• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Zack Snyder’s Justice League (2021) Sinhala Subtitle

Zack Snyder’s Justice League (2021) Sinhala Subtitle

2021/03/20 at 10:19 am
Hasitha Prasad
යුක්තිය සොයා
 

ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. මෙම උපසිරැසිය කිරීම මාහට බාරදුන් අපේ දමිත් සහෝදරයාට මගේ ස්තූතිය මුලින්ම. ප්‍රේක්ෂක විචාරක දෙපාර්ශවයේම දැඩි විවේචනයට භාජනයවූ 2017 වසරේ තිරගතවූ Justice League චිත්‍රපටය DC කොමික්ස් රසික ඔබ හැමදෙනාම නරඹන්නට ඇති, යම් අය කලකිරෙන්නටත් ඇති. මෙය අපට පමණක් පොදුවූ කාරණයක් නොවූ අතර ලොව පුරා DC රසිකයන් ඉතා දැඩි ලෙස එම චිත්‍රපටයට විවේචන එල්ල කරන්නේ මුලදී එහි අධ්‍යක්ෂණ කාර්යය බාරවූ සුප්‍රකට අධ්‍යක්ෂ සැක් ස්නයිඩර් ඉවත්වූ පසු එහි අධ්‍යක්ෂණ කාර්යය බාරවූ ජොස් වීඩන් විසින් ඒ වනවිට එහි රූගත කර තිබූ දර්ශන බොහෝ ප්‍රමාණයක් ඉවත්කර (ඔහු භාවිත කර ඇත්තේ ස්නයිඩර් රූගත කල දර්ශනවලින් 10%ක් පමණක් යැයි කියවේ) තමන්ගේම වර්ෂන් එකක් ලෙස එය නිර්මාණය කිරීම හේතුවෙන්. ස්නයිඩර් රසිකයන් බලාපොරොත්තු වූ චිත්‍රපටය ජොස් වීඩන්ගෙන් නොලැබුණ තැන #ReleaseTheSnyderCut නමින් (ඔන්ලයින් පෙත්සමක්ද ඇතුළුව) ලොව පුරා සමාජ මාධ්‍ය හරහා දැඩි රැල්ලක් ඇතිවුනා සැක් ස්නයිඩර්ගේ ජස්ටිස් ලීග් වර්ෂන් එක එනම් ස්නයිඩර් කට් එක (Snyder Cut) නරඹන්නන්ට නිකුත් කරන ලෙසට. පසුව මෙම සටනට Justice League (2017) රංගන තරුද එක්වෙනවා සැක් ස්නයිඩර්ද සමග. එම දැඩි සටනේ ප්‍රතිඵලයක් ලෙසට, බොහෝ කලකට පසුව මේ වසරේ HBOmax හරහා Zack Snyder's Justice League ලෙස Justice league චිත්‍රපටය නැවත අපි හමුවට එනවා පුරා හෝරා හතරක දිගු චිත්‍රපටයක් ලෙසට. ඔබ දැනටමත් දන්නවා ඇති 2017 චිත්‍රපටයෙන් සැක් ස්නයිඩර්ට ඉවත්වන්නට සිදුවන්නේ ඔහුගේ දියණිය වූ ඔටම් ස්නයිඩර් (1996 - 2017) විෂාදය නිසා 2017 මාර්තු 12 වන දින අවාසනාවන්ත ලෙස සියදිවිනසාගැනීම හේතුකරගෙන (මෙම ඉවත්වීමට චිත්‍රපටයේ කටයුතු තමන්ට අවශ්‍ය ලෙස කරගෙන යාමට ස්ටුඩියෝවෙන් ඇතිකල යම් බාධාද හේතුවක් බව පසුව ඔහු මාධ්‍යයට පවසා තිබුණා) .දියණිය අහිමිවූ සොවින් අදටද පෙලෙන ඔහු මෙවර චිත්‍රපටය අවසානයේ තම දියණිය වෙනුවෙන් පිදුමක් සටහන් කරන්නටද අමතක කර නෑ "For Autumn" ලෙසට.

ඔටම් සහ සැක්

මේ සිද්ධිය නිසාම ඔහු හා බිරිද ඩෙබෝරා ස්නයිඩර් සියදිවි නසාගැනීමේ පෙළඹීමක් ඇති අයට පිහිටවීමට සැකසූ දිවිනසාගැනීම වැලැක්වීම සඳහාවූ ඇමරිකානු පදනම නොහොත් AFSP වෙත තම දායකත්වය දක්වන්නටද පටන්ගන්නවා. මම මේ සටහන තැබුවේ මේ Snyder Cut එක බිහිවීමට හේතුපාදක වූ කරුණ නොදන්නා අයගේ දැනගැනීම පිණිසයි. එසේම මෙම චිත්‍රපටය නරඹන ඔබ මතක තබාගත යුතු තවත් දෙයක් තමයි මෙය 1.33:1 aspect ratio එකෙන් නොඑසේනම් 4:3 ratio එකෙනුයි රූගත කර තිබෙන්නේ. එම නිසා බොහෝදෙනෙක් බලාපොරොත්තු වන 16:9 aspect ratio එකෙන් මෙය නැරඹීමේ හැකියාවක් නෑ.

ඔන්න ඔය විදියට තමයි Snyder Cut එක අපි හමුවට එන්න පාර කැපෙන්නෙ. කතාව සරලවම ගත්තොත් මුල් චිත්‍රපටයට සමාන වුවත් එහි දර්ශන වලින් ඉතා කුඩා ප්‍රමාණයයි මෙවර චිත්‍රපටයට ඇතුලත් වෙන්නෙ, ඒ වගේම DC කොමික්ස්වලට නොගැලපෙන මාවල් හාස්‍යමය මුහුණුවර මෙම චිත්‍රපටය තුල දක්නට නොලැබෙන තරම් වන අතර ස්නයිඩර්ට හුරු පුරුදු හා මගේ අදහස අනුව DC කොමික්ස්වල ජීවය වන ඩාක් තීම් එක තමයි මුළු හෝරා හතර පුරාවටම අපිට දකින්නට ලැබෙන්නේ. එම නිසාම ජොස් වීඩන්ගේ Justice League (2017) හා ජේම්ස් වැන්ගේ වර්ණවත් Aquaman (2018) චිත්‍රපට සමග යම් නොගැලපෙන තැන් හා පැහැදිලි වෙනස්කම් රාශියක් මේ ස්නයිඩර් කට් එකෙන් අපිට දැකගන්නට ලැබෙනවා, එසේම තවත් චිත්‍රපට දෙකක් කරන්නට මුලදී අදහස් කරගෙන සිට තිබුණත්, දෙවැන්නකට ඉඩ තබා අවසන් වුවත්, දැන් වෝනර් බ්‍රදර්ස් ආයතනය තමන් හා එක්ව වැඩකිරීමට ඒතරම් උනන්දුවක් නැති බැවින් දෙවැන්නක් නිර්මාණය වීමේ කිසිදු ඉඩකඩක් නොමැති බවට පසුගිය දිනෙක සැක් ස්නයිඩර් පවසා තිබුණා. චිත්‍රපටයට පිවිසීමට මෙම කරුණු ප්‍රමාණවත්යැයි මම සිතන නිසා දැන් අපි යමු චිත්‍රපටයට මූලිකවම අදාල විස්තර පැත්තට, කතාව පැහැදිලි කිරීම අවශ්‍ය නෑ මම හිතන්නෙ බොහෝදෙනෙක් දැනටත් එය දන්න නිසා... අවශ්‍යනම් අප අඩවියේ තිබෙනවා JUstice League (2017) හි උපසිරැසිය හා ලිපිය. මෙතනින් ගිහින් එය කියවීමට හැකියි.

මේ වනවිට IMDb වෙතින් 8.5ක අගයකුත්, Rotten Tomatoes වෙතින් 74%ක අගයකුත්, මෙටාක්‍රිටික් වෙතින් 57%ක අගයකුත් ගූගල් පරිශීලක ප්‍රසාදය 95%කුත් ලබා ඇති Zack Snyder's Justice League (2021) චිත්‍රපටය IMDb හි හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවේ 84වන ස්ථානය තමන් සතු කරගන්නටද සමත්ව තිබෙනවා. සැක් ස්නයිඩර්, ක්‍රිස් ටෙරියෝ හා විල් බියොල්ගේ කතාවෙන් ක්‍රිස් ටෙරියෝගේ තිර රචනයෙන් සැක් ස්නයිඩර්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මෙයට රංගනයෙන් දායක වන්නේ බෙන් ඇෆ්ලෙක් (බෲස් වේන්/බැට්මෑන්), හෙන්රි කැවිල් (සුපර්මෑන්/ක්ලාක් කෙන්ට්),ඒමි ඇඩම්ස් (ලොයිස් ලේන්), ගැල් ගැඩොට් (වොන්ඩවුමන්/ ඩයනා ප්‍රින්ස්),රේ ෆිෂර් (සයිබෝග්/වික්ටර් ස්ටෝන්),ජේසන් මැමෝආ (ඇක්වාමෑන්/ ආතර් කරී), එස්රා මිලර් (ෆ්ලෑෂ්/බැරී ඇලන්), විලියම් ඩැෆෝ (වුල්කෝ), ජෙසී අයිසන්බර්ග් (ලෙක්ස් ලූතර්), ජෙරමි අයන්ස් (ඇල්ෆ්‍රඩ්), ඩයෑන් ලේන් (මාර්තා කෙන්ට්), කොනී නීල්සන් (හිපොලිටා රැජිණ),ජේ.කේ සිමන්ස්(කොමසාරිස් ගෝඩන්), ඇම්බර් හ'ඩ් (මේරා), ජෝ මෝටන් (සයිලස් ස්ටෝන්) ඇතුළු පිරිසක්.

තවත් විශේෂ කරුණු කීපයක් මෙසේ සටහන් කරන්නම්.

• ඩාක්සයිඩ් චරිතය මුල්වරට DC සිනමා විශ්වයට පා තබන්නේ මේ චිත්‍රපටයෙන් වන අතර කොමික්වලින් මෙම චරිතය ඉදිරිපත් කර වසර 50ක්ද සපිරෙන්නේ මෙම වසරේදි, ඔහු මුලින්ම කොමික්වලින් එලිදකින්නේ 1971 වසරේ පෙබරවාරි මස නිකුත්වූ "Fovever People" #1 වෙළුමෙන්.

• 1.33:1 (4:3) නොහොත් "TV" aspect ratio එකෙන් නිකුත්වන මුල්ම නූතන සුපිරිවීර චිත්‍රපටය වන්නේ මෙයයි.

• DCහි දිගුම චිත්‍රපටය ලෙස මෙතෙක් කිරුළු දරා සිටි Dark Knight Rises (2012) හි කිරුළ මෙයින් අහිමිවෙන අතර එම චිත්‍රපටයේ ධාවන කාලය වූවේ හෝරා දෙකකුත් මිනිත්තු හතලිස් පහක්.

• DC Fandome 2020 හීදී සැක් ස්නයිඩර් තහවුරු කලා මෙය නිකුත්වන්නේ කොටස් හතරක මිනි-සීරීස් එකක් ලෙස, එහෙත් 2021 වසරේ ජනවාරිවලදී වෝනර් බ්‍රදර්ස් ආයතනය ප්‍රකාශ කලා මෙය නිකුත් වන්නේ තනි චිත්‍රපටයක් ලෙස බවට.

• 2019 වසරේදී සැක් ස්නයිඩර් විසින් ටී-ෂර්ටයක් එලිදැක්වූවා සියදිවි නසාගැනීම් වැලැක්වීම සඳහාවූ ඇමරිකානු පදනම (AFSP) වෙත පරිත්‍යාග දැක්වූ අයට ත්‍යාග ලෙස. එහි ඉදිරිපස රූපය කබලාලා: ජීවයේ ගසට සමානකම් දක්වන අතර, එය ස්නයිඩර් තම චිත්‍රපට පෙල අවසන් කරන්නට අදහස් කරගෙන සිටි ආකාරය දැක්වෙන රහස් සිතියමක් බවටත් කියවෙනවා. ටී-ෂර්ටයේ පිටුපස ප්‍රසිද්ධ සාහිත්‍ය මහාචාර්ය ජෝෂප් කැම්බල්ගේ "All the Gods, all the Heavens, all the Hells, are within you." යන වැකිය සටහන් කර තිබෙනවා.

• Justice League (2017) අධ්‍යක්ෂක නාමයන් අතර ජෝස් වීඩන්ගේ නම සමග සැක් ස්නයිඩර්ගේ නමද සඳහන්ව තිබුණත්, ඔහු එම චිත්‍රපටය නරඹා නැති බවයි පැවසෙන්නේ. ප්‍රවීණ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් නෝලන් හා සැක්ගේ බිරිඳ ඩෙබෝරා දෙදෙනා එය නරඹා සැක්ට පවසා ඇත්තේ එය නැරඹුවහොත් ඔබේ සිත බිඳීයනු ඇති බවයි.

එහෙනම් ඉන් එහාට මා කතාකරන්නට යන්නේ නෑ. මෙය නරඹන ඔබ නරඹා තිබිය යුතු චිත්‍රපට පමණක් පිලිවෙලින් සටහන් කරන්නම්.

Man of Steel (2013)

Wonder Woman (2017)

Batman v Superman: Dawn of Justice (2016)

Aquaman (2018)

Justice League (2017) (සංසන්දය කර බැලීමට අවශ්‍යනම් පමණක්)

Birds of Prey (2020)

එහෙනම් ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම.

සැලකිය යුතුයි :- නිල Blu-ray පිටපත් සඳහා උපසිරැසි යාවත්කාලීන කර ඇත. තවද Web හා HD පිටපත් සතු අයගේ පහසුව තකා Internal HD, HMAX හා AMZN ලෙස උපසිරැසි තුනක් සකසා උපසිරැසි ගොණුවට ඇතුලත් කර තිබේ. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

 

සිංහල උපසිරැසිය ලබා ගන්න 3351

Download Links:

පිටපත (Direct)
පිටපත (Torrent)
පිටපත (Torrent)
Zack Snyder's Justice League
  • 720p (bluray)
    2.17 GB
    Download Torrent
  • 1080p (bluray)
    4.47 GB
    Download Torrent
  • 720p (web)
    2.17 GB
    Download Torrent
  • 1080p (web)
    4.47 GB
    Download Torrent
  • 2160p (web)
    10.82 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • K.A Raveen ExPERT Subtitler
    iOS 14.4Chrome 83

    මෙව්වනේ ලිපි
    මෙව්වනේ සබ්:heart::heart:

    2021-03-20 at 4:16 pm
    Reply
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7Chrome 89

      :heart_eyes: ANIWA

      2021-03-20 at 5:42 pm
  • Inuka Wijerathna New Subtitler
    Windows 10Chrome 89

    බොහොම ස්තූතියි හසිත.

    2021-03-20 at 7:14 pm
    Reply
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7Chrome 89

    Justice League හසිත ගේ edition එක ..බලන්න දෙයක් නැහැ ..හොදටම ඇති ..ඉල්ලීම ඉටු කරාට ගොඩාක් thanks !!!!!!!!!

    2021-03-20 at 8:13 pm
    Reply
  • සහන් සුලක්ඛණ ExPERT Subtitler
    Windows 10Chrome 89

    sub ekata godak thanks ayiye.

    2021-03-20 at 10:00 pm
    Reply
  • Supun Kaushalya Unregistered User
    Android 10Chrome 81

    තෑන්ක්ස් සබ් එකට

    2021-03-20 at 10:50 pm
    Reply
  • K.A Raveen ExPERT Subtitler
    iOS 14.4Chrome 83

    කතාව බලලා ඉවර උනාමත් ආයේ අදහසක් දාන්න හිතුනා. ෆිල්ම් එක නම් සුපිරි. ඒ ගැන ආයේ කතා කරන්න දෙයක් නෑ. ඒකටම හරියන සබ් එකක් තමා මේ තියෙන්නේ. හතර වටේම තියෙන සයිට් වලින් මේකට සබ් දීලා නිසා ගොඩක් අයට මේ සබ් එක මිස් වෙයි. හැබැයි හසිත අයියගේ ෆෑන්ස්ලා ටික නම් වාසනාවන්තයි.

    2021-03-20 at 11:02 pm
    Reply
  • Hasitha Prasad Junior Admin
    Windows 10Edge 89

    බොහොම ස්තූතියි, රවීන්. ඔව්නෙ, සබ් එක කරන්න ගන්නකොටම ටිකක් පරක්කුයි.

    2021-03-20 at 11:44 pm
    Reply
  • Hasitha Prasad Junior Admin
    Windows 10Edge 89

    අදහස් දැක්වූ දක්වන සියලු දෙනාටම ස්තූතියි :slight_smile:❤

    2021-03-20 at 11:45 pm
    Reply
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 89

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2021-03-22 at 7:10 am
    Reply
  • Shamal Manojan User
    Android 7Chrome 89

    හැකිනම් Coming 2 America – 2021 ෆිල්ම් එකට උපසිරැසි දෙන්න සහෝ.

    2021-03-22 at 9:01 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (171)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14
Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms