Cold Storage (2026) Sinhala Subtitle
ටිකක් අමුතු විදියේ පට්ටම සයන්ස් ෆික්ෂන් ෆිල්ම් එකක්. මේකේ කතාව ගලාගෙන යන්නේ අමුතුම විදියේ දිලීරයක් (fungus) වටේ.
කතාව පටන් ගන්නේ මීට අවුරුදු ගාණකට කලින්. අභ්‍යවකාශයෙන් වැටුණු අමුතු වයිරස් එකක් වගේ දිලීරයක් (mutated fungus) ගැන තමයි මේකේ තියෙන්නේ. මේක නිකම්ම දිලීරයක් නෙවෙයි, ඕනෑම ජීවියෙක්ව විනාශ කරලා, උන්ව පාලනය කරන්න පුළුවන් ජාතියේ මාරාන්තික එකක්.
1987දී විතර මේක ලෝකෙට ආපු වෙලාවේ, ඇමරිකානු හමුදාවේ රොබර්ටෝ කියලා ඩයල් එකක් මේක පාලනය කරලා, කාටවත් හොයාගන්න බැරි වෙන්න භූගතව (underground) තියෙන පරණ හමුදා ගබඩාවක සීල් කරලා දානවා.අවුරුදු ගාණකට පස්සේ, මේ ගබඩාවේ සිසිලන පද්ධතිය (cooling system) කැඩෙනවා. ඒ කියන්නේ මේක ඇතුළේ උෂ්ණත්වය වැඩි වෙන්න ගන්නවා. අර හිර කරලා තිබ්බ දිලීරයට ඕනෙත් රස්නය. ඒක ආයෙත් පණ ලබාගෙන හැදෙන්න ගන්නවා.ඒ වෙලාවේ ඔය ගබඩාව පැත්තේ වැඩට එනවා තරුණ කොල්ලෙක් සහ කෙල්ලෙක්. මුන් දෙන්නා දන්නේ නැහැ යට තියෙන්නේ ලෝකයම විනාශ කරන්න පුළුවන් “බෝම්බයක්” වගේ දෙයක් කියලා.මේ දිලීරය මිනිස්සුන්ගේ ඇඟවල් ඇතුළට ගියාම, උන්ව අමුතු සත්තු වගේ කරනවා. හරියට “සොම්බි” සීන් එකක් වගේ තමයි. අර පරණ රොබර්ටෝ (දැන් නාකි ඩයල් එකක්) සහ මේ අලුත් කොල්ලයි කෙල්ලයි එකතු වෙලා, මේක පොළොවෙන් උඩට ඇවිත් මුළු ලෝකෙම විනාශ කරන්න කලින් නවත්තන්න කරන ගේම තමයි කතාවේ තියෙන්නේ.