Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies
    • Canadian Movies
    • Chinese Movies
    • Denmark Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Iran Movies
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Norwegian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telagu Movies
    • Thai Movies
    • Ukrainian Movies
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න
Profile
අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
FB Group
Subz.LK
Today Top 10
Sniper. The White Raven (2022) Sinhala Subtitle

Prey (2022) Sinhala Subtitle

AVP: Alien vs. Predator (2004) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 2 (2011) Sinhala Subtitle

Harry Potter and the Half-Blood Prince (2009) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitle

Cannibal Holocaust (1980) Sinhala Subtitle

John Wick: Chapter 2 (2017) Sinhala Subtitle

AVP2: Aliens vs. Predator 2 – Requiem (2008) Sinhala Subtitle

Beast (2022) Sinhala Subtitle

ads
  • Home
  • Movies
  • English Movies
  • The Two Popes (2019) Sinhala Subtitle
The Two Popes (2019) Sinhala Subtitle
MOVIE

Hasitha Prasad 2020-01-26 / 05:14 AM

 

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මේ එන්නෙ පසුගිය වසරේ අගභාගයේ Netflix වෙතින් නිකුත්වුන වගේම ඉතාම කතාබහට ලක්වුණ එසේම මෑතකදී පැවැත්වුණු ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ සම්මාන 4කට නිර්දේශ වූ, ලඟ එන ඔස්කා සම්මාන උළෙලේ සම්මාන 3කටද ඇතුළුව සම්පූර්ණ ගණනින් සම්මාන 51කට නිර්දේශව එයින් 9ක් මේ වනවිට ජයගෙන ඇති චිත්‍රපටයක්. මේ තමයි වර්තමානයේ පාප් පදවිය දරන ෆ්‍රැන්සිස් පාප්වහන්සේ එම පදවිය දක්වා ඒමේ ගමන අපට පෙන්වන The Two Popes (2019) චිත්‍රපටය. Imdb අගය 7.6 කුත්, Rotten Tomatoes අගය 89%කුත්, මෙටාක්‍රිටික් අගය 75%කුත්, ගූගල් පරිශීලක අගය 94% කුත් වශයෙන් ඉතා ඉහල අගයක් ලබාගන්නට සමත් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ෆනැන්ඩෝ මරේලස්ගෙන් වන අතර රචනය ඇන්තනි මැකාටන්ගෙන්. ප්‍රධාන චරිත ද්විත්වයට එනම් හිටපු පාප්තුමන්වන ජර්මන් ජාතික 16 වන බෙනඩික්ට් පාප්තුමන්ගේ හා වර්තමාන පාප්වහන්සේවන ආජන්ටිනා ජාතික ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ චරිතවලට දායක වන්නේ පිළිවෙලින් ප්‍රවීණ හොලිවුඩ් නළු යුගලක් වන ඇන්තනි හොප්කින්ස් මහතා සහ ජොනතන් ප්‍රයිස් මහතා (ඔබ දන්නවා ඇතිනෙ පාප්පදවි ප්‍රාප්තියත් සමග පාප්වරුන් තම නාමය වෙනස් කරගන්නවා, 16වන බෙනඩික්ට් පාප්වහන්සේගෙ සැබෑ නාමය ජෝෂප් රැට්සින්ගර් වන අතර වර්තමාන ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සැබෑ නාමය හොර්ගේ බෙගෝලියෝ) ඊට අමතරව හුවාන් මිනුයින් ( තරුණ බෙගෝලියෝ),මරියා උසේඩෝ (එස්තර්),යෝරියෝ පියතුමන් (හෙර්මාන් දි සිල්වා),ලිසැන්ඩ්‍රෝ ෆික්ස් ( යාලික්ස් පියතුමන්) ඇතුළු පිරිසක්. ඇන්තනි හොප්කින්ස් හා ජොනතන් ප්‍රයිස් දෙදෙනාගේ රංගනයන් ඉතාම අඉහලින් අගයකල යුතුයි ඔවුන් මේ පාප් චරිත දෙක ඉතාම අපූරුවට රඟදක්වන නිසා. විශේෂයෙන්ම කැමරාකරණයත් ඉතාම ඉහලයි, බොහොම නිදහස් ආරක් අනුගමනය කරල තියනව බොහෝ දර්ශන සඳහා.ඒ වගේම රූගත කිරීම් සඳහා සිස්ටීන් දෙව්මැදුරේ මයිකල් ආන්ජලෝ චිත්‍රශිල්පියාගේ කලාකෘතිය සහිත කොටසට ඇතුල්වීමට වතිකානුව අවසර නොදීම නිසා නිර්මාණකරුවන් සති 10ක් ඇතුලත එය නිර්මාණය කරගෙන තිබෙනවා චිත්‍රපටය සඳහා, ඒ රෝමයේ සිනෙසිටා ස්ටුඩියෝව තුල.

