Una noche (2012) Sinhala Subtitle

August 12, 2019 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් අදත් සබ්ස්එල්කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ රසික ඉල්ලීමක් අනුව කල උපසිරැසියක් අරගෙනයි. කේ. සුදස්සන හිමියන් කමෙන්ටුවක් මගින් කල ඉල්ලීමක් අනුවයි මේ උපසිරැසිය ඔබවෙතට අරගෙන එන්නෙ, හේතුවක් නොදන්නා නමුත් ඉල්ලීමකටත් වඩා අභියෝගයක් විදියට තමයි උන්වහන්සේ මට මේක බාරදෙන්නෙ. චිත්‍රපටය තමයි කියුබානු චිත්‍රපටයක් වන Una Noche (2012) . යම් තැනකදී මේ චිත්‍රපටය ගැන අසා තිබුණත් , මම මෙය නරඹල තිබුණෙ නෑ වගේම මෙය මේතරම් අපූරු නිර්මාණයක් කියලත් මම දැනගෙන හිටියෙ නෑ. ඒ නිසා සුදස්සන හිමියන්ට විශේෂ ස්තූතියක් පළකල යුතුමයි මේ නිර්මාණය ගැන මට දැන්වූවාට, ඒ වගේම හොලිවුඩයෙන් සහ බොලිවුඩයෙන් බැහැර නිර්මාණ සඳහා උන්වහන්සේගෙ තිබෙන උනන්දුවත් අගය කල යුතුයි. මගේ අත්දැකීම් අනුව එහෙම රසිකයන් ඉතාම අඩුයි අපේ රටේ. හරි දැන් අපි යමු චිත්‍රපටය පැත්තට…

කියුබාව…මේ නම ඇහුණ ගමන් අපිට මතක් වෙන්නෙ අතිශය සුන්දර වටපිටාවක්. තව චේ ගුවේරා, ෆිදෙල් කැස්ත්‍රෝ වගේ විප්ලවවාදීන්ව. කියුබාව කොමියුනිස්ට් රාජ්‍ය ක්‍රමයක් පවතින, නිදහස් සෞඛ්‍ය සේවයක් ඇති, සංචාරක කර්මාන්තය ප්‍රධාන ආදායම් මාර්ගයක් වුණ රටක්. ඒත් කොමියුනිස්ට්වාදය නම් සර්ව-අසාර්ථක පාලන ක්‍රමය එක්ක, මොන දේ තිබුණත් පලක් නැති බවත්, එවන් රටක් සුන්දරවන්නේ සංචාරකයන්ගේ දෑසට පමණක් බවත් මොනවට ඔප්පු කරන නිර්මාණයක් තමයි මේ Una Noche චිත්‍රපටය. එවන්වූ රටකින් අනවසරයෙන් නික්මී, ඇමරිකානු සිහිනය හඹායෑමට සිහින දකින නව යෞවනයන් තිදෙනෙකුගේ සුන්දර ශෝකාන්තයක් නරඹන්නාට පෙන්වාසිටින මේ සිනමා නිර්මාණය එලිදකින්නෙ ඇමරිකාවේ උපන් බ්‍රිතාන්‍ය-චෙකොස්ලෝවැකියා සම්භවයක් ඇති ලූසි මලෝයි අතින්. ඇය සිනමාවට යම් ආකාරයකින් සම්බන්ධ පවුල් පසුබිමක් සහිත තැනැත්තියක්. ඇයම පවසා ඇති ආකාරයට ඇයට මේ සිනමා නිර්මාණය ගැන අදහස පහලවී ඇත්තේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සමයේ ඇය කියුබාවට ගිය ගමනකදී. ඇගේ අදහස වන්නෙ සුන්දරත්වයත්, ප්‍රේමණීයබවත්, කෲරත්වයත්, ශෝකයත්, සතුටත් මේතරමට එක්තැන් කරගත් තවත් තැනක් ලොව නැති බවයි. නැරඹූ බොහෝ දෙනාගේ අදහස ඇය කියුබානු ජන ජීවිතය නිවැරදිවම කැමරාවට ග්‍රහණය කරගෙන ඇති බවයි. තවත් අයගේ අදහස මෙය කියුබානු කොමියුනිස්ට් රෙජීමයේ දරදඬු පාලනය නියමාකාරයෙන් ප්‍රේක්ෂකයාට දැනවීමටනම් අපොහොසත් බවයි. කෙසේහෝ සම්මාන 30කට නිර්දේශව එයින් 12ක් තමන් සතුකරගත් මෙම නිර්මාණය ලබා ඇති IMDB අගය 6.8ක්, එසේම Rotten Tomatoes වෙතින් 82%ක් සහ Metacritic වෙතින් 68%ක වශයෙන් ඉහල අගයන් ලබා ඇති මේ නිර්මාණයට ස්පාඤ්ඤ සහ ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයෙන්ම සමන්විතයි. රංගනය පැත්තෙන් ගත්තම ආධුනිකයන් රැසකගේ එකතුවක්, හැබැයි රංගනයෙන්නම් කිසිම ආධුනික බවක් දකින්නට නෑ. Dariel Arrechaga ( රාවුල් ), Anailín de la Rúa de la Torre (ලීලා), Javier Núñez Florián ( ඒලියෝ) තමයි ප්‍රධාන චරිත ත්‍රිත්වයට පණ පොවන්නේ. එහෙනම් මම කතාව ගැන පැහැදිලිකිරීමක් කරන්න යන්නෙ නෑ , කතාවෙ පසුබිම ඉහලින් විස්තර කල නිසා. මෙය වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටයක් බවත් මතක් කරන්නටම ඕනෙ. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම.

මෙම චිත්‍රපටයේ නිකුත්ව ඇත්තේ DVD පට පමණකි. එබැවින් සොයාගතහැකිවූවේ DVDRip පිටපත් වන අතර එයිනුත් අන්තර්ජාලයේ ඇති කිසිදු ටොරන්ට් පිටපතකට සීඩ් නොමැති නිසා, ලබාදී ඇති ඩිරෙක්ට් ලින්ක් එකෙන් පිටපත ලබාගන්න. චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට ලබාදී ඇති ලින්ක් එකෙන් නැරඹීම මගින් පිටපත ගැන අදහසක් ලබාගත හැක.

Download Links
DIR
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (21)
  • K.sudassana himi Unregistered
    Android 7 Chrome 76

    Good jobe…man oya film ekata subtitles karanna kiuwe..samajawadaya katha karana goda denekge manase athi asawa ධනවාදය kiyala kiyanna ..oya film eka baladdi hasitha mata mathak une lankawe සමාජවාදය katha karapu wame aya awasane ධනවාදයට heththu wechcha vidiha..eke prabala සංකේත thamai vimal weerawansa…jaya pathami…

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Vivaldi 2.6

      ඔබ වහන්සේ හරියටම හරි. අද ලෝකය දිවෙන ක්‍රමය අනුව ධනවාදය නැතුව සමාජවාදය කියන දේටත් පැවැත්මක් නැති බව සමාජවාදෙ කරේ තියාගෙන, චේ ගුවේරා රූපෙට පමණක් වන්දමාන කරගෙන දුවන බහුතරය දන්නෙ නෑ. බොහෝ දෙනාට චේ ගුවේරා කිව්වම මතක්වෙන්නෙ “රස්තා”. හැබැයි චේ ගුවේරා කියන පුද්ගලයා කියුබානු විප්ලවය ජය ගත්තායින් පසුව ඔහුට ලැබුණ ඇමතිපදවියට පවා පයින් ගසා බොලීවියානු විප්ලවයට යාමට තරම් කොන්දක් සේම ප්‍රතිපත්තියක් තිබූ කෙනෙක්. සමාජවාදය හොඳයි, ඒත් ප්‍රායෝගිකව අන්ත අසාර්ථකයි, ඒකයි ඇත්ත. ඔබ වහන්සේට බොහොම ස්තූතියි මේ චිත්‍රපටය ගැන දැනුම්දුන්නාට.

    • cvkottegoda Unregistered
      iOS 12.4 Chrome 77

      online balanna bane deela thyna link eken.anika link download wenneth nh

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Chrome 77

      ඩවුන්ලෝඩ් සහ ඔන්ලයින් නැරඹුම් ලින්ක් තවමත් වැඩ. මම මේ දැන් චෙක් කලා ඔබ වැඩ නොකරන බවක් කිව්ව නිසා. එසේ වන්නේනම් ඒ ඔබගේ පැත්තෙන් ඇති යම් ගැටලුවක් නිසයි. මෙන්න Proof. ක්ලික් කරල බලන්න මේ ලින්ක් එක.
      https://ibb.co/K66bQsh

  • K.sudassana himi Unregistered
    Android 7 Chrome 76

    Meka nam abhiyogayak nemei ..ඉල්ලීමක් ..nidahasak thiyanawanam “prasthanam 2010” film ekata subtitles karanna …

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Vivaldi 2.6

      දමිල, තෙළිඟු සිනමාවට මම පෞද්ගලිකව කැමති නෑ, හාමුදුරුවනේ. අතරින්පතර හොඳ නිර්මාණත් ඇති, ඒත් සමස්තයක් විදියට ගත්තම මම අකමැතියි. හින්දි වුණත් ඒ කාලෙ උපසිරැසි කලාට දැන් එච්චර එලවන්නෙ නෑ.

    • Vishwa Unregistered
      Android 5.1 UC Browser 12.13

      Thnx subtitles walata Kalin eke comment ekakin kiwa wagema dunna ehenam .

      Me film walata puluwanam sinhala subtitles Denna. Plzzz

      *Single by contract a.k.a. groupies don’t stay for breakfast 2010 (German)

      *kicking out Shoshana 2014 (Israeli-hebrew language)

      *the piano teacher 2001(french)

      *the road less traveled 2010(hong kong)

      *jan Dara 2001 (Thai)

      *the story of us 1999(American)

      *fatal attraction 1987(american)

      *Indecent proposal 1993(american)

      *double jeopardy 1999(american)

      *
      The peanut butter falcon 2019(american)

    • K.sudassana himi Unregistered
      Android 7 Chrome 76

      Ok…ok…jaya pathami…hoda movie hamu unahama danum dennam…

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 76

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  • rajitha Unregistered
    Windows 7 Chrome 76

    Thanks jayawewa……!

  • Madusha Unregistered
    Windows 10 Opera 62

    බොහොම ස්තූතියි

  • sam Unregistered
    Windows 7 Firefox 68

    kohomada machan meka down karanne

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Vivaldi 2.6

      Ad වගයක් එනවනේ, ඒක දාල තියෙන්නෙ සයිට් එකේ ආරක්ෂාවට. I’m not robot කියන ටික් බොක්ස් එකට ටික් එකක් දාලා, ඊට පහලින් එන Click to continue බට්න් එක ක්ලික් කරන්න. ඇඩ් දෙක තුනක් එයි, ඒ නිසා කීපපාරක් ක්ලික් කරල බලන්න. ඊලඟට එන පේජ් එකේ ටිකක් ඉන්න තප්පර කීපෙකින් ලින්ක් එක ක්‍රියේට් වෙයි. ඩවුන්ලෝඩ් වෙනවා, මම චෙක් කලා මේ දැන්.

    • Sampath Unregistered
      iOS 12.4 Chrome 75

      Thanx machan

  • K.sudassana himi Unregistered
    Android 7 Chrome 76

    ” A Dangerous method ” psychological film ekak ..2011..michael fassbender..kiyana අද්විතීය ranga silpiya inne…nidahasak thiyanawanam …sinhala subtitles karanna …

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    ගොඩක් ස්තුතියි සහෝ සිංහල උපසිරසියට….
    ජය වේවා.!!

  • Sampath Unregistered
    iOS 12.4 Chrome 75

    Kohomada machan me film eka download karanne plz

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Vivaldi 2.6

      උඩ SAMගෙ කමෙන්ට් එකේ රිප්ලයි එක බලන්න.

  • Mithun Unregistered
    Android 8 Chrome 81

    හසිත සහෝ ඇයි දැම් සබ් කරන් නැත්තෙ….?????

  • krishantha hewageegana User
    Windows 10 Firefox 90

    වයිරස් කෝටියක් එනවා මිසක් ඩවුන්ලෝඩ් කරගන්න බැහැ

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 10 Chrome 92

      අවුරුදු ගානක් පරණ එකක් …අඩුම තරමේ ඒ ෆයිල් එක තිබ්බ සයිට් එකත් දැන් නැහැ ..එකට කොපි රයිට් වැදිලා නැති වෙලා …මොනවා වුනත් මම link එකක් update කරා ,එකෙන් ගන්න

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search