Abyss (2019) [S01 : E07] Sinhala Subtitle
7 වන කොටස
මෙච්චර කල් චා මින්ව හොඳම යාළුවෙක් විදිහට විතරක් දැකපු සෙ-යොන්ට, දැන් එයා ගැන ආදරයක් ඇති වෙන්න පටන් ගන්නවා. එයාට තේරෙනවා මින් හැම වෙලාවෙම එයාගේ ආරක්ෂකයා වගේ ළඟින් හිටියා කියලා.මින්ගේ කලින් පෙම්වතිය වෙච්ච හී-ජින් ලොකු රහසක් හෙළි කරනවා. ඇත්තටම එයා අර මිනීමරු ඕ යොං-චොල්ගේ දුව. එයා මින්ව දාලා ගියේ මින්ව තමන්ගේ තාත්තගෙන් බේරගන්න ඕන නිසා කියලා තමයි කියන්නේ.පොලිසිය ඕ යොං-චොල්ව අල්ලන්න ලොකු මෙහෙයුමක් කරනවා. ඒත් එයා දැන් වයසක කෙනෙක්ගේ පෙනුමෙන් ඉන්න නිසා කාටවත් සැකයක් නැතුව හැංගිලා ඉන්න එයාට ලේසි වෙලා තියෙනවා.ප්‍රොසිකියුටර් සෝ ජි-වූක් ගැන තියෙන සැකය තවත් වැඩි වෙනවා. එයා සෙ-යොන් (දැන් ඉන්න මී-ඩෝගේ පෙනුමෙන් ඉන්න කෙනා) කරන පරීක්ෂණ වලට බාධා කරන්න උත්සාහ කරනවා.
ඊලග කොටසින් හම්බ වෙමු