Minions & Monsters (2026) Sinhala Subtitle
පිටසක්වල පිස්සුව
කතාව පටන්ගන්නේ ජේම්ස්, හෙන්රි සහ එඩ් කියන මිනියන්ස්ලා තුන්දෙනාට තමන්ගේම කියලා පට්ට යකක්ෂ ෆිල්ම් එකක් (Monster Movie) හදන්න ලොකු ආසාවක් එන තැනින්. මෙයාලගේ හොඳ හිතවතෙක් වෙන මැක්ස් (Max) තමන්ගේ තාත්තාගෙන් හම්බවුණු වටිනා පරණ කැමරාවකුත් මෙයාලට තෑගි දෙනවා. හැබැයි ෆිල්ම් එකක් හදන්න කැමරාවක් තිබ්බට, එකේ රඟපාන්න ඇත්තම යක්ෂයෙක් (Kaiju) නැති එක මෙයාලට ලොකු ප්‍රශ්නයක් වෙනවා.
ඔහොම ඉද්දි මෙයාලට අහම්බෙන් හම්බවෙනවා පරණ පොතක හිරවෙලා හිටපු ගූමි (Goomi) කියන අමුතු යක්ෂයාව. ජේම්ස්ලා එකතුවෙලා ගූමිව නිදහස් කළාට පස්සේ, ගූමි ගොඩක් සතුටු වෙලා මෙයාලට පොරොන්දු වෙනවා ෆිල්ම් එකට හරියන පට්ටම බය හිතෙන යක්ෂයෝ ටිකක් හොයලා දෙන්නම් කියලා. ඒ විදිහට මෙයාලා යක්ෂයෝ හොයාගෙන අලුත් වික්‍රමයකට පිටත් වෙනවා.
අනිත් පැත්තෙන්, ඩික් (Dick) ඇතුළු අනිත් මිනියන්ස්ලා ටික සේවය කරන්න ලෝකේ ඉන්න නපුරුම බොස් කෙනෙක්ව හොයාගෙන යද්දි එයාලට හම්බවෙනවා ඩෝට් (Dort) කියන පිටසක්වල එකාව. ඩෝට් හිතන් ඉන්නේ එයා මුළු පෘථිවියම අල්ලගෙන මිනිස්සුන්ව වහල්ලු කරන්න ආපු ලොකු අණදෙන නිලධාරියෙක් කියලා. හැබැයි ඇත්තටම එයා ඉන්නේ ෆ්ලොයිඩ් (Floyd) කියන කොල්ලගේ කුලී කාමරයේ, එයාගේ රූම්මේට් විදිහට. ඩෝට් තමන්ගේ කාමරය මහා බිහිසුණු පිටසක්වල යානයක් කියලා මිනියන්ස්ලට පෙන්නන්න හැදුවට, එහා ගෙදර ඉන්න ඇන්ටි දෙන මෆින්ස් කන්නයි, සද්ද කළාම ෆ්ලොයිඩ්ගෙන් බැනුම් අහන්නයි එයාට සිද්ධ වෙනවා.
අන්තිමේදී, ඩෝට් තමන්ගේ ශ්‍රේෂ්ඨ නායකයාගෙන් අණ ලැබුණා කියලා පෘථිවිය ආක්‍රමණය කරන්න මිනියන්ස්ලත් එක්ක ලෑස්ති වෙද්දි, ජේම්ස්ලා ගූමි එක්ක එකතු වෙලා එයාලගේ යක්ෂ ෆිල්ම් එක කැමරා කරන්න දඟලනවා. ජේම්ස්ගේ කලාත්මක ෆිල්ම් පිස්සුවයි, ඩෝට්ගේ බොරු ලෝක ආක්‍රමණ ප්ලෑන් එකයි එකට පැටලිලා, මිනියන්ස්ලාගේ හිතාගන්න බැරි පිස්සු ආතල් සහ විනෝදජනක සිදුවීම් ගොඩක් එක්ක මුළු කතාවම ගලාගෙන යනවා.