Last Christmas (2019) Sinhala Subtitle
[BLURAY පිටපත් සඳහා යාවත්කාලීන කර ඇති අතර WEB පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට සැකසූ උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත්ය. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න]
ආයුබෝවන් Subzlk හිතවතුන් සියලු දෙනාට. අද මේ අරගෙන එන්නෙ අපේ ඇඩ්මින් මඩුල්ලෙ ඉල්ලීමක් අනුව කල උපසිරැසියක්. මුලින්ම ස්තූතිය ඔවුන්ට. චිත්‍රපටය තමයි Last Christmas (2019). හාස්‍යමය, නාට්‍යමය, ප්‍රේමාන්විත යන තුන් වර්ගයට අයත් මෙය පෝල් ෆීග්ගේ අධ්‍යක්ෂණයක්. ලබා ඇති IMDB අගය 6.6ක්.Rotten Tomatoes අගය 47%ක්. රංගනයෙන් දායක වෙන්නෙ එමීලියා ක්ලාක් ( කේට්), එමා තොම්ප්සන් (පෙට්‍රා), මැඩිසන් ඉන්ගෝල්ඩ්ස්බි ( තරුණ කේට්), බොරිස් ඉසකොවිච්( ඉවාන්), මිෂෙල් යෙඕ ( සැන්ටා), හෙන්රි ගෝල්ඩින් ( ටොම්) ඇතුළු පිරිසක්. ඒ ඇරෙන්න ලොකුවට කියන්න දෙයක්නම් නෑ. කතාව පැත්තට යන්නයි තියෙන්නෙ. නරඹන අය මෙය පවුලේ අයත් සමග බලන්න යාමෙන් වැළකුණොත් හොඳයි, මෙහි ඇති ඇතැම් දෙබස් දර්ශන ආදිය අපහසුතාවක් විය හැකි නිසා.
නමෙන්ම තේරෙනවනෙ මෙය නත්තල තේමාකරගත් චිත්‍රපටයක්. මේ උත්සව කාලවලට අපි දකින එකම වට්ටෝරුවෙ හොලිඩේ- කොමඩිවලින් ටිකක් එහාට ගිහින් තියනවා, කතාවත් හොඳ ට්විස්ට් එකක් තියන එකක්, කෙසේ වෙතත් එහෙමටම සාර්ථක නිර්මාණයක් කියන්නනම් අපහසුයි. කතාවට පොඩි ආරම්භයක් අරගෙන දෙන්නම් මෙහෙම.
කේට්…බ්‍රිතාන්‍යයේ ජීවත්වන, නත්තල් සාප්පුවක සේවය කරන, තරුණියක්. එසේ වුවත්, ඇය කුඩා කලදීම (පැරණි) යුගෝස්ලෝවියාවෙන් තම මව පියා සහෝදරිය සමග බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ තැනැත්තියක්. මුලදී දඟකාරියකව සිටි ලකුණු ඇතත්, පසුව යම් අසනීපයකින් දැඩිලෙස රෝගාතුරව එයින් සුව ලබන ඇය ඉන්පසුව බොහෝ වෙනස්, ආත්ම විශ්වාසයකින් තොර අයෙක් බවට පත්වෙනවා.දිනක් ඇයට හමුවෙනවා ඇයගේ ජීවිතය වෙනස් කරන්නට නියමිත අයෙක්… එතනින් එහාට කතාව ඔබට බාරයි. ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින්.
Thanks jayawewa…..!
බොහොම ස්තූතියි සහෝදරයා සිංහල උපසිරැසි යට, ජය!!
තෑන්ක්ස් මචං සබ් එකට 😊👍…
ජය වේවා.!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
thanks sub ekata jayawewa
තවත් හොද මුවී එකක් හම්බුනා.
ඔයාටත් සෙට් නම් සහෝ සබ් එක කරන්න කියල ඉල්ලනව !!
The Good Liar
2019.
__________________________________
මෙ ෆිල්ම් එකත් ඩව්න්ලොර්ඩ් කරා බලනගමන්😍
Tanks veva subata
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
sub ekata thanks saho