සහෝදරිය වෙනුවෙන් දිවි පරදුවට
Olga Kurylenko කිව්වම බටහිර චිත්‍රපටි බලන ඕන කෙනෙක් දන්න ජනප්‍රියම නමක්. අතිශය සාර්ථකත්වයට පත් සිනමා නිර්මාණ ගණනාවකට දායක වී දැනට ඉහළම තලයේ සිටින රංගන ශිල්පිනියක්. Hitman [2007], Quantum of Solace [2008], November Man [2014], Momentum [2015], Johnny English 3 [2018] සහ 2019 වසරේ තිරගතවූ Courier, ඇගේ ජනප්‍රියම චිත්‍රපට අතරින් කීපයක්. ඇගේ නවතම චිත්‍රපටය පසුගියදා, එනම් 2021 මාර්තු 05 වන දින Netflix වෙතින් හා පුරා කියා සිනමා ලොවට තිලිණ කලා. ඒ තමයි SENTINELLE. මේක Action, Drama, Thriller ගණයට වැටෙන ප්‍රංශ සිනමා නිර්මාණයක්. ඔල්ගාගෙ කලින් චිත්‍රපට වගේම එක හුස්මට බලන්න පුලුවන් ෆිලුමක්. ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියානු භාෂා තුනම මෙහි දකින්නට පුලුවන් මෙහි ධාවන කාලය විනාඩි 80 යි.
2019 වසරේ නොවැම්බර්, දෙසැම්බර් මාසයන්හී දින 35 ඇතුලත, බෙල්ජියමේ බ්‍රසල්ස්, ප්‍රංශයේ නීස් සහ මොරොක්කෝවේ කැසබැලන්කා වලදී රූපගත කිරීම් අවසන් කල නමුත් කෝවිඩ්-19 අවුල නිසා පසු නිෂ්පාදන කටයුතුවලට බාධා ඇතිවීම හේතුකොටගෙන ප්‍රදර්ශනය ප්‍රමාද වූ බවයි වාර්තා වෙන්නෙ. Olga Kurylenko ( ක්ලාරා ) සමග Marilyn Lima ( ටානියා ), Michel Nabokoff ( ලියෝනිඩ් කඩ්නිකොව් ) සහ Andrey Gorlenko ( ඉවාන් ) රංගනයෙන් දායක වෙනවා.
ක්ලාරා ප්‍රංශ හමුදාවේ කාන්තා සොල්දාදුවරියක්. සිරියාවේ ක්‍රියාන්විතයකදී ඇතිවන මානසික ආතතික ප්‍රශ්නයක් නිසා ඇයට තම නිවහන වන නීස් නගරයට මාරුවීමක් ලැබෙනවා. සෙන්ටිනල් කියන ත්‍රස්ත මර්දන ඒකකයට තමයි ඇයව අනුයුක්ත වන්නෙ. ඒත් ඇය ඒ මුර සංචාර වැඩේට එච්චර කැමැත්තක් නෑ. මොකද ඇය අති දක්ෂ හමුදා සාමාජිකාවක්. පුහුණුවේදී ඇගේ පංතියේ පළමුවෙනියා. භාෂා පහක් කතා කරනවා. ඔය අතරේ රාත්‍රි සමාජ ශාලාවකට යන ක්ලාරාගේ සහෝදරිය ටානියාව පසුවදා උදේ හම්බවෙන්නෙ බරපතල තුවාල සහිතව මුහුදු වෙරලේ ඉඳල. ඇය කොමා තත්වෙක ඉන්නෙ. ඇයව දූෂණයටත් ලක්වෙලා. මේකට වගකිව යුත්තා වෙන්නේ ප්‍රභූ පවුලක කෝටිපති පුතෙක්. ඔවුන් පුතාව හන්ගලා තියෙන්නෙ. මේ කේස් එක යට ගහන්න එයාලා දැඩි සත්කාරයේ ඉන්න ටානියාව මරන්නත් උත්සාහ කරනවා. පොලීසියටත් ඔවුන්ට විරුද්ධව කෙලින් තීරණයක් ගන්න බැහැ. තම සහෝදරිය වෙනුවෙන් ඔවුන් සමග සටන් කරන්නට තීරණය කරන ක්ලාරා ජීවිතයත් මරණයත් අතර යුද්ධයකට අවතීර්ණ වෙනවා. ජය වේවා.
SUB FORMAT – SRT & IDX
♣♣ WEBRip / 720p / 1080p ♣♣
ඔබටත් ඉඩක්…
ඔබත් උපසිරැසිකරණයේ යෙදීමට කැමතිනම් අප හා එකතුවන්න. විස්තර මෙතනින් බලාගන්න. එසේ නම් ඔබ Subz.lk වෙබ් අඩවියම තෝරාගත යුත්තේ ඇයි? මෙතනින් බලන්න. ලින්ක් වැඩ නොකරන්නේ නම් කමෙන්ට් කරන්න. වහාම යථාවත් කිරීමට අප සූදානම්.
තෑන්ක්ස් සහෝ
Thanx Thanx.
මම ෆිල්ම් එක අරගෙන හිටියේ ..එත් බලන්න බැරි වුනා ..තැන්ක්ස් රසික සබ් එකට …
Happy show time, Cheif. Thanx.
Thanks jayawewa…..!
oyaatath jayawewa.
ස්තූතියි. මේකට උපසිරැසියක් එනකම් හිටියෙ.
පොඩි නිවැරදි කිරීමක්: Johnny English-2 නෙවෙයි 3 එකේ මෙයා ඉන්නෙ.
owne. podi mistake ekak. thanx saho.
පැරණි ෆිල්ම් තව දෙනවා නේද?
Aniwaaren. site eka wenuwen aluth ewath karanna wenawaa.
sipiri film ekak thanx
thanx very much sister.