The Royal Tailor (2014) Sinhala Subtitle
රාජකීය සන්නාලියා
මම අද අරන් ආවේ 2014 වසරේ තිරගත් වුණු කොරියානු චිත්‍රපටියක්.කොරියානු විලාසිතා වල අලුත් වෙනසක් ඇති වුණ චෝසන් රාජ සමය තමයි කතාවට මූලික වෙලා තියෙන්නේ.කතාව පටන් ගන්නේ ඒ කාලේ රාජකීය උත්සව වෙනුවෙන් භාවිතා කරපු රාජකීය හන්බොක්(කොරියානු සාම්ප්‍රදායික ඇදුම) එක මෑත කාලීනව හොයා ගත්තට පස්සේ.ඒ හන්බොක් එක සෑදීමේ ගෞරවය හිමි වෙන්නේ චෝ ඩොල් සුක් කියන රාජකීය සන්නාලියට.ඉතින් මේ ලස්සන හැන්බොක් එක පිටිපස්සේ තියන සත්‍ය කතාව මොකද්ද? ඇත්තටම මේ වගේ ලස්සන හැන්බොක් එකක් හදන්න හේතු වුණේ මොක්ද්ද?ඔයාලට ඒක මේ කතාව බලලම දැනගන්න පුලුවන්.
ඇත්තම කිව්වොත් මේ කතාව ඔයාලා බලන්නම ඕන කරන ජාතියේ මම බලපු ලස්සනම කතාවක්.චෝසන් රාජධානි සමයේ දී ඇදුම් ගැන මිනිස්සු දරපු මතයන්,ඇඳුමකින් කෙනෙක්ගේ වංශය,කුලය,තනතුර පිලිබිඹු කරන විදිහ ගැන ඔයාලට හොඳ අදහසක් ගන්න පුළුවන්.ඒත් ඒ ඇඳුම් ඇත්තටම කෙනෙක්ට ගැලපෙනවද?ඒත් ඇදුමක් අඳින එකේ නියම තේරුම මොකද්ද?ඇදුමකට ඊට වඩා දෙයක් කරන්න බැරිද?සරලවම් කිව්වොත් ඇදුමකින් කෙනෙක්ගේ චරිතය වැඩි දියුණු කරන්නත් ඒක හොඳින් උලුප්පලා පෙන්නත් පුලුවන්.මෙන්න මේ අතරේ තමයි අපිට හම්බ වෙන්නේ කොංග් ජින්ව.සාමාන්‍ය රාමුවෙන් ඔබ්බට ගිහිල්ලා කාන්තාවන්ට ලස්සන ඇදුම් මහන කොංග් ජින් ගතකළේ සෙල්ලක්කාර බරක්-පතලක් නැති ජීවිතයක්.එයාගේ මේ අපූරු හැකියාව නිසාම රජ මැදුරෙ සන්නාලියෙක් වෙන්නත් එයාට අවස්ථාව ලැබෙනවා.රජතුමා වගේම රැජින හම්බ වෙන්නත් ඔවුන්ට ඇදුම් මහලා දෙන්නත් ඔහුට අවස්ථාව ලැබෙනවා.මේ දක්ෂ තරුණයා ගැන තමන්ගේ ජීවිත කාලයම මහන්න කැප කළ ප්‍රධාන සන්නාලියට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා.ඒත් මේ අපූරු තරුණයා එක්ක ගත කරන කාලය එයාට සතුටක් ගේනවා.ඉතින් කොංග් ජින්ගේ අනාගතය මොනවගේ වෙවිද?
මේ කතාවෙන් අපිට ජීවිතේ යථාර්ථය හරිම සියුම්ව කියලා දෙනවා.හරියට සාහිත්‍ය පාඩමක් වගේ.ඒත් මොන උපසිරැසියකට වත් පැහැදිලි කරන්න අමාරු විදිහට හරිම ලස්සනට නළු නිළියෝ තමන්ගේ චරිත වලට පණ දෙනවා.
කතාවක් පවත්වාගෙන යන්න ඕනෙ කරන මූලික සාධකය වෙන “ගැටුම” කායිකව වගේම මානසිකවත් මේ කතාවෙන් අපූරුවට පෙන්නලා දෙනවා.මේක ඇත්ත ජීවත කතාවක් නොවුනට චරිත මනඃකල්පිත වුණාට කතාව අපේ ඇස් ඉදිරියේ හරිම ලස්සනට යථාර්ථය පෙන්නල්ලා දෙනවා.ඉතින් ඔයාලම මේකේ අවසානය වෙනකන් බලලා ඒ ගැන දැන ගන්න.

නියමයි! සබ් එකට බොහොම ස්තුතියි:smiley:
Welcome dear:slight_smile:
ගොඩක් ස්තුතියි! සබ් එකට. ලිපියත් නියමයි ! :star_struck:
Thnaks akke:blush:
එල එල. කොරියන් ෆිල්ම් වලට තවත් උපසිරැසි තාරකාවක්!
:face_with_hand_over_mouth:Thanks ayye
Tnq for the sub:heart::heart:
welcome tharindu
video link ekak recomend karanna puluwanka.dn tiyena video link eka wada na.plz guys
https://k-vid.co/video.php?id=NDQ2NDI=&typesub=dramacool-SUB&title=The+Royal+Tailor+2014+Episode+1
☺the best hit eke subtitle denna ko
the best hit korian dramaka eke sub