Subz.lk
  • Home
  • Movies
    • View All
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Action Sisu: Road to Revenge (2025) Sinhala Subtitle Action Bad Boys for Life (2020) Sinhala Subtitle Action Bad Boys: Ride or Die (2024) Sinhala Subtitle Action Kraken (2026) Sinhala Subtitle Drama The Daughter (2024) Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E08] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E07] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E06] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E05] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E04] Sinhala Subtitle Action Sisu: Road to Revenge (2025) Sinhala Subtitle Action Bad Boys for Life (2020) Sinhala Subtitle Action Bad Boys: Ride or Die (2024) Sinhala Subtitle Action Kraken (2026) Sinhala Subtitle Drama The Daughter (2024) Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E08] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E07] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E06] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E05] Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E04] Sinhala Subtitle
  1. Movies
  2. Biography
  3. The Two Popes (2019) Sinhala Subtitle

The Two Popes (2019) Sinhala Subtitle

January 25, 2020 Hasitha Prasad | Junior Admin
IMDB RATING 7.7
GENRES
BiographyComedyDramaEnglish MoviesGenresMovies
CAST

Anthony Hopkins, Jonathan Pryce, Juan Minujín, Luis Gnecco

 

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ පසුගිය වසරේ අගභාගයේ Netflix වෙතින් නිකුත්වුන වගේම ඉතාම කතාබහට ලක්වුණ එසේම මෑතකදී පැවැත්වුණු ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ සම්මාන 4කට නිර්දේශ වූ, ලඟ එන ඔස්කා සම්මාන උළෙලේ සම්මාන 3කටද ඇතුළුව සම්පූර්ණ ගණනින් සම්මාන 51කට නිර්දේශව එයින් 9ක් මේ වනවිට ජයගෙන ඇති චිත්‍රපටයක්. මේ තමයි වර්තමානයේ පාප් පදවිය දරන ෆ්‍රැන්සිස් පාප්වහන්සේ එම පදවිය දක්වා ඒමේ ගමන අපට පෙන්වන The Two Popes (2019) චිත්‍රපටය. Imdb අගය 7.6 කුත්, Rotten Tomatoes අගය 89%කුත්, මෙටාක්‍රිටික් අගය 75%කුත්, ගූගල් පරිශීලක අගය 94% කුත් වශයෙන් ඉතා ඉහල අගයක් ලබාගන්නට සමත් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ෆනැන්ඩෝ මරේලස්ගෙන් වන අතර රචනය ඇන්තනි මැකාටන්ගෙන්. ප්‍රධාන චරිත ද්විත්වයට එනම් හිටපු පාප්තුමන්වන ජර්මන් ජාතික 16 වන බෙනඩික්ට් පාප්තුමන්ගේ හා වර්තමාන පාප්වහන්සේවන ආජන්ටිනා ජාතික ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ චරිතවලට දායක වන්නේ පිළිවෙලින් ප්‍රවීණ හොලිවුඩ් නළු යුගලක් වන ඇන්තනි හොප්කින්ස් මහතා සහ ජොනතන් ප්‍රයිස් මහතා (ඔබ දන්නවා ඇතිනෙ පාප්පදවි ප්‍රාප්තියත් සමග පාප්වරුන් තම නාමය වෙනස් කරගන්නවා, 16වන බෙනඩික්ට් පාප්වහන්සේගෙ සැබෑ නාමය ජෝෂප් රැට්සින්ගර් වන අතර වර්තමාන ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සැබෑ නාමය හොර්ගේ බෙගෝලියෝ) ඊට අමතරව හුවාන් මිනුයින් ( තරුණ බෙගෝලියෝ),මරියා උසේඩෝ (එස්තර්),යෝරියෝ පියතුමන් (හෙර්මාන් දි සිල්වා),ලිසැන්ඩ්‍රෝ ෆික්ස් ( යාලික්ස් පියතුමන්) ඇතුළු පිරිසක්. ඇන්තනි හොප්කින්ස් හා ජොනතන් ප්‍රයිස් දෙදෙනාගේ රංගනයන් ඉතාම අඉහලින් අගයකල යුතුයි ඔවුන් මේ පාප් චරිත දෙක ඉතාම අපූරුවට රඟදක්වන නිසා. විශේෂයෙන්ම කැමරාකරණයත් ඉතාම ඉහලයි, බොහොම නිදහස් ආරක් අනුගමනය කරල තියනව බොහෝ දර්ශන සඳහා.ඒ වගේම රූගත කිරීම් සඳහා සිස්ටීන් දෙව්මැදුරේ මයිකල් ආන්ජලෝ චිත්‍රශිල්පියාගේ කලාකෘතිය සහිත කොටසට ඇතුල්වීමට වතිකානුව අවසර නොදීම නිසා නිර්මාණකරුවන් සති 10ක් ඇතුලත එය නිර්මාණය කරගෙන තිබෙනවා චිත්‍රපටය සඳහා, ඒ රෝමයේ සිනෙසිටා ස්ටුඩියෝව තුල.

