Jurassic World: Fallen Kingdom (2018) Sinhala Subtitle
ෆිල්ම් එකේ හැටියට ජුරාසික් ලෝකය විනාශ වෙලා වසර තුනකට පස්සෙ අන්තිම ඩයිනසෝරයන් ටික ඉතුරු වෙන්නෙ ඉස්ලා නුබ්ලාර් කියන දූපතේ, ඒ දූපතේ තියෙනවා ගිනි කන්දක්, ගිනි කන්ද පුපුරා යෑමට ආසන්නව තමයි තියෙන්නෙ, ඉතින් ගිනි කන්ද පුපුරා ගියොත් ලෝකෙ ඉන්න අන්තිම ඩයිනසෝරන් ටිකත් වඳවෙලා යනවා, ජනතාවගේ උනන්දුව මත ආණ්ඩුවෙන් මේකට විසඳුමක් සෙවුවත් පියවරක් ගන්නෙ නෑ, ඒ අතරෙ තවත් පැත්තකින් ඉන්නවා ඩයිනසෝර රැකවරණ කණ්ඩායමක්, එතන සංවිධායක තමයි ක්ලෙයාර් කියන්නෙ, එයාට ඇමතුමක් එනවා ලොක්වුඩ් කියන විශාල ධනවතෙකුගෙන්, ඔහු සෑහෙන මහළු කෙනෙක්, එයාගෙ ව්‍යාපාර දේපල හැමදෙයක්ම බලාගන්නෙ මිල්ස් කියල කෙනෙක්, එයා ක්ලෙයාර් ට කියනවා දූපතේ ඉන්න සත්තු ගිනි කන්දෙන් විනාශ වෙන නිසා සත්තුන්ව අරගෙන ඇවිල්ල ලොක්වුඩ් මහත්මයාට අයිති ඉඩමකට ගෙනල්ල දාමු කියල, ඉතින් ක්ලෙයාර් කැමති වෙනවා මේ අදහසට, නමුත් දූපතට ගිහින් සත්තුන්ව අල්ලගන්න තවත් කෙනෙකුගෙ උදව් ඕන වෙනවා, එයා තමයි ඔවන්, ඉතින් මේ හැමෝම එකතු වෙලා යානයකින් දූපතට පියාසර කරනවා, දූපතේ ඉන්නවා හමුදාවකට සමාන කණ්ඩායමක්, එතන ප්‍රධානියා තමයි කෙන් වීට්ලි, එයා මිල්ස් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා, මොකද දූපතේ ඉන්න සත්තුන්ව අරගෙන එනවට ලොකු ගෙවීමක් කෙන් වීට්ලි ට ලැබෙනවා, කොහොම හරි මේ හැමෝම එකතු වෙලා දූපතේදි ලොකු තාක්ෂණයක් පාවිච්චි කරල සත්තුන්ව අල්ලගෙන ලොක්වුඩ් මහත්මයාගෙ ඉඩමට අරගෙන එනවා, එතන ශාක භක්ෂක සතුන් සහ මාංස භක්ෂක සතුන් දෙවර්ගයම ඉන්නවා, නමුත් සත්තුන්ව ලොක්වුඩ් මහත්මයාගෙ වත්තට අරගෙන ආවට පස්සෙ එතනදි සිද්ධ වෙන්නෙ වෙනම දෙයක්, ඒ තමයි මිල්ස් උත්සාහ කරන්නෙ සත්තුන්ව වෙන්දේසි කරන්න, ලොක්වුඩ් මහත්මයා ඒ කිසිම දෙයක් දන්නෙ නෑ, ලොක්වුඩ් මහත්මයාට අයිති ඉඩමෙ විද්‍යාගාරයක් තියෙනවා, එතන ජාන තාක්ෂණය පාවිච්චි කරල අලුත් සතුන් නිර්මාණය කරන තැනක්, කොහොම හරි දූපතෙන් ගෙනාපු සතුන්ව මිල්ස් වෙන්දේසි කරන අතරෙ කූඩු කරල ඉන්න ගොඩක් සත්තු එලියට එනවා, ඒ වෙලාවෙ එතන ඉන්නවා ඔවන් සහ ක්ලෙයාර්, මේ දෙන්නට ලොකු මෙහෙවරක් කරන්න සිද්ධ වෙනවා, මොකද කූඩු වලින් එලියට එන සමහර සත්තු මාංස භක්ෂක කොටසටයි අයිති, වෙන්දේසියට ආපු සෑහෙන දෙනෙක්ව මාංස භක්ෂකයන් විසින් ගිල දමනවා, ඉතින් මේ සියල්ලම සිද්ධ වෙන්නෙ ලොක්වුඩ් මහත්මයාට අයිති ඉඩමෙ, අපි බලමු මෙතනදි, ඔවන් සහ ක්ලෙයාර්, එයාලගෙ මෙහෙවර මොන විදිහට කරයිද කියල, මෙතනින් එහාට විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, මොකද මේ ෆිල්ම් එකට ලොකු ඉතිහාසයක් තියෙනවා, මං හිතන්නෙ වැඩිහිටියන්ටත් වඩා පාසල් යන පුංචි ළමයි තමා මේ ඉතිහාසය ගැන ගොඩක්ම දන්නෙ, කොහොම නමුත් පවුලෙ ලොකු පුංචි හැමෝටම එකට වාඩිවෙලා බලන්න පුලුවන් ෆිල්ම් එකක් කිවුවොත් ඇත්තටම නිවැරදියි, එහෙනම් වැඩි විස්තර නැතුව උපසිරැසිය ඔයාලට බාර කරන්නම්, Subz.lk වෙබ් අඩවියට එන සියළුම දෙනාව මේ වෙලාවෙ මතක් කරනවා, තවත් උපසිරැසියකින් හමුවෙන තුරු සියළුම දෙනාට ජයෙන් ජය!!
Thanks, brooooooooooo
Gindara kollek, digatama sub demu, jayen jaya..!
Thank you so much……
සිංහල උපසිරැසියට ස්තූතියි දිනූෂ, දෙවි පිහිටයි..!!
එලකිරි බන්..
Patta, digatama sub demu
Thanxxxxxxxxxxxx
Thank you so much……..
සිංහල උපසිරැසියට ස්තූතියි”””””””
Thanks for sub””””””
goooooooooooooooooooooooooooooooooooooood
වීඩියෝ එක බාන්න බැහැනේ