චිත්‍රපටයේ තිර රචනය Gran Torino චිත්‍රපටයටත් තිර පිටපත් රචනයෙක් දායක වූ Nick Schenk. ඒ Sam Dolnick විසින් 2014 වසරේදී නිව්යෝක් ටයිම්ස් සඟරාවට ලියූ “The Sinaloa Cartel’s 90-Year Old Drug Mule ” නම් ලිපිය ඇසුරිනුයි. මේ තියෙන්නෙ එම ලිපිය, හැබැයි චිත්‍රපටය නරඹල අවසන් වෙලාම බලන්න කියලත් මතක් කරන්න ඕනෙ ඊට හේතුව එම සැබෑ සිදුවීමේ ඡායාරූප සහ වීඩියෝවක් මෙම ලිපිය තුල අන්තර්ගත වීම. දැන්ම බැලුවොත් රසවින්දයට බාධාවක් වීමට ඉඩ තිබෙනවා.

අධ්‍යක්ෂණයෙන් සේම ප්‍රධාන චරිත රංගනයෙන් දායක වෙන්නෙ ක්ලින්ට් ඊස්ට්වුඩ් (අර්ල් ස්ටෝන්). ඊට අමතරව ඔහුගේ දියණිය ඇලිසන් ඊස්ට්වුඩ් (අයිරිස්) සමග කින්ස්ලි ඩිලන් (කුඩා ජිනී), ටයිසා ෆාමිගා (තරුණ ජිනී),ඩයෑන් වයිට් (මේරි), බ්‍රැඩ්ලි කූපර් ( කොලින් බේට්ස්), මයිකල් පෙන්යා (ට්‍රෙවීනෝ), ලෝරන්ස් ෆිෂ්බෝන් ( ප්‍රධාන විශේෂ නියෝජිත), ඉග්නේෂියෝ සෙරිෂියෝ (ජූලියෝ),පෝල් ලින්කන් අලාහෝ( සැල්) ඇතුළු පිරිසක්. ඔවුන් සියලු දෙනාම ( විශේෂයෙන්ම බ්‍රැඩ්ලි කූපර් සහ මයිකල් පෙන්යා) පාහේ තමන්ගේ උපරිම දායකත්වය චිත්‍රපටයට දක්වා තිබෙන ඔබත් ඔබට පෙනේවි. මෙහි Imdb අගය 7.1ක් වන අතර Rotten tomatoes වෙතින් ලබා ඇති අගය70%ක්. එහෙනම් ඒ ඇතිනේ, අපි හමුවෙමු තවත් චිත්‍රපටයකින් ලඟදීම.

සියලු තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි

‍ලබාදී ඇති ඩවුන්ලෝඩ් ලින්ක් BLURAY පිටපත් සඳහා වන අතර උපසිරැසි ගොණුව තුල ඇති BLURAY ලෙස නම් කල උපසිරැසිය ඒ සඳහා භාවිතා කරන්න. WEB-DL පිටපත් සතු අයගේ පහසුව තකා WEB-DL ලෙස නම්කල උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත්ය. කරුණාකර තමන් සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

 

උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
3721 වාරයක්
Download Links
720P
TOR
720P
TOR
1080P
TOR
Available Torrents
720p bluray 993.45 MB
GET
1080p bluray 1.86 GB
GET
2160p bluray 5.24 GB
GET
720p web 987.62 MB
GET
1080p web 1.86 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (6)
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 73
    2019-04-07

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    Reply
    • Kantha_DLA Unregistered
      Windows 10 Chrome 73
      2019-04-07

      Request :

      Dogman (2018)
      303 (2018)
      What Will People Say (2017)
      Border (2018)
      Steel Rain (2017)
      Kinder des Kalifats (2017)
      Shadow (2018)
      Jupiter Holdja (2017)

  • Mithun Unregistered
    Android 8 Chrome 73
    2019-04-07

    ෆිල්ම් එක බැලුව මොනව කරන්නද. මට කාලෙකට අමතක නොවෙන මුවි එකක් උනා. නියම කතාව
    සබ්ටයිල් එකට කොහොම උනත් තැන්ක්ස් සහෝ………
    ( අංකල්ගෙ නොන නැතිවෙන වෙලේ කොහොම හරි එයා ,එ මොහොතේ ලග ඉන්නවනෙ. එ වෙලාවෙ අන්තිම හුස්ම ටික යන්න කලින් එ ගැනු කෙනා කියන වචන ටිකට නම් දුක හිතුන. එතන මිනිහගෙ මුන තියෙන ගැගිම්බර තවය ගොඩක් දෙවල් තහහුරු කරනව .සහ උසාවියේ කියන්නෙ අන්තිමට මට හැමදෙම ලබාගන්න පුලුවන් උනා කාලය ගන්න බැරි උන කියල. කොහොම උනත් මට දැනුන හොද පොයින්ට් දෙකක් කිව්වෙ .එ වගේම අංකල් හොද අතල් එකක් ගත්ත මනුස්සයෙක් , හොද ෆන් එකකුත් දෙනව බලම් ඉන්න අපිටත්…

    Reply
  • Luzifar47 Unregistered
    Android 8 Chrome 73
    2019-04-07

    Escape room 2019 sub eka denn puluwnd

    Reply
  • Namal Ekanayake Unregistered
    Android 4.2 Chrome 66
    2019-04-10

    Eka maru bro.. Thanx

    Reply
  • dulina gunawardana Unregistered
    Windows 7 Chrome 77
    2019-10-10

    Thanka you much.

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 164
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved