Vikings (2013) [S06 : E02] Sinhala Subtitle

December 05, 2019 New Subtitler

ආයුබෝවන් වයිකින්ග්ස් ලෝලි රසික රසිකාවියන්ට! වෙනදට වයිකින්ග්ස් ගේන පසිදු සහෝගෙ ආරාධනාවක් අනුව කාලෙකින් උපසිරැසියක් කරන්න ලැබුනා. මගේ tv series ජීවිතේ ආසම කතාවක් තමයි Vikings කියන්නෙ. එහෙම නොවෙන්න මං උපසිරැසියක් කරන්න භාර නොගන්නත් තිබුනා. තියෙන වැඩයි තියෙන කම්මැලිකමයි නිසා. ගිය සීසන් එකෙත් එපියකට වගේ මගේ දායකත්වය දුන්නා, මේ පාරත් පලවෙනි එපිය සහා දෙවෙනි එපිය එක දවසෙ ආපු නිසා, පසිදු සහෝ ඇහුවා දෙවෙනි එපිය මට කරන්න බැරිද කියලා. මාත් ආසාවෙන් භාරගත්තා ඉතින් වැඩේ. පසිදුයි මායි එකට එපි දෙකම දාන්න හිටියත් මට විදුලිබල මණ්ඩලේ හරහට හිටියා. ඔව් ඔව් කරන්ට් එක කැපුවා. ඒත් වැඩේ අත ඇරියේ නෑ, කරන්ට් එක ආපු වෙලේ ඉදන් මහා පාන්දර නැගිටගෙන වැඩේ ඉවර කරා. මේ ලිපිය ලියද්දිත් පාන්දර 4යි. ගොඩක් දිගට ලියන්නෑ. දෙවෙනි එපිය ගැන ටිකක් කියාලා ලිපිය අවසන් කරන්නම්!

Vikings S06E02

පලවෙනි එපියත් අදමනෙ ආවෙ ඒක නිසා ඒ ගැන මොකුත් මතක් කරන්න යන්නෑ. අද කතාව ගැන පොඩි දේවල් ටිකක් කියන්නම්, ස්පොයිල් වෙන්න පුලුවන් ඒක නිසා මේ ටික නොකියවා හිටියත් කමක්  නෑ.
කතාව පටන් ගන්නෙ කැටගැට් වලින්. චෙටිල් ආපහු කැටගැට් වලට එනවා. ඌබේ ෆ්ලෝකි ගැන චෙටිල්ගෙන් ප්‍රශ්න කරනවා. හැවිට්සර්ක්ගෙ සිහිය පොඩ්ඩක් විකල් වෙලා වගේ, අයිවර් ඔහුට කරපු දේවල් නිසා. ලැගතත් වෙනම පැත්තක ෆාම් එකක් කරගෙන ඉන්නවා. ඌබේ සහා බියෝන් යනවා ලැගතව බලන්න. ඒ අතරෙ කින්ග් හැරල්ඩ් කින්ග් ඔලෆ් එක්ක යුද්ධෙක පැටලිලා බියෝන්ගෙන් උදව් ඉල්ලනවනෙ, බියෝන් ඉන්නෙ තීරණයක් ගන්න බැරුව ඔහු මොකද කරන්නෙ කියලා. අන්තිමේදි තීරණේ කියනවා, කතාව බලන්නකො! ඒ අතරෙ රුසියාවෙ අයිවර් එක්ක ඔලෙග් මරු සීන් ටිකක් වෙන්නෙ. ඔලෙග් කියන්නෙ වැඩ්ඩෙක් කියලා හිතෙන විදියෙ හොද සීන් ටිකක් යනවා. ඒවා කියන්නෑ කතාව බලන්නම වෙනවා ඒකට!

තව දෙයක් කියන්න ඕන, උපසිරැසිය ගැලපෙන්නෙ HDTV වීඩියෝ පිටපත් සදහා පමණයි. ඒක නිසා මං පහලින් දීලා තියෙන ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් වීඩියෝ එක ගන්නවනම් වඩාත් හොදයි. වෙන තැනකින් ගන්නවනම් මතක ඇතුව HDTV එකක්ම ගන්න. WEBRip වලටනම් ගැලපෙන එකක් නෑ බොහෝ දුරට!

එහෙනම් කතාව රස විදින්න. තුන් වෙනි එපිය ආපු සැනින් එසැනින් පසිදු සහෝ ගෙනෙයි! හැමෝටම ජයවේවා!

උපසිරැසිය ගැලපෙන්නේ HDTV පිටපත් සදහා පමණයි!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Sameera Chandrasena
1 Movies
6 TV Series
7 Total
Discussion (6)
  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 78

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

  • IDT Unregistered
    Android 9 Opera 53

    බොහොම ස්තූතියි සහෝ.

  • Rawindu Unregistered
    Android 8 Chrome 76

    Tank sub ekt

  • Yasith Nawodaya Unregistered
    Android 8 Firefox 66

    Thnx for subtitles

  • indunil Unregistered
    Windows 10 Chrome 80

    download baane

  • Master Unregistered
    Android 15 Chrome 143

    Video eka dawnload karanne kohomada

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search