The Royal Tailor (2014) Sinhala Subtitle

August 10, 2020 Junior Subtitler
Subtitle by Nimansa Bandara
 

රාජකීය සන්නාලියා

මම අද අරන් ආවේ 2014 වසරේ තිරගත් වුණු කොරියානු චිත්‍රපටියක්.කොරියානු විලාසිතා වල අලුත් වෙනසක් ඇති වුණ චෝසන් රාජ සමය තමයි කතාවට මූලික වෙලා තියෙන්නේ.කතාව පටන් ගන්නේ ඒ කාලේ රාජකීය උත්සව වෙනුවෙන් භාවිතා කරපු රාජකීය හන්බොක්(කොරියානු සාම්ප්‍රදායික ඇදුම) එක මෑත කාලීනව හොයා ගත්තට පස්සේ.ඒ හන්බොක් එක සෑදීමේ ගෞරවය හිමි වෙන්නේ චෝ ඩොල් සුක් කියන රාජකීය සන්නාලියට.ඉතින් මේ ලස්සන හැන්බොක් එක පිටිපස්සේ තියන සත්‍ය කතාව මොකද්ද? ඇත්තටම මේ වගේ ලස්සන හැන්බොක් එකක් හදන්න හේතු වුණේ මොක්ද්ද?ඔයාලට ඒක මේ කතාව බලලම දැනගන්න පුලුවන්.

ඇත්තම කිව්වොත් මේ කතාව ඔයාලා බලන්නම ඕන කරන ජාතියේ  මම බලපු ලස්සනම කතාවක්.චෝසන් රාජධානි සමයේ දී ඇදුම් ගැන මිනිස්සු දරපු මතයන්,ඇඳුමකින් කෙනෙක්ගේ වංශය,කුලය,තනතුර පිලිබිඹු කරන විදිහ ගැන ඔයාලට  හොඳ අදහසක් ගන්න පුළුවන්.ඒත් ඒ ඇඳුම් ඇත්තටම කෙනෙක්ට ගැලපෙනවද?ඒත් ඇදුමක් අඳින එකේ නියම තේරුම මොකද්ද?ඇදුමකට ඊට වඩා දෙයක් කරන්න බැරිද?සරලවම් කිව්වොත් ඇදුමකින් කෙනෙක්ගේ චරිතය වැඩි දියුණු කරන්නත් ඒක හොඳින් උලුප්පලා පෙන්නත් පුලුවන්.මෙන්න මේ අතරේ තමයි අපිට හම්බ වෙන්නේ කොංග් ජින්ව.සාමාන්‍ය රාමුවෙන් ඔබ්බට ගිහිල්ලා කාන්තාවන්ට ලස්සන ඇදුම් මහන කොංග් ජින් ගතකළේ සෙල්ලක්කාර බරක්-පතලක් නැති ජීවිතයක්.එයාගේ මේ අපූරු හැකියාව නිසාම රජ මැදුරෙ සන්නාලියෙක් වෙන්නත් එයාට අවස්ථාව ලැබෙනවා.රජතුමා වගේම රැජින හම්බ වෙන්නත් ඔවුන්ට ඇදුම් මහලා දෙන්නත් ඔහුට අවස්ථාව ලැබෙනවා.මේ දක්ෂ තරුණයා ගැන තමන්ගේ ජීවිත කාලයම මහන්න කැප කළ ප්‍රධාන සන්නාලියට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා.ඒත් මේ අපූරු තරුණයා එක්ක ගත කරන කාලය එයාට සතුටක් ගේනවා.ඉතින් කොංග් ජින්ගේ අනාගතය මොනවගේ වෙවිද?

මේ කතාවෙන් අපිට ජීවිතේ යථාර්ථය හරිම සියුම්ව කියලා දෙනවා.හරියට සාහිත්‍ය පාඩමක් වගේ.ඒත් මොන උපසිරැසියකට වත් පැහැදිලි කරන්න අමාරු විදිහට හරිම ලස්සනට නළු නිළියෝ තමන්ගේ චරිත වලට පණ දෙනවා.

කතාවක් පවත්වාගෙන යන්න ඕනෙ කරන මූලික සාධකය වෙන “ගැටුම” කායිකව වගේම මානසිකවත් මේ කතාවෙන් අපූරුවට පෙන්නලා දෙනවා.මේක ඇත්ත ජීවත කතාවක් නොවුනට චරිත මනඃකල්පිත වුණාට කතාව අපේ ඇස් ඉදිරියේ හරිම ලස්සනට යථාර්ථය පෙන්නල්ලා දෙනවා.ඉතින් ඔයාලම මේකේ අවසානය වෙනකන් බලලා ඒ ගැන දැන ගන්න.

Download Links
DIR
Available Torrents
720p web 1.14 GB
1080p web 2.12 GB
Nimansa Bandara
2 Movies
16 TV Series
18 Total
Discussion (12)
  • Hansani Rupasingha Moderator
    Windows 10 Chrome 84

    නියමයි! සබ් එකට බොහොම ස්තුතියි:smiley:

    • Nimansa Bandara Junior Subtitler
      Windows 10 Chrome 84

      Welcome dear:slight_smile:

  • ඉෂි ද සිල්වා Expert Subtitler
    Windows 8.1 Edge 84

    ගොඩක් ස්තුතියි! සබ් එකට. ලිපියත් නියමයි ! :star_struck:

    • Nimansa Bandara Junior Subtitler
      Windows 10 Chrome 84

      Thnaks akke:blush:

  • Rasika Thushara Samanjith Admin
    Windows 10 Chrome 74

    එල එල. කොරියන් ෆිල්ම් වලට තවත් උපසිරැසි තාරකාවක්!

    • Nimansa Bandara Junior Subtitler
      Windows 10 Chrome 84

      :face_with_hand_over_mouth:Thanks ayye

  • tharindu Unregistered
    Android 9 UC Browser 12.12

    Tnq for the sub:heart::heart:

    • Nimansa Bandara Junior Subtitler
      Android 9 Chrome 88

      welcome tharindu

  • Asanka Madushan User
    Windows 10 Chrome 90

    video link ekak recomend karanna puluwanka.dn tiyena video link eka wada na.plz guys

    • Nimansa Bandara Junior Subtitler
      Windows 10 Chrome 90
  • kasuni diwya User
    Windows 7 Chrome 91

    ☺the best hit eke subtitle denna ko

    • kasuni diwya User
      Windows 7 Chrome 91

      the best hit korian dramaka eke sub

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search