The Matrix (1999) Sinhala Subtitle
ආයුබෝවන් අදත් සබ්ස්එල්කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ අපේ අඩවියට නිතරම යන එන CJ, මිතුන්, මධූෂ යන සහෘදයන් තිදෙනා කල ඉල්ලීමක් ඉෂ්ට කිරීමේ පළමු පියවර, The Matrix චිත්‍රපට පෙලේ පලමුවැන්න The Matrix (1999) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. ඇත්තටම මේ චිත්‍රපටය ඔවුන් ඉල්ලීම කල දවස්වලම කරන්න පටන්ගත්තත්, මම පෙර ලිපියක සඳහන් කලා වගේ පරිගණකයට රැන්සම්වෙයා එකක් ඇතුල්වීම නිසා වැඩ අවසන් කර තිබූ උපසිරැසි කීපයකුත් දත්ත සියල්ලත් අහිමිවුණා, පළකිරීමට ඔන්න මෙන්න තිබූ මෙට්රික්ස් උපසිරැසියත් එයින් එකක්. ඒ නිසා දෙවෙනි උත්සාහය තමයි මේ. දැන් ටික කාලයක ඉඳන් කරගෙන ඇවිත් ඊයෙ වනවිට වැඩ අවසන් කරගන්න පුළුවන් වුණා.මුලින්ම සමාව ඉල්ලනවා ප්‍රමාදය ගැන.
ඔබ දන්නවා මෙය චිත්‍රපට තුනකින් සමන්විත චිත්‍රපට පෙලක පලමුවැන්න. චිත්‍රපට ත්‍රිත්වය පිළිවෙලින් සඳහන් කලොත්...
The Matrix (1999)
The Matrix : Reveloutions (2003)
මෙහි මම අද මේ උපසිරැසි ලබාදෙන පළමු චිත්‍රපටය ඉතාම පැහැදිලි කතාවකින් සමන්විත වුණත්, මෙහි දෙවෙනි සහ තුන්වෙනි චිත්‍රපටනම් ඉතාම පැටලිලි සහගත වුණා. ඊට හේතුව මුල් චිත්‍රපටය සහ දෙවන චිත්‍රපටය අතර කාලසමයේ සිදුවූ සිදුවීම් නිසිලෙස පැහැදිලි කර නොදීම. එය හේතුකරගෙන විය යුතුයි නිර්මාණකරුවන් මෙහි කතාවේ අපැහැදිලි තැන් පැහැදිලි කරමින් The Animatrix (2003) නම් කෙටි චිත්‍රපට නමයකින් සමන්විත වීඩියෝවක් නිකුත්කරනු ලැබුවා (මාත් මෙට්රික්ස් චිත්‍රපට මාලාවෙ බොහෝ අපැහැදිලි තැන් පැහැදිලි කරගත්තෙ එය නැරඹීමෙන් පසුව). එය මෙම ලින්ක් එකට පිවිස අප අඩවියෙන්ම ලබාගන්න සිංහල උපසිරැසි සහිතව. මතක ඇතුව එම ලිපියේ සඳහන් කර ඇති අනුපිළිවෙලට නරඹන්න.
ඔබ මෙහි කතාව පැහැදිලි කරගෙනම මුල් චිත්‍රපටය නරඹන්නට කැමති අයෙක් නම් පමණක් ඉහත වෙබ් පිටුවේ ලිපියේ සඳහන් කර ඇති පිලිවෙලට කෙටි චිත්‍රපට නමය නරඹන්න. එසේ නොමැතිව ප්‍රධාන චිත්‍රපට තුනෙන්ම කතාව තේරුම්ගැනීමට කැමති අයෙක්නම් The Matrix (1999) චිත්‍රපටයෙන්ම නැරඹීම ආරම්භ කරන්න. ඉදිරි චිත්‍රපට දෙකට උපසිරැසිත් හැකි ඉක්මනින් සබ්ස් එල් කේ හරහා ඔබ අතට පත්කරන්න මම බලාපොරොත්තු වෙනවා. හැබැයි The Animatrix(2003)හි අදාල කෙටි චිත්‍රපට කොටස් නරඹා මෙය නැරඹීම කතාව වටහාගැනීමට පහසුවක් විය හැකි බවත් මතක් කරන්න ඕනෙ. හරි දැන් අපි යමු චිත්‍රපටය දිශාවට..
