හොල්මන් ෆිල්ම් බලන්න ආස අයට 2026 ඔක්තෝබර් 23 වෙනිදා ලොව පුරා තිරගත වුණු අලුත්ම තෙලිඟු Horror Thriller ෆිල්ම් එකක් තමයි 418
අද අරගෙන අවේ
2020 කොරෝනා වසංගතයේ අඳුරු සෙවණැලි මුළු රටම වෙලාගෙන තියෙන කාලෙක, කර්ණාටක ප්‍රාන්තයේ වේදගිරි ගමේ පිහිටි වෛද්‍ය විද්‍යාලයකට (VIMS) සාමාන්‍ය බස් රථයක්වත් යන්න කැමති වෙන්නේ නෑ. ගම්වැසියන්ගේ දැඩි විරෝධතා මැද්දේ, වසර පහළොවක් තිස්සේ වහලා දාලා තිබුණු අත්හැර දැමූ ගොඩනැගිල්ලක් අලුතින් එන පිරිමි ළමයින්ගේ නේවාසිකාගාරයක් විදිහට ආයෙමත් විවෘත කරන්න විශ්වවිද්‍යාල පාලකයන් තීරණය කරනවා. ගෙදරදොර සහ කඩේ පවා උකස් කරලා දෙමාපියන් තියපු බරපතළ බලාපොරොත්තු කරපින්නාගෙන වෛද්‍ය සිහිනය සැබෑ කරගන්න එන විවේක් ශංකර්ට නවතින්න ලැබෙන්නේ මේ අද්භූත ගොඩනැගිල්ලේ හතරවැනි මහලේ 417 කාමරයේ. හැබැයි එතැන පාලකවරයා පනවන නීති අතරේ හැමෝගෙම හිතේ සැකයක් ඇති කරන අමුතුම කොන්දේසි දෙකක් තියෙනවා — මොනම හේතුවක් නිසාවත් කිසිම කාන්තාවකට (සිසුවෙක්ගේ අම්මා කෙනෙක්ටවත්) මේ නේවාසිකාගාරය ඇතුළට එන්න තහනම් වෙනවා වගේම, විවේක්ගේ කාමරයට අල්ලපු වැටේ අගුළු දාලා තියෙන 418 කාමරය පැත්තේවත් යන්න කාටවත් අවසර නෑ. ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ හිරිහැර, අලුත් මිතුරන්ගේ දඟකාරකම් සහ වෛද්‍ය පීඨයේ අධ්‍යාපන පීඩනය අතරේ ගෙවෙන මේ තරුණ ජීවිතේ එක රැයකින් කණපිට පෙරළෙන්නේ, රහසිගතව යමෙක් ඒ තහනම් සීමාවන් බිඳිනවත් එක්කම විවේක්ට තමන්ගේ කාමරය ඇතුළේදී ඇස් අදහාගන්න බැරි බිහිසුණු අත්දැකීමකට මුහුණ දෙන්න වෙන නිසා. ඒක විවේක්ගේ පීඩනය නිසා හිතේ ඇඳුණු මායාවක්ද, එහෙමත් නැත්නම් අවුරුදු පහළොවක් තිස්සේ 418 දොර පිටුපස සැඟවිලා හිටපු බිහිසුණු බලවේගයක් අවදි වුණාද කියන අභිරහස මුළු කතාව පුරාම දිගහැරෙනවා
KGF සහ Salaar වැනි දැවැන්ත සිනමා නිර්මාණ බිහි කළ Prashanth Neel ගේ ඉදිරිපත් කිරීමක් විදිහට කරළියට එන 418, ඔහුගේ සහාය අධ්යක්ෂවරයෙක් විදිහට වැඩ කරපු Kirtan Nadagouda ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වෙනවා. දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රමුඛතම නිෂ්පාදන ආයතනයක් වන Mythri Movie Makers ආයතනය හොල්මන් ශානරයට අතගහපු පළවෙනිම නිර්මාණය විදිහටත් මේක විශේෂ අවධානයක් දිනාගන්නවා.
තවත් උපසිරුසියකින් නැවතත් හමුවෙමු