Vikings (2013) [S06 : E07] Sinhala Subtitle
අද මම අරන් එන්නේ වයිකින්ග්ස් කතා මාලාවේ 7 වෙනි කොටස මේ කොටස නම් කරලා තියෙන්නේ The Ice Maiden කියලා ඒ වගේම මේ කොටසට imdb අගය 9.2ක් ලැබිලා තියෙනවා. කලින් කොටස ගැන මතක් කලොත් ඔයාලට මතක ඇති හැවිට්සේර්ක් ලගතාව මරනවා නොදැනුවත්ව වුනත් ඒක තමයි එයාලාගේ දෛවය වුනේ ඒ වගේම ලගතාගේත්. හැරල්ඩ් රජු නොර්වේ වල රජු වෙනවා ඒ වගේම බියෝන්ව මරන්නත් හදනවා කොහොම හරි බියෝන්ට බේරිලා පැනගන්න අවස්තාව ලැබෙනවා. ඔලෙග් අයිවර් සමග මොන වගේ සෙල්ලමක් කරනවාද කියලා හිතා ගන්න බැහැ..
ඒ වගේම මට අද කොටස ගැන පොඩි දේවල් ටිකක් කියන්න හිතුනා.. ඔයාලා හැමෝම හිතුවේ නැති ගොඩක් දේවල් වුනා. සමහරුන් ඒ දේවල් වලින් සතුටු වුනා සමහරුන් නැහැ මොකද අයිවර්ට කැමති ගොඩක් අය ලගතා මැරෙනකන් බලන් හිටියා මමත් ඒකට කැමති වුනත් මේ කොටස බලපුවාම ඇත්තටම පොඩි දුකකුත් ආවා මොනා වුනත් ලගතා කියන්නේ මුල ඉදන් කතාවේ හිටපු ශ්‍රේෂ්ට රණ ශුරියක් වගේම පලිහ දරන්නියක්. ඒ වගේම මුල ඉදන් කතාව බලන්න ඇය හේතුවක් වුනා. ඉතින් අද කොටසේදී ඇය කතාවෙන් සදහටම සමු ගන්නවා රැග්නා සමු ගත්තා වගේ. අද කොටස වෙන් වෙලා තියෙන්නේ ඇය වෙනුවෙන්.