Abyss (2019) [S01 : E08] Sinhala Subtitle
සෙ-යොන් තමන්ගේ හිතේ මින් ගැන තියෙන ආදරය තවදුරටත් හංගන්න උත්සාහ කරන්නේ නැහැ. මේ කොටසෙදි මේ දෙන්නා අතර හරිම ආදරණීය “Kiss scene” එකක් බලාගන්න පුළුවන්. ඒකෙන් එයාලගේ සම්බන්ධය අලුත් මට්ටමකට යනවා.සෙ-යොන් සහ මින් එකතු වෙලා අර මිනීමරු ඕ යොං-චොල්ව කොටු කරගන්න උගුලක් අටවනවා. මේකෙදි ලොකු සටනක් සහ හඹා යාමක් සිද්ධ වෙනවා. අවසානයේ ඔහු පොලිසියට අහුවෙනවා, හැබැයි එතනින් ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ.ප්‍රොසිකියුටර් සෝ ජි-වූක් ඇත්තටම කවුද සහ ඔහුට ඕ යොං-චොල් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියලා මේ කොටසෙදි තව ටිකක් පැහැදිලි වෙනවා. ඔහු සාමාන්‍ය කෙනෙක් නෙවෙයි කියලා ප්‍රේක්ෂකයන්ට තේරුම් යනවා.හී-ජින් තමන්ගේ අම්මව හොයාගන්න උත්සාහ කරනවා. ඒ වගේම ඕ යොං-චොල් හිරේ හිටියත් එයා තවමත් හී-ජින්ට තර්ජනයක් වෙන්න උත්සාහ කරනවා.මේ කොටස අවසානයේදී අපිට දැනගන්න ලැබෙනවා අර Abyss බෝලයේ තවත් අලුත් නීතියක්. ඒ තමයි “බෝලය අයිති කෙනා මියගියොත්, ඒක ඊළඟට පණ ලැබුණු කෙනාට අයිති වෙනවා” කියන එක.