Trending

Occupation (2018) Sinhala Subtitle

ආයුබෝවන් අපේ Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ අපේ ඇඩ්මින් මණ්ඩලයේ කවීෂ සහෝදරයගේ ඉල්ලිමක් ඉටු කරන අදහසිනුයි. කවීෂට බොහොම ස්තූතියි මේ උපසිරැසිය මට බාරදුන්නට. මේ තමයි මේ වසරේ තිරගතවූ ඕස්ට්‍රේලියානු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන Occupation (2018) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. ලූක් ස්පාක්, ෆෙලික්ස් විලියම්සන් දෙදෙනාගේ රචනයෙන් ලූක් ස්පාර්ක්ගේම අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වෙන මේ චිත්‍රපටය මේ වනවිට ලබා ඇති IMDB අගය 6.1ක්, ඒ වගේම Rotten Tomatos වෙතින් 40%ක අගයක් ලබාගන්නත් සමත්වෙලා තියනවා. රංගනයෙන් දායක වෙන්නෙ ඩෑන් එවින් (මැට් සිමන්ස්) ටෙමුවෙරා මොරිසන් (පීටර්), ස්ටෙෆනි ජේකොබ්සන් (ඇමීලියා), රිනොන් ෆිෂ් (වැනීසා), සැකරි ගැරඩ් (ඩෙනිස්), ඉසී ස්ටීවන්ස් (බෙලා), චාල්ස් ටෙරියර් (ජැක්සන්), චාල්ස් මෙසර් (ආනල්ඩ්) වගේම අධ්‍යක්ෂක ෆෙලික්ස් විලියම්සනුත් සෙත් ග්‍රිම්ස් නම් චරිතයට රංගනයෙන් දායක වෙනවා. කොහොමහරි මෙහි තව චිත්‍රපටයක් නිර්මාණය කරන බවකුත් නිර්මාණකරුවන් නිවේදනය කර තිබෙනවා. හරි එහෙනම් දැන් අපි චිත්‍රපටයේ කතාව පැත්තට.

බොහොම නිහඬ පිටිසර ඕස්ට්‍රේලියානු නගරයක් වටා තමා මේ කතාව ගෙතෙන්නෙ. එහි ජනතාව නවීන ලෝකයෙන් බොහොම දුරස් අය. පෙර කර්මාන්තශාලා පිහිටි කාර්යබහුල නගරයක් වුවත් අද වනවිට ඒ සියල්ල නගරය තනිකර දමා වෙනතක ගොස් අවසන්. වෙනදා වගේම සිකුරාදා දිනයේ ඔවුන් පොළක් සහ රාත්‍රියේ රගර් තරඟයක් පවත්වනවා. මෙන්න මේ අතරතුරේ නගරයට කඩාවදිනවා පිටසක්වල ආක්‍රමණිකයන් පිරිසක්. මේ නොසිතූ කරදරයට ගම්වැසියන් කෙසේ මුහුණ දේවිද කියල  දැනගන්නනම් ඔබට මේ චිත්‍රපටය නරඹන්නම වෙනවා. එහෙනම් මම ගිහින් එන්නම්. අපි හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම.

විශේෂ :-

  • චිත්‍රපටය ආරම්භයේදී ඔබට අසන්නට ලැබෙන කතාව හිටපු එක්සත් ජනපද ජනපරි රොනල්ඩ් රේගන් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ කල කතාවක කොටසක්.
  • මෙහි ඔබට දකින්නට ලැබෙන අපූරු පළතුර සැබෑවටම තියන එකක්. එහි නම Fingered Citron හෙවත් Buddha’s Hand. මේ තියෙන්නෙ ඒක.
  • මේ චිත්‍රපටයේ එන එක් රගර් කණ්ඩායමක් හැඳින්වෙන්නේ ඩ්‍රොප්බෙයා(ර්)ස් (Dropbears)නමින්. ඩ්‍රොප්බෙයා(ර්)ස් යනු ඕස්ට්‍රේලියානු ජනකතාවල එන කෝලා වලසාට සමාන මනඃකල්පිත සත්වයෙක්ලූ. මේ තියෙන්නෙ ඒ සතා චිත්‍රශිල්පියෙකුගේ ඇසින්.
Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
4 FILES
720p bluray 1.01 GB x264
▲3 · ▼0
Magnet GET
1080p bluray 1.93 GB x264
▲13 · ▼3
Magnet GET
720p web 1.01 GB x264
1080p web 1.93 GB x264
▲3 · ▼1
Magnet GET
Discussion (12)
  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 57

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

  • Kavisha Methruwan Expert Subtitler
    Android 5.1 Chrome 54

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!

  • Madusha Unregistered
    Windows 10 Opera 55

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

  • Sajith Anthony Unregistered
    Windows 8.1 Chrome 65

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

  • Mithun Unregistered
    Android 8 Chrome 68

    Yts වලට තව ටිකකින් Lake Placid: Legacy (2018) කියල අලුත් මුවි එකක් එනව.පරන සෙට් එක ගොඩක් ජනප්‍රිය සෙට් එකක් පතුරු යන්න බලපු .ඔන්න දැනුම් දුන්න upcoming YTS

    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 55

      coming soon 😉

  • Ajith Lasantha Kumara Mallawa Arachchi Unregistered
    Windows 7 Chrome 68

    බොහොම ස්තූතියි සහෝ.

  • CrZy Shan User
    Windows 7 Chrome 68

    Thanks for sub

  • Mithun Unregistered
    Android 8 Chrome 68

    දැම් දවස් දෙකතුනකට කලිම් මෙ මුවි එක යාලුවෙක්ගෙන් පොන් එකට දාගත්ත .. මිනිහා තම කිව්වෙ ෆිල්ම් එකක් තියෙනවා කියල .. අපි ඉතින් වටේම උන්ට ලෙඩේ බො කරල තියෙන්නේ, වැඩපොලේ හිටම් 😁😍..Yts කොපියක් හින්ද දාම් ආව මිසක් ෆිල්ම් එක මිටර් නම් උන් නැ.. ගුගල් දිල පොස්ටර් එක දකිද්දි තම එන්ටර් උනේ අපේ හසිත ලොක්ක සබ් දාපු එකක්නෙ කියල …ඔන්න ඉතින් සබ් එක ඩැහැගත්ත.බොහොම ස්තුතියි .. sicario day of the soldado බලල මේ ඉන්නෙ ….සුපිරි ෆිල්ම් එක …😘😘 තැන්ක්ස් ඔයාට ගොඩක් සහෝ… නියම රසවින්දනයක් තියෙන සබ් තම අවංකවම God bls You

  • Chami dilshani Unregistered
    Android 5.1 Chrome 50

    Good job boss👏

  • isuru_6 User
    Windows 7 Firefox 62

    බොහොම ස්තූතියි………………

  • asitha Unregistered
    Windows 8.1 Chrome 70

    Ela saho thanks

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search