Resident Playbook (2025–) [S01 : E01] Sinhala Subtitle
Elyse Dinh, John Choi, Lee Bong-ryun
Resident Playbook පළවෙනි කොටසෙන් පටන් ගන්නේ ප්‍රසව හා නාරිවේද (OB-GYN) අංශයේ වැඩ කරන තරුණ රෙසිඩන්ට් දොස්තරලා සෙට් එකකගේ ජීවිත වටායි. ප්‍රධානම චරිතය වෙන ඕ-යි-යොන්ග් කියන්නේ දක්ෂ, හැබැයි වැඩ ඉගෙනගන්න මුල් කාලේ නිසා සෑහෙන්න කටු කන දොස්තර කෙනෙක්.
කතාව පටන් ගන්නේ පවුලේ අය එක්ක කෑම කන මේසයකින්. යි-යොන්ග්ගේ සහෝදරයා සහ නෑනා (දො-වොන්) එක්ක වෙන මේ කතාබහෙන් පේනවා යි-යොන්ග් ඉන්නේ ලොකු ආර්ථික පීඩනයක කියලා. එයාට මිලියන 50ක ණයක් ගෙවන්න තියෙනවා. සහෝදරයා බණිනවා හිඟන්නෙක් වගේ සල්ලි නාස්ති කරන්නේ නැතුව සතේට සතේ ඉතිරි කරලා වැඩ කරන්න කියලා. යි-යොන්ග්ට මේ ලොකු හොස්පිට්ල් එකේ රස්සාව ලැබුණේ නෑනා (දො-වොන්) මාර්ගයෙන් කියලා කතාවක් යනවා. හැබැයි දො-වොන් කියන්නේ ඩිපාර්ට්මන්ට් එකේ ඇබෑර්තු තියෙනවා කිව්වා මිසක් එයාව ඇතුළත් කරන්න බලයක් පාවිච්චි කළේ නැහැ කියලායි. මේ අස්සේ හොස්පිට්ල් එකෙන් හදිසි කෝල් එකක් ඇවිත් දො-වොන්ට කෑම එකවත් හරියට කන්න ලැබෙන්නේ නැතුව දුවන්න වෙනවා.
හොස්පිට්ල් එකට ආවට පස්සේ වැඩ පටන් ගන්නවා. නිවාඩු ගිය යාළුවෙක් වෙනුවට තව දොස්තර කෙනෙක්ට ද්විත්ව වැඩ මුර කරන්න වෙලා. යි-යොන්ග්ට පැවරෙන්නේ ප්‍රොෆෙසර් සෝ ජුන්ග්-මින් (කට්ටිය එයාට කියන්නේ “යක්සණී” කියලා) යටතේ ඉන්න ලී යොන්ග්-සොන් කියන ගැබිණි මවව බලාගන්න. ප්‍රොෆෙසර් සූතිකාගාරයට (OR) යන්න කලින් යි-යොන්ග්ට තදින්ම අවවාද කරනවා මොනිටර්ස් දිහා හොඳින් ඇහැ ගහගෙන ඉන්න, බබාගේ හෘද ස්පන්දනය පොඩ්ඩක් හරි අඩු වුණොත් වහාම දැනුම් දෙන්න කියලා.
මෙතනදී හාස්‍යජනක වගේම සංකීර්ණ සිදුවීමක් වෙනවා. එක ගැබිණි මවක් වෛද්‍යවරයා එනකම් බලාගෙන ඉඳලා යි-යොන්ග්ව රහසින් කැඳවනවා. එයා කියන්නේ මේක එයාගේ පළවෙනි ප්‍රසූතිය නෙවෙයි, දෙවෙනි එක කියලායි. හැබැයි එයාගේ සැමියා හිතන් ඉන්නේ මේක පළවෙනි එක කියලා. ඒ විතරක් නෙවෙයි, එයා රහසින් කියනවා:
“ගිය පාර (පළවෙනි දරුවා ලැබෙද්දී) හිටපු කොල්ලා නෙවෙයි දැන් ඉන්න මහත්තයා!”
ඒ නිසා මේ රහස මහත්තයාට කියන්න එපා කියලා එයා යි-යොන්ග්ගෙන් බැගෑපත්ව ඉල්ලනවා. යි-යොන්ග්ත් වෛද්‍ය ආචාරධර්ම අනුව ඒක රහසක්ව තියාගන්න එකඟ වෙනවා. ඊට පස්සේ සැමියා කාමරයට ඇවිත් තමන්ගේ බිරිඳ ගැන මාරම බයෙන් සහ ආදරයෙන් ඉන්න හැටි පේනවා. සමහර අය ලේසියෙන් ළමයි හැදුවට තමන්ගේ බිරිඳ මාරම බයකින් ඉන්නේ කියලා එයා කියනවා. යි-යොන්ග් පරික්ෂා කරලා බලලා කියන්නේ තවම ගැබ්ගෙල ඇරෙන්න පටන් අරන් නැහැ, ඒ නිසා බය වෙන්න එපා කියලායි.
පළවෙනි කොටසෙන් පෙන්නුම් කරන්නේ වෛද්‍යවරුන්ගේ පෞද්ගලික ජීවිතයේ තියෙන ප්‍රශ්න, ආර්ථික පීඩනයන් සහ හොස්පිට්ල් එක ඇතුළේ විනාඩියෙන් විනාඩියට වෙනස් වෙන රෝගීන්ගේ සංකීර්ණ තත්වයන් එක්ක ඔවුන් කොච්චර මානසිකව සහ කායිකව වෙහෙසෙනවාද යන්නයි.