මේ මෙට්රික්ස් සිනමාපට ත්‍රිත්වය තරමට ලෝකයේ කතාබහට ලක්වූ තවත් චිත්‍රපට ත්‍රිත්වයක් තිබේදැයි පවා සැක සහිතයි. ඊට හේතුව මෙහි කතාවට තම දෘෂ්ටිකෝණය අනුව විවිධාකාර අර්ථකථන දීමට ඇති හැකියාව. යම් පිරිසක් මෙය සාමාන්‍ය විද්‍යා ප්රබන්ධමය කතාවක් ලෙස දකිද්දී, තවත් පිරිසක් මෙය දකින්නෙ සාමාන්‍ය විද්‍යා ප්රබන්ධයකින් එහා ගිය ගැඹුරු, දාර්ශනික, විටෙක අධ්‍යාත්මික අර්ථකථනයක් පවා දිය හැකි කතාවක් ලෙසයි. මේ ගැන විවිධාකාර වාද විවාද, මති මතාන්තර තිබෙනවා ලෝකය පුරා. එය හැරුණුවිට මෙය නිකුත්වූවේ 1999 වසරේදී වීම සැලකීමේදි එවක පැවති සිනමා දෘෂ්‍ය ප්‍රයෝග භාවිත සම්ප්‍රදායන් උඩු යටිකුරු කල එකක් මෙට්රික්ස් කියන්නෙ. ඒ වගේම නියෝට පණපොවන කියානු රීව්ස් රංග ශිල්පියාව ජනප්‍රියත්වයේ ඉහලටම ගෙන ගිය චිත්‍රපට පෙලත් මෙට්රික්ස්. ඉතින් මේ අපූරු සිනමා නිර්මාණයේ රචකයන් සහ අධ්‍යක්ෂකයන් වන්නේ (එවකට) Wachowski සහෝදරයන් විසින්. අදනම් මේ දෙදෙනා හඳුන්වන්න වෙන්නෙ Wachowski සහෝදරියන් ලෙසයි, ඒ ඔවුන් ශල්‍යකර්ම මාර්ගයෙන් කාන්තාවන් බවට පත්ව සිටින නිසා.අද ඔවුන්ගේ නම් දැක්වෙන්නේ Lana Wachowski සහ Lilly Wachowski ලෙසයි. The Matrix(1999) තිරගතව දැනට වසර 18ක් පමණ ගෙවී ඇතත්, අදටත් මෙය IMDB හොඳම සිනමාපට 250 තුල 16 වන ස්ථානය උසුලනවා 8.7ක අගයක් දරමින්. එසේම ඔස්කා සම්මාන හතරක් ඇතුළු තවත් සම්මාන 37කින්ද පිදුම් ලැබූවක්. ඊට අමතරව Rotten Tomatoes වෙතින් 88%ක අගයකුත්, මෙටා ක්‍රිටික් වෙතින් 73%ක අගයකුත් ලබා තිබෙනවා මේ චිත්‍රපටය.රංගනයෙන් දායක වෙන්නෙ කියානු රීව්ස් (නියෝ/ තෝමස් ඇන්ඩර්සන්), ලෝරන්ස් ෆිෂ්බර්න් (මෝෆියස්), කැරී-ඈන් මොස් ( ට්‍රිනිටි), හියුගෝ වීවින් ( නියෝජිත ස්මිත්), ග්ලෝරියා ෆොස්ටර් (අනාවැකිකාරිය), ජෝ පැන්ටොලියානෝ (සයිෆර්), මාකස් චොන්ග් (ටෑන්ක්), මැට් ඩොරන් ( මවුස්), බෙලින්ඩා මැක්ලෝරි ( ස්විච්), ජූලියන් අරහන්ගා (ඒපොක්), ඇන්තනි රේ පාකර් ( ඩෝසර්) ඇතුළු පිරිසක්.
• කියානු රීව්ස් තෝරාගන්නට පෙර ජනප්‍රිය රංගන ශිල්පීන් කිහිපදෙනෙකුටම නියෝ චරිතය ඉදිරිපත් කර ඇතත් ඔවුන් කිසිවෙකුත් චරිතය බාර ගෙන නෑ, එයින් එක් අයෙක් විල් ස්මිත්. ඔහු චරිතය ප්‍රතික්ෂේප කර තිබෙන්නෙ එම චරිතයට තමන්ගේ පරිණතභාවය මද බව පවසමින්. ඊට අමතරව නිකලස් කේජ්, ටොම් කෲස් හා ලියනාඩෝ ඩිකැප්රියෝටද චරිතය ඉදිරිපත් කර තිබෙනවා. අවසානයේ නියම සුදුස්සාවන කියානු රීව්ස්ටයි නියෝ චරිතයට පණපෙවීමේ වරම ලැබෙන්නේ.
• Wachowski සහෝදරයන් වෝනර් සමාගමට මුලින්ම ඉදිරිපත් කර ඇති වියදම් ඇස්තමේන්තුව ඇමරිකානු ඩොලර් මිලියන 80ක්. වෝනර් බ්‍රදර්ස් සමාගම පිටපතට කැමැත්තක් දක්වා ඇතත්, Wachowski සහෝදරයන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමේ කාර්යය තමන්ට අවශ්‍ය බව පැවසූ විට මදක් පැකිලී තිබෙනවා. ඒ නිසා වෝනර් බ්‍රදර්ස් Matrix නිෂ්පාදනයට කැමති කරගැනීමෙ අදහසින් ඔවුන් Bound (1996) චිත්‍රපටය නිර්මාණය කරන අතර එහි සාර්ථකත්වය නිසා වෝනර් බ්‍රදර්ස් සමාගම චිත්‍රපටය ගැන සලකා බලන්නටත් අධ්යක්ෂණ කාර්යය Wachowski සහෝදරයන්ටම ලබාදීමටත් එකඟ වෙනවා. ඔවුන් මුලින්ම මිලියන 10ක මුදලක් ලබාදී ඇති අතර Wachowski සහෝදරයන් එම මුළු මුදලම වියදම් කර ඇත්තේ චිත්‍රපටයේ මුල් මිනිත්තු කීපයේ ඇති ට්‍රිනිටිගේ සටන් දර්ශනය වෙනුවෙන්.
• එම කොටස පෙන්වීමෙන් පසු වෝනර් බ්‍රදර්ස් සමාගම එකඟ වනවා චිත්‍රපටය නිෂ්පාදනය කරන්නට. කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදය තුල චිත්‍රපටයේ රූගතකිරීම් කරන්නට ඇස්තමේන්තුගත මුදල මෙන් තුන්ගුණයක් පමණ වියදම් වන බව පෙනී යන නිසා ඔවුන් මෙහි රූගත කිරීම් සම්පූර්ණයෙන් සිදුකරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේදීයි. එම නිසාම මෙහි වියදම ඇමරිකානු ඩොලර් 60කට සීමාකරගන්නට ඔවුන් සමත්වෙනවා.
• මෙහි එක් විශේෂ චරිතයක්නෙ මෝෆීයස්. මෝෆියස් කියන්නෙ ඇත්තටම ග්‍රීක මිත්‍යාවන්ගේ එන සිහිනයන්ට අධිපති දෙවියන්. මෝෆියස් දෙවියන්.
• මෙහි එන සටන් දර්ශන Fist of Legend (1994) නම් හොංකොං චිත්‍රපටයෙන් ආභාෂය ලබාගෙන තිබෙනවා. ඊට හේතුව මෙහි සටන් අධ්‍යක්ෂණයත් එම චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂණය කල වූ-පින්ග් යුවන්ගේ වීම. වූ-පින්ග් යුවන්
• චිත්‍රපටයේ දාර්ශනික කෝණය පැහැදිලි වෙන තැනක් තමයි නියෝ තම කාමරය තුල පරිගණක ඩිස්කට් සඟවා තිබෙන පොත. එය ප්‍රංශ ජාතික දාර්ශනික Jean Baudrillard විසින් රචිත යථාර්ථානුකරණය හා අධි-යථාර්ථ (Simulation & Hyper-reality) පශ්චාත්-නූතන සංකල්පය ගවේෂණය කිරීමක් වූ "Simulacra and Simulation" නම් නිබන්ධනයක්. චිත්‍රපටයේ මුල් භාගයේ නියෝ පොත තුලින් පරිගණක ඩිස්කටයක් පිටතට ගනිද්දී එහි "On Nihilism" නම් පරිච්ජේදයක් දක්නට ලැබෙනවා අපිට. Nihilism යනුවෙන් හැඳින්වෙන්නේ ශුන්‍යවාදයයි. එය ජීවිතය යනු අර්ථ විරහිත එකක්ය යන විශ්වාසය හා බැඳුනු එකක්. මෙට්රික්ස් චිත්‍රපටයට රංගනයෙන් දායක වූ සියලු දෙනාට ඊට පෙර මෙම පොත ඇතුළු දර්ශනවාදී පොත් කිහිපයක්ම කියවීම අනිවාර්ය කර තිබී තිබෙනවා Wachowski සහෝදරයන් විසින්. ඒ චිත්‍රපටයේ පිටපත නිවැරදිව අවබෝධ කරගැනීම පහසු වීම පිණිස.
එහෙනම් ඒ ඇති වගේ නේ, කතාවට ආරම්භයක් දෙන්නත් අවශ්‍ය නෑ මම හිතන්නෙ, මොකද මේ චිත්‍රපටය අපි බොහෝ දෙනෙක් නරඹල තියනව. ආයිත් නරඹන්න කැමති අයටත්, අහම්බයකින් හෝ නරඹල නැති අයටත් තමයි මේ උපසිරැසිය. මට හැකි උපරිම පැහැදිලි ලෙස දෙබස් පරිවර්තනය කරන්න ලොකු උත්සාහයක් ගත්තා. එහි සාර්ථක අසාර්ථකභාවය තීරණය කිරීම නරඹන ඔබ සතුයි. එහෙනම් ගිහින් එන්නම්, හැකි ඉක්මනින් මෙහි දෙවන චිත්‍රපටය වන The Matrix : Reloaded (2003) හි සිංහල උපසිරැසිය ඔබවෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.
"ඔබේ තේරීම රතු පෙත්තද නිල් පෙත්තද? "
IMDB
Year : 1999
Actors : Keanu Reeves, Laurence Fishburne, Carrie-Anne Moss, Hugo Weaving
A computer hacker learns from mysterious rebels about the true nature of his reality and his role in the war against its controllers.
2021-11-04 11:38 am
- Download : 5984
- File Size : 39.165KB
- Sub Update :2020-08-09
Windows 7Opera 81
:heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes: