Jackpot! (2024) Sinhala Subtitle
කතාව දිවෙන්නේ 2030 වසරේ කැලිෆෝනියාවේ සිදුවන අමුතුම ආකාරයේ ලොතරැයියක් වටාය. මෙහි ඇති විශේෂත්වය නම්, දිනුම ලබන පුද්ගලයාව එම දිනේම සූර්යයා බැස යෑමට පෙර මරා දැමුවහොත්, එම ත්‍යාග මුදල මරා දමන පුද්ගලයාට නීත්‍යානුකූලව ලබා ගත හැකි වීමයි. නමුත් මෙම මරා ගැනීම සඳහා කිසිවෙකුටත් ගිනි අවි (Guns) භාවිතා කළ නොහැක.
කේටි කිම් (Awkwafina) නැමැති හිටපු ළමා රංගන ශිල්පිනියක් අහම්බෙන් මෙම ලොතරැයිය දිනා ගනී. ඇය මෙම ලොතරැයිය ගැන හෝ එහි ඇති භයානක නීතිය ගැන කිසිවක් නොදන්නා අතර, හදිසියේම ඇයව මරා දැමීමට නගරයේ සිටින සියලුම දෙනා උත්සාහ කරන විට ඇය විශාල අර්බුදයකට මුහුණ දෙයි.කේටිගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඇයව ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් වන්නේ “නෝයෙල් කැසඩි” (John Cena) නම් ලොතරැයි ආරක්ෂක නියෝජිතයෙකි. ඔහු ඇයට උදව් කරන්නේ දින අවසානයේදී ජයග්‍රාහී මුදලෙන් කොටසක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනි.මෙම ගමනේදී ඔවුන් දෙදෙනාට ලොකුම අභියෝගයක් එල්ල කරන්නේ නෝයෙල්ගේ ප්‍රතිවාදියා වන ලුවිස් ලුවිස් (Simu Liu) විසිනි. ඔහුද උත්සාහ කරන්නේ කේටිව මරා දමා එම මුදල තමා සතු කර ගැනීමටයි.
මුළු චිත්‍රපටය පුරාම සිදුවන්නේ කේටි සහ නෝයෙල් එකතු වී, සූර්යයා බැස යෑමට පෙර විවිධ පුද්ගලයන්ගෙන් බේරී කේටිගේ ජීවිතය රැකගන්නා ආකාරය පිළිබඳවයි. මෙය ක්‍රියාදාම සහ හාස්‍ය මුසු වූ (Action Comedy) චිත්‍රපටයකි.