Occupation (2018) Sinhala Subtitle
ආයුබෝවන් අපේ Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ අපේ ඇඩ්මින් මණ්ඩලයේ කවීෂ සහෝදරයගේ ඉල්ලිමක් ඉටු කරන අදහසිනුයි. කවීෂට බොහොම ස්තූතියි මේ උපසිරැසිය මට බාරදුන්නට. මේ තමයි මේ වසරේ තිරගතවූ ඕස්ට්‍රේලියානු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන Occupation (2018) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. ලූක් ස්පාක්, ෆෙලික්ස් විලියම්සන් දෙදෙනාගේ රචනයෙන් ලූක් ස්පාර්ක්ගේම අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වෙන මේ චිත්‍රපටය මේ වනවිට ලබා ඇති IMDB අගය 6.1ක්, ඒ වගේම Rotten Tomatos වෙතින් 40%ක අගයක් ලබාගන්නත් සමත්වෙලා තියනවා. රංගනයෙන් දායක වෙන්නෙ ඩෑන් එවින් (මැට් සිමන්ස්) ටෙමුවෙරා මොරිසන් (පීටර්), ස්ටෙෆනි ජේකොබ්සන් (ඇමීලියා), රිනොන් ෆිෂ් (වැනීසා), සැකරි ගැරඩ් (ඩෙනිස්), ඉසී ස්ටීවන්ස් (බෙලා), චාල්ස් ටෙරියර් (ජැක්සන්), චාල්ස් මෙසර් (ආනල්ඩ්) වගේම අධ්‍යක්ෂක ෆෙලික්ස් විලියම්සනුත් සෙත් ග්‍රිම්ස් නම් චරිතයට රංගනයෙන් දායක වෙනවා. කොහොමහරි මෙහි තව චිත්‍රපටයක් නිර්මාණය කරන බවකුත් නිර්මාණකරුවන් නිවේදනය කර තිබෙනවා. හරි එහෙනම් දැන් අපි චිත්‍රපටයේ කතාව පැත්තට.
බොහොම නිහඬ පිටිසර ඕස්ට්‍රේලියානු නගරයක් වටා තමා මේ කතාව ගෙතෙන්නෙ. එහි ජනතාව නවීන ලෝකයෙන් බොහොම දුරස් අය. පෙර කර්මාන්තශාලා පිහිටි කාර්යබහුල නගරයක් වුවත් අද වනවිට ඒ සියල්ල නගරය තනිකර දමා වෙනතක ගොස් අවසන්. වෙනදා වගේම සිකුරාදා දිනයේ ඔවුන් පොළක් සහ රාත්‍රියේ රගර් තරඟයක් පවත්වනවා. මෙන්න මේ අතරතුරේ නගරයට කඩාවදිනවා පිටසක්වල ආක්‍රමණිකයන් පිරිසක්. මේ නොසිතූ කරදරයට ගම්වැසියන් කෙසේ මුහුණ දේවිද කියල දැනගන්නනම් ඔබට මේ චිත්‍රපටය නරඹන්නම වෙනවා. එහෙනම් මම ගිහින් එන්නම්. අපි හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම.
විශේෂ :-
- චිත්‍රපටය ආරම්භයේදී ඔබට අසන්නට ලැබෙන කතාව හිටපු එක්සත් ජනපද ජනපරි රොනල්ඩ් රේගන් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ කල කතාවක කොටසක්.
- මෙහි ඔබට දකින්නට ලැබෙන අපූරු පළතුර සැබෑවටම තියන එකක්. එහි නම Fingered Citron හෙවත් Buddha’s Hand. මේ තියෙන්නෙ ඒක.
- මේ චිත්‍රපටයේ එන එක් රගර් කණ්ඩායමක් හැඳින්වෙන්නේ ඩ්‍රොප්බෙයා(ර්)ස් (Dropbears)නමින්. ඩ්‍රොප්බෙයා(ර්)ස් යනු ඕස්ට්‍රේලියානු ජනකතාවල එන කෝලා වලසාට සමාන මනඃකල්පිත සත්වයෙක්ලූ. මේ තියෙන්නෙ ඒ සතා චිත්‍රශිල්පියෙකුගේ ඇසින්.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
Yts වලට තව ටිකකින් Lake Placid: Legacy (2018) කියල අලුත් මුවි එකක් එනව.පරන සෙට් එක ගොඩක් ජනප්‍රිය සෙට් එකක් පතුරු යන්න බලපු .ඔන්න දැනුම් දුන්න upcoming YTS
coming soon 😉
බොහොම ස්තූතියි සහෝ.
Thanks for sub
දැම් දවස් දෙකතුනකට කලිම් මෙ මුවි එක යාලුවෙක්ගෙන් පොන් එකට දාගත්ත .. මිනිහා තම කිව්වෙ ෆිල්ම් එකක් තියෙනවා කියල .. අපි ඉතින් වටේම උන්ට ලෙඩේ බො කරල තියෙන්නේ, වැඩපොලේ හිටම් 😁😍..Yts කොපියක් හින්ද දාම් ආව මිසක් ෆිල්ම් එක මිටර් නම් උන් නැ.. ගුගල් දිල පොස්ටර් එක දකිද්දි තම එන්ටර් උනේ අපේ හසිත ලොක්ක සබ් දාපු එකක්නෙ කියල …ඔන්න ඉතින් සබ් එක ඩැහැගත්ත.බොහොම ස්තුතියි .. sicario day of the soldado බලල මේ ඉන්නෙ ….සුපිරි ෆිල්ම් එක …😘😘 තැන්ක්ස් ඔයාට ගොඩක් සහෝ… නියම රසවින්දනයක් තියෙන සබ් තම අවංකවම God bls You
Good job boss👏
බොහොම ස්තූතියි………………
Ela saho thanks