The International (2009) Sinhala Subtitle
අදත් වෙනද වගේම ආයුබෝවන් කියල පිළිගන්නවා අපේ Subz LK වාසීන් සියලු දෙනාවම.අද ඕගොල්ලන්ට අරගෙන එන්නෙ 2009 වසරේ තිරගත වුණ The International චිත්‍රපටයේ සිංහල උපසිරැසිය ඇත්තෙන්ම මේ චිත්‍රපටය මට බාරදුන්නෙ අපේ ඇඩ්මින් මණ්ඩලයේ කවීෂ සහෝදරයා.ඉතින් ඒ සම්බන්ධව ඔහුට ස්තූති කරල ඉන්න ඕනෙ මුලින්ම.දැන් අපි යමු චිත්‍රපටයේ විස්තර පැත්තට…
IMDB අගය 6.5ක් ලෙස සටහන් කරගනිමින් Rotten Tomatos අඩවියෙන් 56%ක අගයකුත්, ගූගල් පරිශීලකයන් 81%කගේ ප්‍රසාදයත් දිනාගත් මේ චිත්‍රපටය එක් සම්මානයකට නිර්දේශ වන්නත් සමත්කම් දක්වා තිබෙනවා.අධ්‍යක්ෂණය ටොම් වික්වර්ගෙන් වන අතර රංනයෙන් දායක වෙන්නෙ Clive Owen (ලුවී සැලින්ජර්, Naomi Watts (එලනෝර් විට්මන්), Armin Mueller-Stahl (විල්හෙල්ම් වෙක්ස්ලර්), Ulrich Thomsen (ජොනාස් ස්කාසන්), Brían F. O’Byrne (උපදේශක) ඇතුළු නළු නිළි පිරිසක්…
චිත්‍රපටයේ ප්‍රධාන විස්තර ඒ වගේ වෙද්දි, දැන් අපි යමු කතාව පැත්තට.ඊට කලින් මෙහෙම ආරම්භයක් ගන්නම්…
බැංකු…අපිට මුදල් ඉතිරි කරන්න, ණය මුදලක් ලබාගන්න වගේම තවත් මූල්‍ය කටයුතු ආශ්‍රිත බොහොමයක් දේවලදි පිහිටට ඉන්න තැනක්.හැබැයි අපේම මුදල් අපිත් නොදැනුවත්වම භයානක කර්තව්‍යයන් සඳහා ආයෝජනය වෙනවානම්?නිකමටවත් එහෙම හිතල තියනවද?නෑ නේද?මේ චිත්‍රපටයේ කතාව එවන් සිදුවීමක් හා සම්බන්ධ එකක්.ඇත්තටම මේක වර්ෂ 1980 සිට 1990 මුල්භාගය තෙක් සිදුවූ සැබෑ සිදුවීමක් ගුරුකොට ගෙන එය යම් වෙනසකට ලක්කරමින් නිර්මාණය කල එකක්.මෙයට අදාල සැබෑ බැංකුව නමින් BCCI.වර්ෂ 1972දී පකිස්තාන ජාතික අගා හසන් බෙහෙඩි නම් අයෙකුගේ ප්‍රධානත්වයෙන් ඇරඹි 1990දී අවසන් ගමන් ගිය, අරඹා දශකයක් ගත වන්නටත් මත්තෙන් ලොවපුරා රටවල් 78ක ශාඛා 400කටත් වැඩි ගණනකින් සන්නද්ධව එවකට ලෝකයේ 7වන විශාලතම බැංකුව ලෙසද විරුදාවලී ලබාසිටි බව කියන මේ බැංකු ජාලය ඒ වනවිට මුදල් විශුද්ධිකරණය සහ තවත් බරපතල ඝනයේ මූල්‍ය අක්‍රමිකතා රැසකටද හොර රහසේ දායක වී තිබෙනවා.දැන් අපි යමු කතාව පැත්තට…
ලුවී සැලින්ජර් කියන්නෙ ජාත්‍යන්තර පොලිසියේ නියෝජිතවරයෙක්.ඔහුත් නිව්යෝක් දිස්ත්‍රික් ඇටර්නි කාර්යාලයේ එලනෝර් විට්මනුත් එක්ව ලක්සම්බර්ග් මූලික කරගත් දැවැන්ත බැංකුවක සිදුකරන යම් සැකකටයුතු ගණුදෙනුවක් ගැන විමර්ශණයක් සිදු කරනවා.කෙසේ හෝ මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට එකඟවූ එම බැංකුවේ නිලධාරියෙකුත් හමුවෙනවා මේ කණ්ඩායමට.චිත්‍රපටය ආරම්භ වෙන්නෙ ඔහුව හමුවීමට ලුවී සහ ඔහුගේ කණ්ඩායමේ ෂූමර් නම් අයෙක් ජර්මනියේ බර්ලින් දුම්රිය ස්ටේෂන් එකට යන දර්ශනයකින්.හැබැයි බැංකුව එහෙම ලේසියෙන් මේ විමර්ෂණය කරගෙන යන්න දෙන්නෙ නෑ ඔවුන්ට.තමන්ගේ බලය යොදවා මේ විමර්ශණය නවත්වා දමන්න විශාල උත්සාහයක් දරණවා.නමුත් ලුවී සහ එලනෝර් දෙන්නත් ලේසියෙන් පරාජය බාරගන්න අය නෙමෙයි.එහෙනම් බලන්න ඔවුන් දෙදෙනා සාර්ථක වේවිද, එහෙමත් නැත්නම් බැංකුව කෙසේ හෝ ඔවුන් දෙදෙනාව යටපත් කරාවිද, බැංකුවකට මේතරමටම තියන රහස් ගණුදෙනුව මොකද්ද කියල.එහෙනම් මම ගිහින් එන්නම්…තවත් උපසිරැසියකින් හමුවෙමු!!!
Spoiler Warning : Interpol agent Louis Salinger (Clive Owen) joins forces with New York prosecutor Eleanor Whitman (Naomi Watts) to put an end to a powerful bank’s funding of terrorism. As they follow the money from Germany to Italy to New York to Turkey, Salinger and Whitman find their own lives are at risk from those who will stop at nothing to protect their interests…
උපසිරැසියටතුති සහෝ
ඔබට ජය??
බොහොම ස්තූතියි, පසිඳු 🙂
සහෝ big bang theory කතාවට සබ් දෙන්න බැරිද.එක වැඩිය ලයින් තියන එකකුත් නෙමෙයිනෙ විනාඩි18-22 වගේනෙ යන්නෙත්.අනික එක හොද හිට් වෙච්ච එකක් දෙන්න බලන්නකො.කවුරැවත්ම මිට කලින් එකට සබ් දාලත්නැ.
elama saho thanks
mama asma niliyak inna kathawak
Thanks, Asitha 🙂
නියමයි සහෝ.බොහොම ස්තූතියි මේ කරන කැපවීමට
ජය වේවා!
බොහොම ස්තූතියි, මධූෂ 🙂
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
බොහොම ස්තූතියි, Kantha..!
sinhala sub ektaa thanks
ගුණාත්මක තත්වය 100%ක්ම තියෙන නියම සිංහල උපසිරැසියක් හසිත ප්‍රසාද් සහෝ.
සුපිරිම සබ් කිරීමක්…
සුබ පැතුම්.
ජයෙන් ජය.
ඒක එහෙමනම් ඇත්තටම හිතට ලොකු සතුටක් . බොහොම ස්තූතියි, දමිත්… 🙂
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
බොහොම ස්තූතියි, සජිත්.. 🙂
උපසිරසට බොහොම ස්තුතියි! මේ වගේ හොඳම චිත්‍රපට තෝරලා උපසිරස කරන එකනම් ගොඩක් වටිනවා. සියළු දෙනාට ජය!
ප්‍රතිචාරයට බොහොම ස්තූතියි, ලක්මාල් 🙂 චිත්‍රපටය තෝරල දීම ගැන ඇත්තටම ස්තූති වෙන්න ඕනෙ අපේ ඇඩ්මින්ලටයි.
sub ekata thanks saho.. jaya wewa!!
Supiri film eka. Ma wage patikiriya set ekak gatta oyage sab Great okkama .
Thanks bro sub ekata