The Big Bad Fox and Other Tales… (2017) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. වැඩිහිටියන් වගේම පොඩිහිටියනුත් එකසේ කැමතියිනෙ සජීවීකරණ චිත්‍රපටවලට. අද මේ එන්නෙ එවන් නිර්මාණයකට උපසිරැසි අරගෙනයි. අද අපේ රූපවාහිනී නාලිකාවල ‘ දරුවන් වෙනුවෙන්’ යැයි පවසමින් විකාශය වන වැඩිහිටියන්ටවත් නුසුදුසු සමහර බාල කාටුන් දැක්කම මේ නිර්මාණය කොතරම් සුන්දර හාස්‍යජනක එකක්දැයි නරඹන ඔබට සිතට දැනෙනවාට කිසිම සැකයක් නෑ. ඇත්තෙන්ම මෙය ප්‍රංශ බෙල්ජියානු සම නිෂ්පාදනයක් ලෙස එලිදැක්වුණු සජීවීකරණ චිත්‍රපටයක් ( මම මේ උපසිරැසි අරගෙන එන්නෙ මෙහි ඉංග්‍රීසි හඬකැවූ පිටපතට බවත් මතක තබාගන්න) . මෙහි නියම නම Le grand méchant renard et autres contes… (2017) වන අතර ඉංග්‍රීසි නාමය The Big Bad Fox And Other Tales (2017). ජනප්‍රිය ප්‍රංශ කාටූන ශිල්පියෙකුවන බෙන්ජමින් රෙනර්ගේ සිතුවිල්ලක් සහ අධ්‍යක්ෂණයක් තමයි මෙය. Imdb අඩවියෙන් 7.4ක අගයකුත්, Rotten Tomatoes වෙතින් 96%ක විශාල අගයකුත් ලබා ඇති මේ චිත්‍රපටය සම්මාන හයකට නිර්දේශව එයින් 5ක්ම තමන් සන්තක කරගන්නටද සමත්ව ඇති මෙය පැයකුත් මිනිත්තු 22ක ධාවන කාලයකින් යුක්තයි. කතාව පැත්තෙන් ගත්තොත්, හුදෙකලා නිස්කලංක කැලෑබද ගම්මානයක ඇති ගොවිපොළක සිටින සතුන් පිරිසක්, එම යාබද කැලෑවෙ වෙසෙන බයාදු හිවලෙක් සහ නපුරු වෘකයෙක් ඇතුලත් එකිනෙකට වෙනස් කතා ත්‍රිත්වයක් නාට්‍යාකරයෙන් නරඹන්නාට ඉදිරිපත් කිරීමක්. ඊට වඩා විස්තර කියන්න යන්නෙ නෑ මම. කුඩා දරුවන්නම් මෙයට බොහෝ කැමති වෙයි කියල කියන්න පුළුවන් අවසන් වශයෙන්. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම.
මෙම උපසිරැසි නිකුත්කර ඇත්තේ WEBrip පිටපත් සඳහාය.
Sub ekata thanks.
බොහොම ස්තූතියි සබ් එකට
Waddek nam…”una noche 2012 ” movie ekata subtitles karanna …cuban movie ekak
මේ ඉල්ලීම ලැබෙන්නේ අභියෝගයක් හැටියට නිසාත්, අභියෝගවලින් පැන යාමේ පුරුද්දක් නැති නිසාත් බාරගන්නම්, හාමුදුරුවනේ. මට පොඩි කාලයක් දෙන්න, අනිවාර්යයෙන්ම දෙන්නම්. ඔය ෆිල්ම් එකේ ආවෙ හැබැයි DVDrip විතරයි.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Thanx saho
උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..
ඔබත්, ඔබේ පවුලේ අයත් නිදුක් නිරෝගී වේවා…!
තෙරුවන් සරණයි….!
Thanks sub ekata. Yts ekata apu gaman download Kara eth tama baluwe na. Oya kiyapu katawa atha samahara bala ganaye Indian cartoon TV wala lamainta pennanawa melo rahak na. Ekata issara giya Scooby Doo wage cartoon
Bro plzzzz puluwan nam
Jennifer winger ragapana Hindi Netflix movie ekak tiyenawa ekatath sub Dennako.
Phir se…(2018)
Samahara tan wala tiyenne eka 2015 release una kiyala
Meka nam challenge ekak neme. Meke mage ahinsaka illemak. Puluwan nam plzzz sub eka denna loku uddawak