Ernest & Celestine (2012) Sinhala Subtitle

March 07, 2021 Junior Admin
Subtitle by Hasitha Prasad
මී වලස් හබය

ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. ටික දවසකින් උපසිරැසියක් අරගෙන එන්න නොහැකිවුණා යම් යම් වැඩ රාජකාරි නිසා. මම කල්පනා කලා ඒ නිසා අඩක් නිමකර තිබූ උපසිරැසියක් වැඩ අවසන්කොට ඔබට ලබාදෙන්න. ප්‍රංශ සජීවීකරණ චිත්‍රපටයක් වන මෙය නමින් Ernest and celestine (2012). IMDb වෙතින් 7.9ක අගයක්ද Rotten Tomatoes වෙතින් 98%ක අගයක්ද මෙටාක්‍රිටික් වෙතින් 86% අගයක්ද ලබා ඇති මෙය ඔස්කා සම්මානයකටද නිර්දේශවී තවත් සම්මාන 14ක් දිනාගැනීමට සමත්වූ චිත්‍රපටයක්. වලසුන් සහ මීයන් එදිරිවාදීව වෙසෙන ලෝකයක අර්නස්ට් නම් වලසකුගේත් සෙලස්ටීන් නම් මීයෙකුගේත් අතර ඇතිවන අපූරු හිතවත්කමක් ගැන කියවෙන මේ චිත්‍රපටය සාමාන්‍යයෙන් අප දකින සජීවීකරණ චිත්‍රපටවලින් මදක් වෙනස් අපූරු නිදහස් ආරක් ගත් හා වෙනස්ම ආකාරයේ කතාවක් ඇතුලත් එකක්. එය රසවිඳීම ඔබටම බාර කරමින් මම නවතින්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.

සිංහල උපසිරැසිය ලබාදී ඇත්තේ ප්‍රංශ භාෂා වීඩියෝ පිටපතට වන අතර, ඉංග්‍රීසි භාෂා පිටපතට එය නොගැලපේ. එම නිසා “French” ලෙස සඳහන් පිටපත් පමණක්ම ඩවුන්ලෝඩ් කරන්න, “Dubbed” ලෙස සඳහන්ව ඇති පිටපත් සියල්ලම ඉංග්‍රීසි භාෂාවෙන් හඬකැවූ පිටපත් වේ.

Idx_sub උපසිරැසි සමග නැරඹීමට උපදෙස්

1) ඔබ නරඹන්නේ පරිගණකයෙන්නම් මුලින්ම වීඩියෝ පිටපත ඔබ භාවිත කරන ප්ලේයරය හරහා ධාවනය කරන්න. ( Pot Player සහ MPC-HC Player වඩාත් ගැලපේ ) ඉන්පසු උපසිරැසි zip ගොණුව විවෘත කර එහි idx_sub ගොණුව තුල ඇති .idx හා .sub යන ෆයිල් දෙකම එකවර සිලෙක්ට් කර ප්ලේයරය මතට ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න.

2) එසේ නැත්නම් වීඩියෝව සහිත ෆෝල්ඩරයට උපසිරැසි ෆයිල් දෙක දමා වීඩියෝවත් උපසිරැසි ෆයිල් දෙකත් එකම නමින් නැවත නම් කරන්න. ඉන්පසු ප්ලේයරයෙන් වීඩියෝව ධාවනය කරන විට උපසිරැසි ස්වයංක්‍රීයවම ලෝඩ් වනු ඇත. ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන මගින් නරඹන අයද මෙම ක්‍රමය භාවිතා කරන්න. (MX Player වඩාත් ගැලපේ)

♦ උදාහරණ :
වීඩියෝ පිටපත – Palmer.2021. web.mkv
උපසිරැසි ෆයිල් දෙක – Palmer.2021. web.idx
Palmer.2021. web.sub

Download Links
DIR
TOR
Available Torrents
720p bluray 731.33 MB
1080p bluray 1.47 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (4)
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 88

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  • Supun Kaushalya Unregistered
    Android 9 Chrome 80

    තෑන්ක්ස් සහෝ

  • Supun Kaushalya Unregistered
    Android 9 Chrome 80

    බොහොම ස්තූතියි හසිත සබ් එකට :slight_smile:❤…
    ජය වේවා.!! :punch::punch::punch:

  • Madusha Unregistered
    Windows 10 Opera 73

    බොහොම ස්තූතියි සබ් එකට

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search