සිස්ටීන් දෙව්මැදුරු ආකෘතිය නිර්මාණය කරන අවස්ථාවේ ගත් දින සඳහනක් නොමැති ඡායාරූප

රසවින්දනයට බාධා නොකර ලොකු විස්තර දැක්වීමක් කරන්න නොහැකි වුණත්…චිත්‍රපටය නැරඹීමේදී ඔබට අවශ්‍ය විය හැකි කරුණු දෙකක් පහතින් සඳහන් කරන්නම්. ඇත්තටම  නරඹන ඔබ කතෝලික වීම අවශ්‍ය නෑ මේ චිත්‍රපටය වටහාගන්නට, ඉතාම සරලව ඕනෑම අයෙකුට වැටහෙන ලෙසයි මෙය නිර්මාණය කර තිබෙන්නේ, දෙබස් පවා ඉතාම සරලයි.

ජේසුයිට් කතෝලික නිකාය

කතෝලික සභාවට අයත් මේ නිකාය Society of Jesus නොහොත් ජේසුයිට් නිකාය ලෙස හැඳින්වෙන්නේ. මෙහි ආරම්භය ලෙස දැක්වෙන්නේ වර්ෂ 1540 සැප්තැම්බර් 27. නිර්මාපකයා වන්නේ ලොයලාහි ශුද්ධවූ ඉග්නේෂියස් තුමන්. ස්පාඤ්ඤ ජාතික යුධ සෙබළෙකුද වූ ඔහු යුද්ධ අතරතුර ඔහුගේ ඇදහීමේ ඇතිවන පරිවර්තනයන් හේතුකොටගෙනයි මෙම නිකාය අරඹා ඇත්තේ. කෙසේ හෝ පාප්වහන්සේගේ සහ කතෝලික පල්ලියේ බලයට අවනතව සිටින බවටත්, එහි නියමයන්ගෙන් පිට නොයන බවටත් එවක පාප්තුමන්වූ තුන්වන පාවුළු පාප්තුමන්ට වන පොරොන්දුවක්ද සමගයි මෙම නිකාය නීත්‍යානුකූල නිකායක් ලෙස ඔහුගේ ආශීර්වාදයද සහිත ඇරඹෙන්නේ.මෙහි සාමාජිකයන් මහාද්වීප හයකට අයත් රටවල් 112ක දේව පණිවිඩය පැතිරවීමේ සහ අපෝස්තුළු සේවයේ නිරත වේ. වර්තමාන ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මෙම නිකායෙන් බිහිවූ පලමු පාප්වහන්සේද වනවා.

බෙලා චාඕ ගීතය හා අරගලය

මේ බෙලා චාඕ ගීතය ඔබට හොඳින්ම හුරු ඇති Netflix වෙතින්ම නිකුත්වූ ලොව පුරා ජනප්‍රියවූ La Casa De Papel නොහොත් Money Heist ( 2017 -) කතාමාලාව නැරඹුවානම්. ප්‍රොෆෙසර් ඇතුළු කොල්ල කල්ලිය තම කොල්ලයන් සිදු කරන්නේ එය ඒකාධිපතිවාදයට , පවතින සිස්ටම් එකට එරෙහි සටනක් ලෙස පෙන්වමින්. මෙම ගීතයත් ඇත්තටම එවන් පසුබිමක් තිබෙන එකක්, මෙය 19වන ශතවර්ශය අගභාගයේදී සටන් ව්‍යාපාර ජන ගීයක් ලෙස ඇරඹුනක් ඉතාලි කම්කරුවන් අතර. පසුව 1943-1945 අතර කාලයේ දෙවන ලෝක යුද්ධය අවසන් භාගයේ ජර්මානු ඒකාධිපතිවාදයට එරෙහි ජනතා ව්‍යාපාරයේ නිල ගීතය බවට පත්වෙනවා. මේ ගීතයෙන් පන්නරය ලබා තමන් සතු සුළු ආයුධවලින් ඔවුන් ඉතාලියේ ජර්මනි යටත් කරගත් පෙදෙස් එකින් එක නිදහස් කරගන්නට පටන්ගන්නවා. එය අදටත් ඉතාලි වාමාංශික පක්ෂ සාමාජිකයන් අතර ඒ ජනප්‍රියත්වය එසේම තබාගෙන තිබෙනවා.මේ චිත්‍රපටය තුලත් වැදගත් ස්ථානයකදී භාවිතා වන මේ ගීතයේ කියවෙන්නේ ජර්මානුවන් හා සටනට යන ජනතා සටන් ව්‍යාපාර සාමාජිකයෙකු ගැනයි. ඔහු තම සහෝදර සමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා සටනින් තමන් මියගියහොත් සුන්දර පුෂ්පයක සෙවන යට තමන් මිහිදන් කරන ලෙස.මේ කරුණු ටික මතක තබාගත්තොත් ගීතය චිත්‍රපටයට එකතුකර ඇති හේතුව ඔබට නරඹද්දී වැටහෙයි.

එහෙනම් මම ගිහින් එන්නම්, Harriet (2019) චිත්‍රපටයේ උපසිරැසියත් සමගින් හමුවෙමු.

අන්තර්ජාලයේ ඇති සියලුම WEB-DL සහ ‍WEBRip පිටපත් සඳහා උපසිරැසිය ගැලපේ.

 

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
2169 වාරයක්
Download Links
DIR
720P
TOR
1080P
TOR
Available Torrents
720p web 1.09 GB
GET
1080p web 1.97 GB
GET
2160p web 5.6 GB
GET
Discussion (7)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4
    2020-01-26

    බොහොම ස්තූතියි මචං සබ් එකට 😊😊.. සුපිරි සුපිරි filmවලට සබ් ගේන ගමන් ඒකට සුපිරි ලිපියකුත් ලියනව 👊👊..
    ජය වේවා.!!

    Reply
  • tharindu Unregistered
    Windows 7 Opera 65
    2020-01-26

    Hasitha Prasad than you

    Reply
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 79
    2020-01-26

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Reply
  • mithun Unregistered
    Windows 10 Chrome 79
    2020-01-26

    උඩ පේලි ටික දැක්කම නොබා ඉන්නෙ කොහොමද.. නියමයි සබ් එකට ස්තුතියි සහෝ..!!!!

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 79
    2020-02-08

    ඔන්න තවත් අපුරු මුවි එකක් ආව සහෝ!!
    Knives Out
    2019
    Subtitles karamuu…………..

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 72
      2020-02-08

      ඕක මම ඊයෙ ඩවුන් කලා, සබ් එක කරල දෙන්නම්, මිතුන්.

  • sasanka Unregistered
    Android 9 Chrome 79
    2020-05-13

    thanks for the sub

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 412
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 178
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved