King of Peking (2017) Sinhala Subtitle
ආයුබෝවන් අදත් අපේ Subzlk රසිකයන් හිතවතුන් හැමදෙනක්ටම. කොරියන්
චිත්‍රපටියකට පුළුවන්නම් සබ් දෙන්න කියල අපේ මිතුන් සහෝදරය ඉල්ලීමක් කරල තිබුණත් තාමත් හොඳ කොරියන් එකක් හොයාගන්න බැරිවුණ නිසා පහුගිය දවස්වල පටන් අරන් පැත්තකට කරල තිබුණ චීන චිත්‍රපටයක උපසිරැසියක් ඉවර කරල දෙන්න හිතුවා. මේක ඇත්තටම සම්මාන 7කට නිර්දේශව එයින් 5ක්ම තමන් සතු කරගත් චිත්‍රපටයක්. පැය එකකුත් මිනිත්තු 28ක් පුරා දිවෙන හාස්‍යමය/නාට්‍යමය වර්ගීකරණයට අයත් මෙය නමින් King of Peking.ලබා ඇති Imdb අගය 6.2ක්. මෙහි රචනය සහ අධ්‍යක්ෂණය සෑම් වෝටස්ගෙන්. රංගනයෙන් දායක වෙන්නෙ Jun Zhao(ලොකු වොන්), Wang Naixun ( පොඩි වොන්) , Qing Han (ලී හැන්), Si Chao ( ලියු ෆෙන්) , Bowen Geng ( මුරකරු වෙන්) වගේ නළු නිළි පිරිසක්. ඔයගොල්ලො ගොඩක් අය නරඹල ඇතිනෙ Cinema paradiso චිත්‍රපටය , මේ චිත්‍රපටයත් යම් තරමකින් ඒ හා සමාන චිත්‍රපටයක්. කතාව මෙන්න මෙහෙමයි…
මේ 1990 දශකය…චීනය තුල හෝම් තියටර් පද්ධති ජනප්‍රිය වෙමින් එන කාලය තමයි මේ.. ඉතිං පැරණි සෙලෝලයිඩ් සිනමාවටත් ඒ නිසා කණකොකාහඬාගෙන එමින් තමයි තියෙන්නෙ. සිනමා ශාලා ඉතාම අපහසුවෙන් තමයි පවත්වාගෙන යන්නෙත්. ඉතිං අපේ කතාවෙ කථානායකයත් මේ සිනමා කර්මාන්තෙට සම්බන්ධයි, එයා නමින් ලොකු වොන්…සිනමාශාලා ප්‍රොජෙක්ටර් ක්‍රියාකරවීම තමයි එයාගෙ රැකියාව. හැබැයි මේ අර්බුදකාරී තත්වෙත් එක්ක දැන් ලොකු වොන් ජීවිකාව ගෙවන්නෙ ගමින් ගමට ගිහින් චිත්‍රපට පෙන්වීම මගින්. ලොකු වොන්ට ඉන්නවා තමන්ගෙ රැකියාවටම ගැළපෙන පුතෙක්, එයා තමයි පොඩි වොන්. පොඩි වොන් තමන්ගෙ තාත්තට පුළුවන් උපරිම උදවු කරනවා. හැබැයි ලොකු වොන්ට තියනව තව ප්‍රශ්ණයක්.. ඒ තමයි තම දික්කසාද බිරිඳ. දරුවව තමන්ගෙ බාරයට ගන්න එයා සෑහෙන උත්සාහ කරනව. බැරිම තැනදි එයා ලොකු වොන්ට
දානව කොන්දේසියක්, කොන්දේසිය සපුරන්න බැරිවුණොත් දරුවගෙ බාරකාරත්වය තමන්ට ඕනෙ කියලයි ලොකු වොන්ගෙ හිටපු නෝන කියන්නෙ… එහෙනම් ඔයගොල්ලොම බලන්නකො තමන්ගෙ හිටපු බිරිඳගෙ කොන්දේසිය ලොකු වොන් බාරගන්නෙ කොහොමද, ඒ ප්‍රශ්ණවලට මැදිවෙන පොඩි වොන්ගෙ ජීවිතේ කොහොම වෙයිද, අවසානයේ මොකද වෙන්නෙ කියල. එහෙනම් මම ගිහින් එන්නම් අපි හමුවෙමු ලඟදිම තවත් උපසිරැසියකින්.
බොහොම ස්තුතියි හසිත 💖💖ඔයා දුන්න කියන්නෙ එක අනිවාර්යයෙන් බලන්න පුලුවන් නිර්මාණයක් වෙන්න ඔන.ෆිල්ම් එක ගන්න ඔනේ ..💖💖😍 Yts එකේ ස්පාඤ්ඤ ෆිල්ම් එකක් දැක්ක අලුත් අද උදේ අප්ලොර්ඩ් උනස්පාඤ්ඤ එව ඉතින් අපිට ඔක්කොම අදුනගත්තෙ ,බලන්න හම්බවුනේ sabz.lk වෙතින් නේ😘 { The warning 2018. Imdb 6.4. Spanish . Drama / thriller හොද එකක්ද කියල බලන්න .මෙක අනිවාර්යයෙන් ඩව්න්ලෝර් කරනව ජයවේවා
බොහොම ස්තූතියි අයියෙ මේකෙ සබ් එක දුන්නට. 💛 පුළුවන් නම් මේ ෆිල්ම් එකෙත් සබ් එක දෙන්න. Parmanu: The Story Of Pokhran 2018. අළුතෙන්ම රිලීස් වුණු හින්දි ෆිල්ම් එකක්. ඔබට ජය සහෝ. 😍
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
බොහොම ස්තූතියි සහෝ
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි ……………….
tnx sub
Niyama wadak saho
Ela saho thanks