F9: The Fast Saga (2021) Sinhala Subtitle
සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. සති කිහිපයකට කලින් කරන්න බාරගත්ත උපසිරැසියක් තමා අද මේ විදිහට ගේන්නේ. රාජකාරි කටයුතු නිසා කාර්යබහුල වෙලයි හිටියේ. නිරෝධායන ඇඳිරි නීතියෙන් ලැබුණු දවස් කිහිපයක නිවාඩුව නිසා මේ විදිහට අද උපසිරැසිය ඔයාලට ගේන්න පුළුවන් වුණා. හරි එහෙනම්, අද අරන් ඇවිත් තියෙන්නේ හැමෝම වගේ එනකන් ආසාවෙන් බලාගෙන හිටපු Fast & Furious ෆිල්ම් සීරිස් එකේ 9වෙනි ෆිල්ම් එකේ උපසිරැසියයි.

2021 වර්ෂයේ මැයි මාසේ නිකුත් කරපු මේ ෆිල්ම් එක F9 : The Fast Saga යනුවෙන් තමා නම් කරලා තියෙන්නේ. Action, Adventure, Crime, Thriller යන වර්ගයන්ට අයත් මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා ජස්ටින් ලින්. පැය 2යි විනාඩි 23ක ධාවන කාලයකින් යුතු මේ ෆිල්ම් එක IMDb ශ්‍රේණි දර්ශකයේ 5.2ක අගයක් ලබාගෙන තියෙනවා. ඒවගේම ඇමරිකානු ඩොලර් මිලියන 681.9ක ආදායමක් ලබලා තියෙනවා කියලා වාර්තා වෙනවා වගේම ලොව දෙවන වැඩිම ආදායමක් ලබපු ෆිල්ම් එකද වෙනවා.
හරි එහෙනම්, කතාව ගැන මං කියන්න යන්නේ නෑ. ඔයාලම බලලා තීරණය කරන්නකෝ කොහොමද කියලා. ඒවගේම කියන්න ඕනේ Fast & Furious 10වෙනි ෆිල්ම් එක 2023 වර්ෂයේ අප්‍රියෙල් මාසේ නිකුත් කරන්න සූදානම් වෙනවා කියලා සඳහන් වෙනවා.
ඔබ සැමට බුදු සරණයි!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
බොහොම ස්තූතියි කමෙන්ට් එකට.
තෑන්ක්ස් සබ් එකට සහෝ
බොහොම ස්තූතියි කමෙන්ට් එකට.
Thanks….jayawewa….!
ස්තූතියි කමෙන්ට් එකට.
බොහොම ස්තුතියි සහෝ sub එකට.. :slight_smile:❤
ජයවේවා!
Thanks Bro:star_struck:
දිගටම කරගෙන යමු ..සහෝ