Nine Queens (2000) Sinhala Subtitle
ආයුබෝවන් කොහොමද ඉතිං අපේ කට්ටියට? අවුරුදුත් අත ලඟයිනේ. කාලෙකින් චිත්‍රපටයකට උපසිරැසි දෙන්නත් බැරිවුණ එකේ මේ වතාවෙ තෝරගත්ත ආජන්ටිනාවේ නිර්මාණය වුණ චිත්‍රපටයක්. ඇත්තටම කිව්වොත් මේකෙ උපසිරැසිය කරන්න පටන්ගත්තෙ ගිය අවුරුද්දෙ අගහරියෙ. තිබුණ ඉංග්‍රීසි උපසිරැසිත් ඒතරම් සතුටුදායක තත්වයක තිබුණ ඒව නෙමෙයි, ඒ නිසාම කතා රසයට හානියක් නොවෙන්න උපසිරැසියෙ ගොඩක් තැන් වෙනස් කරන්නත් සිද්ධවුනා.කොහොමහරි සබ් එක සම්පූර්ණ කරල බලද්දි මම ඩවුන් කරපු ටොරන්ට් එකේ සීඩුත් නෑ. කොහොමහරි වෙන ඩිරෙක්ට් ලින්ක් එකක් වෙලාවට හම්බවුණා.හරි ඇතිනෙ ඒ කතා. දැන් යමු චිත්‍රපටය පැත්තට.
පහුගිය කාලෙ රූපවාහිනීවලින් ඈත්වෙලා හිටි අපිව ආපහු ඒ පැත්තට ඇදගත්තා ටෙලි නාට්‍ය දෙකක්.. එකක් සහෝදරයා, අනිත් එක කූඹියෝ..කූඹියො බලල ගේම්කාරයො ගැන ලොකු උන්මාදයක් එහෙමත් පැතිරිලා ගියානෙ හැමතැනම. අද මම අරගෙන එන්නෙත් මේ වගේම ගේම්කාරයො දෙන්නෙක් ගැන හැදුණ චිත්‍රපටයක්..මේක නමින් Nueve reinas නොහොත් Nine Queens (2000). ක්‍රයිම් ඩ්‍රාමා ත්‍රිලර් ඝනයට අයිති වෙන මේ චිත්‍රපටයේ රචනය සහ
අධ්‍යක්ෂණය Fabián Bielinsky ගෙන්. ලබා ඇති Imdb අගය 7.9ක්, ඒ විතරක් නෙමෙයි මේක සම්මාන 30කට නිර්දේශ වී එයින් 22ක්ම තමන් සතු කරගන්නත් සමත්වුණ චිත්‍රපටයක්. මේකම ඉංග්‍රීසි භාෂාවෙනුත් නිර්මාණය වෙලා තියනව Criminal නමින්, ඒ 2004 වසරෙදි. රංගනයෙන් දායක වෙන්නෙ Ricardo Darín ( The Secret in Their Eyes (2009), The Aura ( 2005) එහෙම බලල තියනම් මෙයාව මතක ඇති), Gastón Pauls, Leticia Brédice, Ignasi Abadal ඇතුළු ශිල්පි ශිල්පිනියන් පිරිසක්. දැන් අපි යමු කතාව පැත්තට…
ජුවාන් කියන්නෙ පොඩි පොඩි කපටිකම් වංචාවන් මගින් තමන්ගෙ ජීවිකාව ගෙනියන කෙනෙක්. දවසක මේ වගේ පොඩි කපටිකමක් කරද්දි ඔහු අසුවෙනවා කඩ හිමියා අතට..හැබැයි ඒකත් ඔහුට වාසියට හිටිනවා.. ඔහුට හමුවෙනවා තමන් වගේම පුද්ගලයෙක්..ඒ තමයි මාකෝස්. ජුවාන් එක්ක ගත්තම නියම ගේම් කාරයෙක්. මේ දෙන්න පටන්ගන්නවා එකට වැඩ කරන්න හැබැයි ඒ එක දවසකට විතරයි. ඒ දවසෙම මේ දෙන්නට අහුවෙනවා ලොකු මුදලක් එකවර හොයාගන්න පුළුවන් වැඩක්..ඒක මම නොකිය ඉන්නම්. බලන්නකො කොහොමද මේ ගේම් කාරයො දෙන්නගෙ වැඩ කියල. එහෙනම් මම ගිහින් එන්නම් හමුවෙමු තවත් උපරැසියකින්.
වීඩියෝ පිටපත ..
මේක DVDrip එකක් ( තියෙන්නෙත් DVDrip විතරමයි) . ටිකක් පරණ එකක් නිසා Avi ෆෝමට් එකෙන් තමයි තියෙන්නෙ. බලන්න පුළුවන් තත්වයක තියනව පිටපත. ඩවුන්ලෝඩ් කරද්දි ඒ සයිට් එකෙන් Free Signup වෙන්න කියල කියයි. ඒක කැන්සල් කරල දාන්න එතකොට හරි. ඉන්පස්සෙ පේජ් එකේ යටින්ම තියන Download Now ක්ලික් කලාම තප්පර කීපෙකින් ඩවුන්ලෝඩ් වෙයි.
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට..😍දිගටම මෙ වගෙ සුපිරිම ෆිල්ම්ස් වලට උපසිරැසි අරගෙන එමු..👌ඔබට ජය..😗😙😍
බොහොම ස්තූතියි, සුමින්ද 🙂 සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
ඔබටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝදරයා..😍😍🙂
උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..! සුබ අලුත් අවුරුද්දක් වේවා …!!
බොහොම ස්තූතියි,Kantha 🙂 ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
Thanks.. Good Luck..
නියමයි.බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි, මධූෂ 🙂 සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
1Gb තියෙන 720p dvdrip එකක්ම සෙව් කරා… ඔයා දෙන එව මිස් කරන් නැ .. All dvdrip වැඩ කරයි නෙද සහෝ.. [පුලුවන් නම් Maze Runner එක බ්ලුරේ අප්ඩේට් එකක් දෙන්න .. අද බ්ලුරේ ආව එකෙ… mkvcage ,Yts බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට __❤ ❤ ❤
DVDrip නම් ඕනෙ එකකට හරියයි, මිතුන්. Maze Runner මම Web-Dlවලට සබ් එක හදල හැරෙනකොට, Blurayත් ඇවිල්ලනෙ ඒ සැරේ ඒකටත් හැදුව.. මම අප්ඩේට් කරන්නම් මේ දැන්ම. බොහොම ස්තූතියි. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
බොහොම ස්තුතියි හසිත සහෝ.__ ඔබටත් එසේව වේවා!!!!____✨✨✨✨✨✨✨
ela ela thanks
බොහොම ස්තූතියි. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
ඔන්න sublk කට්ටියටම සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා🙂happy new yearrrrrrrrrrrrrr
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! sam
සුභ අලුත් අවුරුද්දක් වේවා, Sam !
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!! hasitha ..( 3 පාරක් සුබ පැතුවාද කොහෙද මම !! ..)
එසේම වේවා..එසේම වේවා, දමිත් 🙂 සුභ පැතුම් කොච්චර තිබුණත් වැඩිවෙන්නෙ නෑනෙ ඉතිං.
Thanks Bro
sub wena link wala ne mewage hoda film wala good job!! keep this page ever