සිස්ටීන් දෙව්මැදුරු ආකෘතිය නිර්මාණය කරන අවස්ථාවේ ගත් දින සඳහනක් නොමැති ඡායාරූප

රසවින්දනයට බාධා නොකර ලොකු විස්තර දැක්වීමක් කරන්න නොහැකි වුණත්…චිත්‍රපටය නැරඹීමේදී ඔබට අවශ්‍ය විය හැකි කරුණු දෙකක් පහතින් සඳහන් කරන්නම්. ඇත්තටම  නරඹන ඔබ කතෝලික වීම අවශ්‍ය නෑ මේ චිත්‍රපටය වටහාගන්නට, ඉතාම සරලව ඕනෑම අයෙකුට වැටහෙන ලෙසයි මෙය නිර්මාණය කර තිබෙන්නේ, දෙබස් පවා ඉතාම සරලයි.

ජේසුයිට් කතෝලික නිකාය

කතෝලික සභාවට අයත් මේ නිකාය Society of Jesus නොහොත් ජේසුයිට් නිකාය ලෙස හැඳින්වෙන්නේ. මෙහි ආරම්භය ලෙස දැක්වෙන්නේ වර්ෂ 1540 සැප්තැම්බර් 27. නිර්මාපකයා වන්නේ ලොයලාහි ශුද්ධවූ ඉග්නේෂියස් තුමන්. ස්පාඤ්ඤ ජාතික යුධ සෙබළෙකුද වූ ඔහු යුද්ධ අතරතුර ඔහුගේ ඇදහීමේ ඇතිවන පරිවර්තනයන් හේතුකොටගෙනයි මෙම නිකාය අරඹා ඇත්තේ. කෙසේ හෝ පාප්වහන්සේගේ සහ කතෝලික පල්ලියේ බලයට අවනතව සිටින බවටත්, එහි නියමයන්ගෙන් පිට නොයන බවටත් එවක පාප්තුමන්වූ තුන්වන පාවුළු පාප්තුමන්ට වන පොරොන්දුවක්ද සමගයි මෙම නිකාය නීත්‍යානුකූල නිකායක් ලෙස ඔහුගේ ආශීර්වාදයද සහිත ඇරඹෙන්නේ.මෙහි සාමාජිකයන් මහාද්වීප හයකට අයත් රටවල් 112ක දේව පණිවිඩය පැතිරවීමේ සහ අපෝස්තුළු සේවයේ නිරත වේ. වර්තමාන ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මෙම නිකායෙන් බිහිවූ පලමු පාප්වහන්සේද වනවා.

බෙලා චාඕ ගීතය හා අරගලය

මේ බෙලා චාඕ ගීතය ඔබට හොඳින්ම හුරු ඇති Netflix වෙතින්ම නිකුත්වූ ලොව පුරා ජනප්‍රියවූ La Casa De Papel නොහොත් Money Heist ( 2017 -) කතාමාලාව නැරඹුවානම්. ප්‍රොෆෙසර් ඇතුළු කොල්ල කල්ලිය තම කොල්ලයන් සිදු කරන්නේ එය ඒකාධිපතිවාදයට , පවතින සිස්ටම් එකට එරෙහි සටනක් ලෙස පෙන්වමින්. මෙම ගීතයත් ඇත්තටම එවන් පසුබිමක් තිබෙන එකක්, මෙය 19වන ශතවර්ශය අගභාගයේදී සටන් ව්‍යාපාර ජන ගීයක් ලෙස ඇරඹුනක් ඉතාලි කම්කරුවන් අතර. පසුව 1943-1945 අතර කාලයේ දෙවන ලෝක යුද්ධය අවසන් භාගයේ ජර්මානු ඒකාධිපතිවාදයට එරෙහි ජනතා ව්‍යාපාරයේ නිල ගීතය බවට පත්වෙනවා. මේ ගීතයෙන් පන්නරය ලබා තමන් සතු සුළු ආයුධවලින් ඔවුන් ඉතාලියේ ජර්මනි යටත් කරගත් පෙදෙස් එකින් එක නිදහස් කරගන්නට පටන්ගන්නවා. එය අදටත් ඉතාලි වාමාංශික පක්ෂ සාමාජිකයන් අතර ඒ ජනප්‍රියත්වය එසේම තබාගෙන තිබෙනවා.මේ චිත්‍රපටය තුලත් වැදගත් ස්ථානයකදී භාවිතා වන මේ ගීතයේ කියවෙන්නේ ජර්මානුවන් හා සටනට යන ජනතා සටන් ව්‍යාපාර සාමාජිකයෙකු ගැනයි. ඔහු තම සහෝදර සමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා සටනින් තමන් මියගියහොත් සුන්දර පුෂ්පයක සෙවන යට තමන් මිහිදන් කරන ලෙස.මේ කරුණු ටික මතක තබාගත්තොත් ගීතය චිත්‍රපටයට එකතුකර ඇති හේතුව ඔබට නරඹද්දී වැටහෙයි.

එහෙනම් මම ගිහින් එන්නම්, Harriet (2019) චිත්‍රපටයේ උපසිරැසියත් සමගින් හමුවෙමු.

අන්තර්ජාලයේ ඇති සියලුම WEB-DL සහ ‍WEBRip පිටපත් සඳහා උපසිරැසිය ගැලපේ.

 

Information

Year : 2019


Genre : Biography, Comedy, Drama

Actors : Anthony Hopkins, Jonathan Pryce, Juan Minujín, Luis Gnecco

Writer : N/A

Director : Fernando Meirelles

Plot : Behind Vatican Walls, The Conservative Pope Benedict And The Liberal Future Pope Francis Must Find Common Ground To Forge A New Path For The Catholic Church.

Youtube Trailer
Download Links යාවත් කාලින කර ඇත ..

Direct පිටපත

Torrent පිටපත (720P)

Torrent පිටපත (1080P)

Update In 2020-08-02

සිංහල උපසිරැස Download කරගන්න 908 times


Subz.lk වෙනුවෙන් උපසිරැසි කරේ
Hasitha Prasad
CO - Admin
7.7
89%
75%
  1. Hashan M. Priyadarshana Unregistered User January 26, 2020 at 1:54 am

    බොහොම ස්තූතියි මචං සබ් එකට 😊😊.. සුපිරි සුපිරි filmවලට සබ් ගේන ගමන් ඒකට සුපිරි ලිපියකුත් ලියනව 👊👊..
    ජය වේවා.!!


    Reply
  2. tharindu Unregistered User January 26, 2020 at 10:24 am

    Hasitha Prasad than you


    Reply
  3. Kantha_DLA Unregistered User January 26, 2020 at 12:06 pm

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……


    Reply
  4. mithun Unregistered User January 26, 2020 at 12:24 pm

    උඩ පේලි ටික දැක්කම නොබා ඉන්නෙ කොහොමද.. නියමයි සබ් එකට ස්තුතියි සහෝ..!!!!


    Reply
  5. Mithun Unregistered User February 8, 2020 at 3:58 pm

    ඔන්න තවත් අපුරු මුවි එකක් ආව සහෝ!!
    Knives Out
    2019
    Subtitles karamuu…………..


    Reply
    • Hasitha Prasad Co - admin February 8, 2020 at 4:45 pm

      ඕක මම ඊයෙ ඩවුන් කලා, සබ් එක කරල දෙන්නම්, මිතුන්.


  6. sasanka Unregistered User May 13, 2020 at 1:36 pm

    thanks for the sub


    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates
F9: The Fast Saga (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Jungle Cruise (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Black Widow (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Tides (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Peter Rabbit 2: The Runaway (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Ice Road (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Luca (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Conjuring: The Devil Made Me Do It (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Minamata (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Wrath Of Man (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Those Who Wish Me Dead (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Great White (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Achievements
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Last Month Top 10

The Tracker (2019) Sinhala Subtitle

Terror on the Prairie (2022) Sinhala Subtitle

Only the Strong (1993) Sinhala Subtitle

Om Shanti Om (2007) Sinhala Subtitle

The Avatar Tribune – Issue 1 (2021) [S01 : E01] Sinhala Subtitle

ads


Insert/edit link

Enter the destination URL

Or link to existing content

    No search term specified. Showing recent items. Search or use up and down arrow keys to select an item.
      The Two Popes (2019) Sinhala Subtitle

      information

      • Software
      • අපි ගැන

      Security & privacy

      • Terms Of Use
      • Privacy Policy
      • DMCA

      introduction

      Subz lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට උපසිරැස ලබා දෙන වෙබ් අඩවියක් වේ.

      Copyright © 2015-2022 / Subz.LK