Abyss (2019) [S01 : E11] Sinhala Subtitle
11 වෙනි කොටස
සෙ-යොන් නැවත පණ ලැබුවත්, ලෝකයා හිතන්නේ ඇය මියගියා කියලා. ඒ නිසා ඇය තවදුරටත් “ගෝ සෙ-යොන්” විදිහට නෙවෙයි, “ලී මි-ඩෝ” විදිහට පෙනී ඉන්නවා. ඇය රහසින් මින්ගේ ගෙදර නැවතිලා සෝ ජි-වූක්ව කොටු කරන්න සාක්ෂි හොයනවා.මින් සහ සෙ-යොන් එකතු වෙලා සෝ ජි-වූක්ව මානසිකව වට්ටන්න සැලසුමක් ගහනවා. මියගිය සෙ-යොන්ගෙන් මැසේජ් එනවා වගේ පෙන්නලා ඔහුව බය කරනවා. මේකෙන් සෝ ජි-වූක් කලබල වෙලා වැරදි කරන්න පටන් ගන්නවා.මේ කොටසෙදි තමයි ලොකුම පෙරළිය වෙන්නේ. ඕ යොං-චොල් මියගිය නිසා (පසුව ඔහුට මින් පණ දුන්නත්), අබිස් බෝලය දැන් අයිති වෙන්නේ සෝ ජි-වූක්ට. මේක මින්ට ලොකු ප්‍රශ්නයක් වෙනවා, මොකද දැන් ඒ මැජික් බලය තියෙන්නේ හතුරා අතේ.